දරුවන් වදන නොදරුවන්...
යුන්සෙෆ් ආයතනය විසින් 2015 අග භාගයෙදී නිතුත් කළ වාර්තාවට අනුව වයස 12ත් 17 අතර වයසේ ගැහැණු දරුවන්ගෙන් 20,780 වඩා වැඩි ප‍්‍රමාණයක් විවාහපත් වී හෝ නැතිවහෝ අඹු සැමි සබඳතා පවත්වා ඇත් බව වාර්තා කරනවා. එම වසරේම ශ‍්‍රි ලංකා පවුල් සෞඛ්‍ය කාර්යංශය නිකුත් කළ දත්ත අනුව ලියාපඳිංචි ගැබිණියන් අතර සියයට 5.3 බාල වයස්කාර ගැහැණු ළමුන් සිටින බව ප‍්‍රකාෂ කෙරුණා.
රටක අනාගතය කුඩා දරුවන්ය. දරුවන් රටට වැඩදායී පුද්ගලයන් කිරීම දෙමාපියන්ගේ වගකීමයි.නමුත් අනාගත වැඩිහිටියන් වන වත්මන් ලාංකීය ළමා ප‍්‍රජාව මුහුණදෙන තත්වයන් සමාජීය කාරණා රාෂියකින් පරිපීඩිතව සිටින බව පෙනෙන්නට ඇති සත්‍යයක්. මේ තුළින් දරුවාගේ මව වන කාන්තාවද දැඩි දෙස සමජය තුළත් පවුල තුළත් පීඩාවකින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. අරටුවක් සහිත සමාජයක් ගොඩනැංවීමටනම් ළමුන්ට මෙන්ම කාන්තාවටත් සුරක්ෂිත පරිසරයක් මේ පරිසරය තුළ ස්ථාපිත විය යුතුයි. මෙරට කාන්තාවගේ හා ළමුන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා මේ වන විටත් රාජ්‍ය, රාජ්‍ය නොවන මෙන් ම අන්තර්ජාතික ආයතන ද එක් ව කටයුතු කරන බවක් දකින්නට ඇති මුත් අප බලාපොරොත්තු වන සාර්ථකත්වය මේ තුළ ගැබ්ව පවතිනවාද යන්න ගැටළුවක්.
ශ‍්‍රි ලංකාවේ විවහා වීමේ වයස අවුරුදු 18 ක් වන අතර වයස 13ත් 18 අතර බාලවයස් ගැහැණු දරුවන් දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව එක්ව වාසය කිරීම නිසා ගැබ් ගැනිමේ වැඩිවීමේ ප‍්‍රවණතාවයක් පසුගිය වකවානුව වර්ධනය වෙමින් පැමිණ තිබෙනවා ලිංගික අධ්‍යාපණය නිසි පරිදි නොලැබීමත් සෞඛ්‍යය මට්ටමින් ළමා ගැබ් ගැනීම් වල ආදීනව නොදැනීම නිසාත් මේ තත්වය තව තවත් උග‍්‍ර වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ග‍්‍රාමීය පරිසරයන්හී හා වතු ආශ‍්‍රිතව මේ තත්වය ප‍්‍රකටව දකින්න පුුවන්.
නිලූෂා මධුෂානි මේ වන විට විසි දෙහැවිරිදි වියේ පසුවන සුන්දර තරුණියක් ඇය අපට හමුවන්නේ පොලොන්නරු පුරවරයේ මැදිරිගිරිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිවුලන්කඩවල ග‍්‍රාමයේදීයි ඇගේ කතාව අප උක්ත සඳහන් කළ කරුණ සනාථ තරන හොඳ උදාහරණයක්. සහෝදරියන් දෙදෙනෙක් ගෙන් යුත් පියා හැරදමා ගිය පවුලක බාලයා විය. සිය පියා තම මව අතහැර දමා ගොස් ඇති නිසා නොයෙකුත් පීඩාවන් මධ්‍යයේ ඇය හැදී වැඩුණා. ඒ නිසාම ඇයට ඇයගේ ළමාවිය ඉතාම නීරස අත්දැකිම් එක්කාසු කළා. දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇයගේ මව විදේශව සිටි අතර ඇයගේ වගකීම් වැඩිමල් අක්කාට භාරවිය. දාසය වන වියේ පසුවූ ඇයට ඇතිවූ අසනීප තත්වයක් නිසා සාමන්‍ය පෙළ විභාගය කීරිමට නොහැකි විය. නැවත ලංකාවට පැමිණි මධුෂානිගේ මවට නිසි ආදායමක් නොමැති කමින් නැවතත් විදේශ ගතවන්නට අවශ්‍යතාවය මතුවුනි. ඒ අනුව තම නිවසේ ඇය තනිකර දමා යන්නට අකමැති වුන මව දාහත්වන වියේ පසුවූ ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවාය. මධුෂානිට විවාහයක අවශ්‍යතාවයක් නොතිබුනද සිය මවට පිටුපා කල හැකි වෙන යමක් නොතිබුන නිසා එම යෝජනාවට එකගවන් නට සිදුවිය. විවාහයෙන් තෙමසකට පසුව ඇය ගැබිණියක් වූ අතර නිසි රැකියාවක් පවා නොතිබුණූ ඇගේ සැමියාට මෙය සතුටු දායක ආරංචියක් නොවිණ දරුගැබ විනාශකරන ලෙස ඔහු රණ්ඩු කළා. සියලූ පීඩාවන් මැද ඇය දරුවා බිහිකලත් ඇයව කුමන හෝ වරදක පටලවන්නට නැන්දනියද මාන බලමින් සිටි අතර ඒ අනුව අසල්වැසි නිවසක පුද්ගලයකු සමග ඇයගේ සම්බන්ධතාවයක් තිබෙන බව පවසමින් පොලිස් පොතේ පැමිනිල්ලක් සටහන් කරමින් ඇය සහ දරුවා නිවසින් පිටමං කර දැමුවාය.
නිලූෂා මධුෂානි ගේ කතාව අපට කියන්නේ අප ඉහත සඳහන් කළ බාලවයස්කාර ළමුන් ගැබිනියන් කිරීමට බලපෑ විෂම හේතු සහිත සමාජීය පසුබිමයි. එමෙන්ම මෙවැනි ගැබ් ගැනීම් නිසා බාල වයස්කාර දැරිවියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය පිරිහිමට ලක්වන බව පර්යේෂණ මගින් ඔප්පුවි තිබෙනවා. මන්දපෝෂණය, සමජීය අවබෝධය නොමැති වීම වැනි කරුණු නිසා මාකසික පීඩා ඇතිවීම, සිය දිවිනසා ගැනීම, දරුවන් ප‍්‍රසූතියේ දී මියයාම වැනි විවිධ සෞඛ්‍යමය ගැටළු ඇති කරයි ඒ තුළින් මවගේ මෙන්ම දරුවාගේ ජිවිත අවධානමකට ද ලක් වේ. නිලූෂාගේ ගැටළුවට ප‍්‍රධාන හේතුදෙකක් තිබුණාත එක්ක් පියා හැරදා යෑම දෙක මව විදසේ ගතවීම මේ ගැටළු දෙකේම අවසන් ප‍්‍රතිඵලය ඇය බාල වයස්කාර ගැබිණියක් වීම හා බාල වයසින්ම ඇයට පවුලත් අහිමි වීමයි. මෙය දම්වැලක් ලෙස ඇයගේ පූතාටත් සම්රෂණය වන ගැටලූවක් මේ විෂම චක‍්‍රය බිඳ දැමිමට නම් සමාජිය කථිකාව හා බලධාරීන්ගේ මැදිහත් වීස අත්‍යවශ්‍යයි.
බාල වයස්කාර මවුවරු ඇති වීම වළක්වාලීම වෙනුවෙන් ජාතික කථිකාවක අවශ්‍යතාවය වෙනදාට වඩා දැන් දැනෙන්ට පටන්ගෙන තිබෙනවා. වැඩිහිටි සමාජය ළමුන් ගැන ඇති ආකල්ප සංවර්ධනය කර නොගතහොත් පොලිසි, උසාවි, රෝහල්වල සංඛ්‍යාදත්ත තව තවත් ඉහළ යාවි.මෙවැනි තත්වයන් වලදි සමාජිය වශයේන් අපටත් වගකීමක් ඇත. බාලවයස්කාර මව්වරුන්, ළමා අපදාර හිංසන පිළිබඳ ඔබදන්න තොරතුරු ළඟ ඇති පොලිසියට හෝ පැය 24 පුරා ක‍්‍රියාත්මක ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හඳුන්වා දී ඇති උපකාරක සේවාව වන (1929* අමතා දැනුම්දිය හැකිය. දැනුම් දෙන්නාගේ අනන්‍යතාවය මෙහිදී සුරක්ෂිත කර ඇත.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තමන්කඩුව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හතරේ ඇළ ග‍්‍රාමයේ පදිංචි ගිම්හානි අනුපමාගේ කතාවත් මේයටම දෙවැනි වන්නේ නෑ. ඇය ගේ කතාව පටන් ගන්නේ පාසැල් වියේදි ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක්. අවුරුදු 16,17,18 කියන්නෙ පාසල් යන වයස. පාසල් යන කාලයේ ළමුන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වීම සුලභ සිද්ධියක්. එය මෑත ඇති වුණ ප‍්‍රවණතාවයක් නෙවෙයි. එය අතීතයේත් වර්තමානයෙත් අනාගතයේදීත් සිදුවන්නක්. ලිංගිකත්වය කියන්නෙ ඉතා ස්වාභාවික අවශ්‍යතාවක්. එය පුද්ගලයකු වැඩිහිටියෙක් බවට පත් වෙද්දී ශරීරයේ හෝමෝන ක‍්‍රියාකාරීත්වය අනුව සිදුවන්නක්. නමුත් ඒවා පිළිබඳ නෙදැනුවත්කම නිසා ළමා ජීවිත අසරණ වෙනවා.
“මගේ ප්‍රේම සම්බන්ධය ගැන පවුලේ අය දැනගෙන හිටියත් මම ඒ දවස් වල හිටියේ අඩු වයසක මිතුරෙතුගේ ගෙදරට ගිය අපිදෙන්නට තනියෙන් කාලය ගතකරන්න අවස්ථාව හමුබවුණා එතනින් පස්සේ මගේ ජිවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ”
ආදරයට ප්‍රේමයට තහංචි දාන්න බැරි වුණත්, ලිංගිකත්වය යන කාරණය පදනම් කරගෙන ළමා කාලයේ දී විනාශ වන ළමා ජීවිත ගැන තීරණයක් ගැනීමේ වගකීම සමාජයට තියෙනවා. ඒක ආරම්භ කරන්න ඕන පවුලෙන්. අපේ අධ්‍යාපන ක‍්‍රමය තුළ ලිංගිකත්වය හා ප‍්‍රජනන සෞඛ්‍ය ගැන තියෙන්නේ අඩු අවධානයක්. මේ අභියෝගය ජයගන්න ඒක ලොකු බාදාවක්. ඒ නිසා ළමයි ලිංගික අධ්‍යාපනය ලබන්න වෙන ක‍්‍රම හොයා ගන්නවා ඒක‍්‍රම කෙළවර වන්නේ මේවැනි අභාග්‍ය සම්පන්න සිදුවවීම් වළින්. ලිංගික අධ්‍යාපනය අඩු සමාජයක ලිංගික සම්බන්ධතාවක් ඇති කර ගන්නා පාසල් යන දරුවෙක් උපත් පාලනය ගැන ගැබ් ගැනීම ගැන බරපතළ ලෙස කල්පනා කරන්නෙ නෑ.
නමුත් බටහිර රටව මේතත්වය වෙනස් බටහිර රටවල සංස්කෘතිය ඇතුළෙ ළමා වයසෙදීම ළමයින් මවුපියන්ගෙන් ඈත් වෙනවා. ඔවුන් තනියෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. නමුත් ඔවුන්ට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඔවුන් ගැබ්ගත්තත් ඔවුන්ව රැුකබලාගන්න සමජ ආරක්ෂණ ක‍්‍රමවේද තියෙනවා. ගැබිණියක් වුවත් පාසැල් ගොස් අධ්‍යාපණය ලැබිමේ අයිතිය සුරක්ෂිත කර තිබෙනවා. නමුත් ඒත් ලංකාව වැනි ආසියානු රටවල් එහෙම හිතන්න තව දශක ගණනාවක් ගතවේවි.
iVoice Idea Competition
iVoice is an online platform that encourages youth to discuss social issues and to drive innovative solutions. The platform features stories relating to social issues in Sri Lanka, which are submitted by iVoice contributors and the general public.
The objective of the iVoice Idea Competition is to encourage youth to play a participatory role in solving social issues. After reading a story featured on iVoice, youth can submit their ‘idea’ to help to address the social issue that is highlighted in the story. The ten best ideas will receive seed capital of Rs. 100,000/- each, and mentoring, to support in implementing their ideas.
The majority of articles featured on iVoice relate to a social issue. These stories have a ‘Submit Your Idea’ button at the end of the article, inviting youth to share their innovative ideas on how to address these social issues.
Submitted ideas must be innovative and unique. The ideas must also be practical and implementable by 31 December 2017.
The deadline for submitting an idea is 3 September 2017.
To submit an idea, the following details must be provided through the online form:
Note: Participants can submit any number of ideas; however, only one idea per article is permitted.
Ideas will be evaluated through a competitive process.
03 Sept 2017: Closing of submissions at 23:59 on 3 September 2017
06 Sept 2017: Shortlisting of 20 ideas
13 Sept 2017: Shortlisted applicants to present their ideas in further detail to the judging panel
21 Sept 2017: The ten winning ideas will be announced at the Award Ceremony at which Rs. 100,000/- seed capital will be granted to each of the winning applicants
Evaluation criteria includes creativity of the proposed idea to address the given social issue, and feasibility of implementation within the stipulated budget and timeframe.
The number of votes received per idea will not be a deciding factor.
The judging panel’s decision will be final.

I agree to the following:
- My story is my own work and does not contain plagiarized material or violate any copyright infringements
- My work is subjected to an editorial committee review that may add, remove, or amend my story, if necessary, to enhance its value
- The editorial committee has the right to decide whether or not my story is published
- My story can be shared or reposted on any other platform that iVoice has partnered or affiliated with at any given instance. However, my identity will be protected
- By agreeing to ‘Allow Ideas submission from iVoice community’, I allow anyone to submit an Idea or solution to my story
- Ideas submitted under my story belong solely to the individual submitting the idea and I will not be held accountable to its content.
- I have carefully read and understood the iVoice Guidelines