තහනම් පිරමීඩ යළි කරලියට ...

by chathurangiayesha88@gmail.com
04-Dec-2017

තහනම් පිරමීඩ යළි කරලියට ...

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන විවිධ මුදල් ව්‍යාපාර හා සම්බන්ධව අපි කොතෙකුත් අසා ඇත. ව්‍යාජ ලෙස පවත්වා යන පිරමීඩ ව්‍යාපාර හා සම්බන්ධයෙන්ද කාලෙන් කාලෙට මිනිසුන් අතර සහ රටේ ජන මාධ්‍යයන් ඔස්සේ තොරතුරු විකාශනය වෙයි.

මෙවැනි වටපිටාවක විශේෂයෙන් පිරමීඩ ව්‍යාපාර ක‍්‍රමවේදයන් හරහා ජනතාව මුලා කරන ව්‍යාජ මුදල් ගනු දෙනු හා බැඳුණු ව්‍යාපාර ආයතන ගණනාවක් ලංකාව තුළ පවත්වාගෙන යනවා. විවිධ වෙළඳ නියෝජිත නාමයන් ඔස්සේ ලංකාවේ නීතිමය වශයෙන් ලියාපදිංචිය සනාථ කර ඇතැයි ප‍්‍රසිද්ධ කරන මෙවැනි ආයතන පසුපස ඇති ව්‍යාජත්වය සහ ජනතාව මුලා කරන ඇතැම් ප‍්‍රයෝග පිළිබඳව අවබෝධ කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් වී හමාරය.  

මෙම ව්‍යාජ ආයතන කිසිවක් ලංකාවේ මූල්‍යමය ගනුදෙනු හා සම්බන්ධව රජයේ නීතිගත කරන ලද ආයතනයක් ලෙසින් ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ අනුමැතිය ලත් ආයතන නොවන බව පසක් කර ගන්නට සමත් වූයේ ඔවුන් සමඟ සාකච්ඡාකරන ලද කාරණා මතය. විශේෂයෙන් ජනතාව මුලා කරන මෙවැනි ව්‍යාජ ව්‍යාපාර මෙහෙයවන සියලූ පුද්ගයින් ඉතා සූක්ෂම අයුරින් සමාජයේ ප‍්‍රශ්න රුසක් කිරිමට සමත් වන බව පර්යේෂණ වාර්තා අනුවද  සොයාගෙන ඇත.

මෙම ව්‍යාපාර මෙහෙයවන දැවැන්තයින් ලෙස මිනිසුන් ඉදිරිපිට පෙනී සිටින බොහෝ පුද්ගල චරිත පවසන්නේ ඔවුන් බොහොමයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔස්සේ සමාජයේ ඉහළ රැකියාවන්හි නියැළෙන සහ එම රැකියාවන්ගෙන් ඉවත්ව මෙවැනි ව්‍යාපාර හා සම්බන්ධ වූ වග සහ එනිසාවෙන් අද වන විට විශාල මුදලක් උපයන බවයි.  ඔවුන්ගේ වැඩමුලූ හරහා මිනිසුන්ගේ මනසට එක්කරන මෙවැනි අවිචාරවත් අදහස හා විශේෂයෙන් විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධ කරගැනීම ඔස්සේ ඔවුන් තුළ වගා ගත කරන ඇතැම් අදහස් ලංකාවේ දහසකුත් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ මනසට විෂ එක්කරන්නට සමත් වී ඇත.

අධ්‍යාපනය අතරමඟ කඩා දමමින් සහ සිය පවුල් සංස්ථාව තුළ මුහුණ දෙන ආර්ථිකමය ගැටලූ හමුවේ කෙටි කාලයක් තුළ ධනපතියෙකු වීමේ බොළඳ සිහිනයන් පසුපස හඹා යන තරුණ තරුණියන් දහස් ගණනක් මේ වන විටත් මෙම වංචාකාරයින්ගේ රැුහැනට හසු වී හමාරය

විශේෂයෙන් වැඩි පොලී සහිතව ණය ලබා ගැනීම් භාණ්ඩ උකස් කිරීම් හා සම්බන්ධව පැන නැගී ඇති ආරවුල් හේතුවෙන් මේ වන විටත් ලංකාවේ පවුල් සංස්ථා දෙදරා ගිය අවස්ථාවන් රැසක් වාර්තා වී ඇත. හුදෙක් ව්‍යාජ ව්‍යාපාරකයින්ගේ සූක්ෂම ගනුදෙනු නිසා පාඩු ලබන දහසකුත් අසරණ වැසියන් සැබෑ නොවන සුරංගනා සිහිනයක් මැද අතරමං කොට ඇති අපූරුව වරක් නොව දෙවරක් තුන්වරක් වුව බුද්ධියෙන් සිතා බැලීමට කාලය පැමිණ ඇත.

2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ  පනත යටතේ නීතිවිරෝධි මෙවැනි ව්‍යාජ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ව්‍යාපාර මෙහෙයවන සහ අනුබල දෙන සියල්ලන් වරදකරුවන් ලෙස පැහැදිලිව දක්වා ඇත.

මතු පිටින් බැලූ බැල්මට කිසිවෙකුටත් මේවායේ ඇති ව්‍යාජත්වයක් හෝ මිනිසුන් මුලාකිරීමක් නොපෙනෙයි. විදේශීය රටවල විවිධ වෙළඳ නිෂ්පාදන මෙරට මිනිසුන් අතර වැඩි මුදලකට අලෙවි කිරීම විවිධ ඖෂධ වර්ග මිනිසුන් අතර බෙදා හැරීම වැනි කූට ක‍්‍රියාකලාපය දහසකුත් ශ‍්‍රී ලාංකික අපගේ හෙට දවසට එල්ල කරන දැවැන්ත අබියෝගයකි. මේ සියල්ල පසු පස ඔබව ඩැහැගැනීමට බලාසිටින තවත් වෙළඳ නියෝජිතයෙකුගෙන් ඔබව බේරාගැනීම වෙනුවෙන් ලියන ලද ලිපියකි.

ලංකාවේ දැනට මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වන පිරමීඩ ව්‍යාපාර මෙහෙයවන මිනිසුන් ඔබ ලඟට පැමිණෙන්නේ අපූර්ව වූ සිහින ලෝකයක් මවා පෙන්වමිනි. කෙසේ වෙතත් අවසානයේ  පත්වන අපහසුතාවය පිළිබඳ ඔවුන් දක්වන ලද සිය අදහස් කිහිපියක් පහතින් දක්වා ඇත.

”මමත් මේකට ගියා. හතලිස් දාහක් දීලා බෆල් එකක් ගත්තේ. හතලිස් දාහට හරියන්න එක්ත් හම්බුණේ ගොඩක් කල් ගිහින් . අපිම වියදම් කරගෙන ගිහින් ගෙනාවා. එයාලා ගෙනත් දුක්නෙවත් නෑ. සතියක්වත් පාවිච්චි කළේ නෑ. වැඩ කරන්නනේ නැතුව ගියා. එත් දැන් කථා කරල කිව්වම කියනවා දැන් අපිට කරන්න දෙයක් නෑ කියලා. අපි දන්නවනම් කසිම කෙනෙකුට බැදෙන්න දෙන්නෙ නෑ. අපරාදේ සල්ල ඒ සල්ලි මගේ දරුවගේ පොතේ තිබ්බනම් වටිනවා. මමත් අහුවුණා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.”  (දීපිකා කුමාරි)

”මාස දෙකක් විතර යන කොට ලක්ෂ දෙකක් විතර හොයාගන්න පුලූවන් කියලයි එයාල මට කිව්වේ. විවිධ භාණ්ඩ පුටු සෙටි දඹදිව චාරිකා ඒවා තිබුණා. මම ඒකට බැඳිලා මන් කෝල් ගත්තා එයාලට. නම්බර්ස් වැඩ කළෙත් නෑ ඊට පස්සේ.” ( ඩබ් ඒ මාලිනී)

 

 

 

Views:
1117