ජංගම දුරකතන ජනමාධ්‍යකරණය (MoJo)
ඔබේ අතේ රැුඳි ජංගම දුරකථනය තවදුරටත් එහි මූලික කාර්යයෙන් අත්මිදී වෙනස් ස්වරප ආරූඩ කරගනිමින් සිටී. තවකෙක් තනිව ඇමතීම වෙනුවට ඇන්රොයිඞ් තාක්‍ෂණයේ ඇති ඇටවුම් (ඇප්) හරහා ජාල ගතවීම එහි හැරවුම් ලක්ෂය වුණා. ඒ හරහා පැමිණි සමාජ ජාලා වල බලපෑම ආසියානු සමාජය ඉතා හදිසියෙන් වැලඳගත්තා. එය දැන් ජාල ගතවීමෙන්ද නොනැවති ආසියානු කලාපයේ රට වල ආණ්ඩු මාරුකරන ජන මතය ගොඩනගන, ආණ්ඩු කරවන පාලකයන් පාලනය කරන පාලිතයන්ගේ, හඬ ප‍්‍රකාශන මාධ්‍යය බවට පත්වී තිබෙනවා.
මෙසේ සමාජය තුළ ජනමතය ගොඩ නගන ප‍්‍රභල මෙවලමක් ලෙස ජංගම දුරකථනයට මේ තත්වය හිමිවන්නේ මූලික වශයෙන් එය දැනට සමාජය තුළ භාවිත වන ප‍්‍රතිශතය මතයි.
2019 වසරේ ජනවාරි මාසයේ අන්තර්ජාලය තුළ සක‍්‍රීය සමාජ ජාල භාවිත කරන්නන්ගේ දත්ත අනුව ලාංකික ජනගහනයෙන් මිලියන 6.2ක් සමාජ මාධ්‍ය තුළ සක‍්‍රීයව සිටිනවා. එය සමස්ත ජනගහනයෙන් සියයට 30ක් නියෝජනය කරනවා. මේ සමාජ මාධ්‍ය තුළ සක‍්‍රීය ලාංකිකයන් අතරින් සියයට 27ක් එනම් මිලියන 5.7ක් සිය ජංගම දුරකථනය භාවිතයෙන් සමාජ ජාලාවලට පිවිසෙන්නන්.
මූලාශ‍්‍රය- https://datareportal.com/reports/digital-2019-sri-lanka?rq=sri%20lanka%20
මෙම නව ප‍්‍රවණතාවය හේතුවෙන් ලාංකීය සමාජය තුළ සාම්ප‍්‍රදායික මාධ්‍යට තිබු අවධානය සහ බර කෙමින් අඩුවී යමින් තිබෙන වකවානුවකයි අපමේ ජීවත්වන්නේ මෙවන් තත්වයක් තුළ ජංගම දුරකථන ජනමාධ්‍යකරණය (MoJo) ලොව පුරා තිබෙන ජනමාධ්‍ය ආයතන තම නිශ්පාදන කටයුතු වලට උපයුක්ත කරගන්නා මෙවලමක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් බීබීසී (BBC), අල් ජසීරා (Al Jazeera), වැනි ප‍්‍රධාන ධාරාවේ පුවත් සම්පාදක ජනමාධ්‍ය ආයතන මෙන්ම ඉංදියාවේ ක‍්‍රියාත්මක එන්ඞීටීවි (NDTV) මේ ප‍්‍රවණතාවයට හොඳින් අනුගතවෙමින් තම වාර්තාකරුවන් එකී සංක‍්‍රාන්තියට සූදානම් කරමින් සිටීනවා. එමෙන්ම වාර්තාකරණයේදී මාධ්‍ය වේදියාට ඉතා පහසු වීමත්, සමාජ ජාලාවලට මුදා හැරීමේදී දක්වන පහසුව නිසා ස්මාර්ට් ජංගම දුරකතන ජනමාධ්‍යකරණය ආසියාව තුළත් සීග‍්‍රයෙන් ජනප‍්‍රිය වෙමින් තිබෙනවා.
ආසියාව පුරා තැන තැන විසිරී තනි තනිව වාර්තාකරණයේ නියැලූනු වෘත්තිකයන්ට තම අනන්‍යතාවය ගොඩනගා ගැනීමටත් අදහස් හුවමාරුව හා ස්මාර්ට් දුරකථන ජනමාධ්‍යවේදයේ නව ප‍්‍රවණතා, තාක්ෂණය ඒකරාශී කරමින් Konrad Adenauer Stiftung ආයනතය #Mojoasia2019 සමුළුව තායිලන්තයේ පැවැත්වීමට මූලිකත්වය හා නායකත්වය ලබාදුන්නා. රටවල් 31ක් නියෝජනය කරමින් ස්මාට් දුරකථන වාර්තාකරණයේ හා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත වෘත්තිකයන් 256ක් පමණ ප‍්‍රථම #Mojoasia2019 සමුළුවට සහභාගී වී සිටියා. ඒ අතර ආසියානු රටවල් 19ක් නියෝජනය කරන ස්මාට් ජංගම දුරකථන ජනමාධ්‍යවේදයේ නියැලෙන වෘත්තීකයන් ද සහභාගී වීම සුවිශේෂ වුණා.
මෙම සමුළුව ආසියානු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් එකිනෙකා හමුවීමටත් ඔවුන්ගේ පුවත්පත් කලාවට අදාළ සහ ප‍්‍රවෘත්ති කාමරවලට ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නේ කෙසේද යන අත්දැකීම් හුවමාරු කර ගනීමට අවස්ථාව සලසා දුන්නා. වීඩියෝ වාර්තාකරණය සහ නිෂ්පාදනය, ඡුායාරූපකරණය, පෝඞ් කාස්ටිං, රූපවාහිනී වැඩසටහන් නිශ්පාදනය සහ තවත් බොහෝ දේ පිළිබඳ සාකච්ඡුා, වැඩමුළු සහ මාස්ටර් ක්ලාස් සඳහා කලාපය පුරා සිටින විශේෂඥයින් තායිලන්තයේ බැංකොක් නගරයට පැමිණ සිටියා.
සාම්ප‍්‍රදායික මාධ්‍ය යුගයේ සිට ඩිජිටල් පරිවර්තනයන් යුග කිහිපයක් පසු කරමින් පැමිණ වත්මනේ ස්මාට් ජංගම දුරකතන ජනමාධ්‍ය වේදියකු ලෙස කටයුතු කරන තායි මාධ්‍ය ක්ෂේත‍්‍රයේ මහත් ගෞරවාදරයට පාත‍්‍රවූ සුතිචායි යෝන් #mojoasia2019 හී ප‍්‍රධාන දේශනය පවත්වමින් කියාසිටියේ, "අභියෝගාත්මක වකවානු වලදී, සුවපහසුව කලාපයෙන් ඉවත්වී, නව නිපුණතා ජීවිතයට එක් කරගනිමින් අත්හදා බැලීම් කරන්න පුළුවන් අයට පමණක් ක්ෂේත‍්‍රයේ දිගටම රැුඳෙන්න පුළුවන්".
මූලාශ‍්‍රය - https://www.facebook.com/media.programme.asia/photos/a.2484788154899928/2484804611564949/?type=3&theater
මේ කියමන ලාංකික අපට ඉතා වටින අදහසක් එක් කළා. වත්මන් ලාංකීය ජනමාධ්‍යකරණය ආයතන කීපයකට හා පුද්ගලයන් කිහිපදෙනෙක් විසින් පාළනය කෙරෙන ප‍්‍රවණ තාවයක් ඇති නිසා ස්මාට් ජංගම දුරකතන ජනමාධ්‍යකරණය තුළින් ස්වාධීන මත ජනතග කිරීමට අවස්ථාව උදාකර තිබෙනවා. ශ‍්‍රි ලංකා ජනමාධ්‍යවේදී සංසදය හා එහි සාමාජිකයන් #mojoasia2019 ට සහභාගීවන්නේ හඬක් අහිමි ආන්තික ජන කණ්ඩායම් වලට හඬක් ලබාමේ මෙවලමක් වශයෙන් ‘ස්මාට් ජංගම දුරකතන ජනමාධ්‍ය කරණය’ පිළිබඳ අදාළ ජනකණ්ඩායම් වලට හා තරුණ මාධ්‍ය වේදීන්ට පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක අත්දැකීම්ද සමගයි. විශේෂයෙන් නීලන් තිරුචෙල්වම් භාරය සමග ‘ස්මාට් ජංගම දුරකතන කතාකිමේ කලාව’ ව්‍යාපෘතිය තුළින් දිවයින පුුරා විසිරි සිටින තරුණ තරුණියන් 30කට ආසන්න ප‍්‍රමාණයක්ද, USAID ආයතනයේ සහයෝගයෙන් IREX ආයතනය සමග එක්ව ක‍්‍රීයාත්මක කරන MEND ව්‍යාපෘතිය යටතේ තරුණ ජනමාධ්‍ය වේදීන් 34කටද, 2018 වසරේදී ස්මාට් ජංගම දුරකතන ජනමාධ්‍ය කරණය පිළිබඳව පුහුණු ලබාදීමට ශ‍්‍රි ලංකා ජනමාධ්‍යවේදී සංසදයට හැකි වී තිබෙනවා. එමෙන්ම අභියෝගාත්මක වකවාකනුවක් වන නූතන ලාංකික සමාජයට නව නිපුණතාවයක් එක්කරන්නට අපට හැකිව තිබෙනවා.
පුහුණු වැඩමුළු පිළිබඳ වාර්තා වැඩසටහන් වෙත පිවිසෙන්න: https://www.youtube.com/watch?v=hw2ekPAJpI4 https://www.youtube.com/watch?v=GiyW_48p_B8&t=15s
වත්මනේ ලංකාවේ සාම්ප‍්‍රදායික ප‍්‍රධාන මාධ්‍ය ධාරාවේ අවධානය ස්මාට් ෆොන් ජනමාධ්‍ය කරණයට යොමු වෙමින් තිබෙන බව නොරහසක්, විශේෂයෙන් පුවත් වාර්තාකරණය තුළ අවකාශය ප‍්‍රසාරණය වීමේ ප‍්‍රවණතාව තුළ සුවිශාල අවස්ථාවක් තරුණ ජනමාධ්‍ය වේදීන්ට නිර්මාණය වි තිබෙනවා.
අල් ජසීරා හි ප‍්‍රවීණ මාධ්‍ය වේදියෙක් සහ ස්මාට් ෆොන් ජනමාධ්‍ය පුහුණු කරුවකු වන කොන්ස්ටන්ටිනෝස් ඇන්ටනොපොලොස් ස්මාර්ට් ජංගම දුරකතන කතා කීමේ කලාවේ නවතම ප‍්‍රවේශය වන (Vertical Storytelling) සිරස් අතට හරවා කතන්දර නිර්මාණය පිළිබඳව විස්තර කළේ මේ ආකාරයටයි ‘සිරස් වීඩියෝ කරණය තුළින් ප‍්‍රධාන වස්තුව ජංගම තිරය පුරවා වඩාත් සමීප කරගැනීමට ඉඩකඩ සලසනවා’ ඒ තුළින් පේ‍්‍රක්ෂකයාට තුළ සමීප අදහසක් නිර්මාණය වන බව ඔහු පවසනවා. නමුත් ලාංකික සන්ධර්භය තුළ තවමත් අප සිටින්නේ landscape ආකාරයට ජංගම දුරකථනය අතේ රඳවා රූපගත කරන යුගයේ. මෙම අළුත් ප‍්‍රවණතා පිළිබඳව #mojoasia2019 හීදි හොඳින් දැනුවත් කෙරුණා.
මුලාශ්‍රය: https://medium.com/@subsign/vertical-vs-horizontal-video-2ed0a76a02ce
ස්මාට් ෆොන් වාර්තාකරනයේදී අපට අත්‍යවශ්‍ය වන ඇටවුම් (Apps) පිළිබඳවත් පුළුල් පරාසයක විහිදී ගිය දැණුමක් මේ සැසිවාර තුළ ලබාදීමට කටයුතු කෙරුනා. රූපගත කීරීමේ දී කැමරාව වෙනුවෙන් භාවිත වන ඇටවුම් , සංස්කරණ ඇටවුම් , ශබ්ද පටිගත කිරීම් හා සංස්කරණ ඇටවුම් වැනි පුලූල් පරාසයක විහිදීගිය දැනුමක් සම්පාදනය වුණා. විශේෂයෙන් ජංගම දුරකථන ජනමාධ්‍ය වාර්තාකරනය තුළ සංස්කරණ ඇටවුමක් වශයෙන් කිනීමාස්ටර් (KineMaster) හී ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුළුවක් කිනීමාස්ටර් ආයතනයේ විශේෂඥයින් විසින් පැවැත්වීම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන වෘත්තීය වේදීන්ට කිනීමාස්ටර් පිළිබඳ තවදුරටත් අධ්‍යයනයට රුකුලක් සැපයූවා. එමෙන්ම ස්මාට් ෆොන් වාර්තාකරනයේදී භාවිත කළ හැකි අමතර උපාංග පිළිබඳවත් ඒවායේ භාවිතයේ ඇති වාසි පිළිබඳවත් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන්ව දැනුවත් කෙරුණා.
MoJo නැතිනම් ස්මාට් ජංගම දුරකතන වාර්තාකරනය යනු ඩිජිටල් කථා කීමේ ආකෘතියයේ නවතම ස්වරූපයයි. එහිදී ශබ්ද සහ රූප ගබඩා කරගැනීමට ස්මාර්ට් ජංගම දුරකතනය භාවිත කරයි. අවම පිරිස් උපයුක්තය, බොහෝවිට තනිවම වාර්තාකරනයේ නියැලීමට අවශ්‍ය පසුබිම මේ සරල උපකරණය සමග අපට හිමිවනවා. මෙය සංවර්ධන ජනමාධ්‍ය තුළ මෙන්ම පුවත් වාර්තාකරණය තුළ වත්මන වනවිට ජනප‍්‍රිය වන මෙවලමක්. ආසියාවේ අනෙකුත් රටවල් මෙන්ම ලංකාවත් MoJo නැතිනම් ස්මාට් ජංගම දුරකතන වාර්තාකරනය වෙත ගමන් කරමින් නිසි ඵල නෙලා ගතයුතු වකවානුවයි මේ.
සටහන
බී. ඒ ගෞරව (සිංහල සහ ජනමාධ්‍යවේදය)
ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක
ශ‍්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය
iVoice Idea Competition
iVoice is an online platform that encourages youth to discuss social issues and to drive innovative solutions. The platform features stories relating to social issues in Sri Lanka, which are submitted by iVoice contributors and the general public.
The objective of the iVoice Idea Competition is to encourage youth to play a participatory role in solving social issues. After reading a story featured on iVoice, youth can submit their ‘idea’ to help to address the social issue that is highlighted in the story. The ten best ideas will receive seed capital of Rs. 100,000/- each, and mentoring, to support in implementing their ideas.
The majority of articles featured on iVoice relate to a social issue. These stories have a ‘Submit Your Idea’ button at the end of the article, inviting youth to share their innovative ideas on how to address these social issues.
Submitted ideas must be innovative and unique. The ideas must also be practical and implementable by 31 December 2017.
The deadline for submitting an idea is 3 September 2017.
To submit an idea, the following details must be provided through the online form:
Note: Participants can submit any number of ideas; however, only one idea per article is permitted.
Ideas will be evaluated through a competitive process.
03 Sept 2017: Closing of submissions at 23:59 on 3 September 2017
06 Sept 2017: Shortlisting of 20 ideas
13 Sept 2017: Shortlisted applicants to present their ideas in further detail to the judging panel
21 Sept 2017: The ten winning ideas will be announced at the Award Ceremony at which Rs. 100,000/- seed capital will be granted to each of the winning applicants
Evaluation criteria includes creativity of the proposed idea to address the given social issue, and feasibility of implementation within the stipulated budget and timeframe.
The number of votes received per idea will not be a deciding factor.
The judging panel’s decision will be final.

I agree to the following:
- My story is my own work and does not contain plagiarized material or violate any copyright infringements
- My work is subjected to an editorial committee review that may add, remove, or amend my story, if necessary, to enhance its value
- The editorial committee has the right to decide whether or not my story is published
- My story can be shared or reposted on any other platform that iVoice has partnered or affiliated with at any given instance. However, my identity will be protected
- By agreeing to ‘Allow Ideas submission from iVoice community’, I allow anyone to submit an Idea or solution to my story
- Ideas submitted under my story belong solely to the individual submitting the idea and I will not be held accountable to its content.
- I have carefully read and understood the iVoice Guidelines