වෙන මොනවා කරන්නද මයේ අම්මා බැහැ කියලා

by iVoice Staff
13-Nov-2016

මේ අම්මා මුණගැසුණේ මමත්, මගේ මිතුරු සජීව චාමිකරත්, ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයක් පිළිබඳ සොයා බලන්නට මොනරාගල දිස්ත්‍රික්කයේ කලුදියඇල්ල ප්‍රදේශයට ගිය ගමනෙදියි.

මේ මහලු මවගේ වයස අවුරුදු 76 යි. ඇය එක් දරු මවක්. එහෙත් ඒ දරුවා ඉන්නේ අසනීපෙන්. ඇගේ සැමියාගේ වයස අවුරුදු 80 ක් විතරලු.

පමා වී පැමිණි මෝසම් වැස්සත් එක්ක මේ අම්මා පොළව සමග ඔට්ටු වෙන්නේ එළඹෙන අවුරුද්ද ජීවත් වෙන්න මොනවහරි බීජයක් පොළවට යටකරගන්නයි.

මේ දර්ශනය මා කම්පනයට පත් කළා. මම මේ අම්මා ළඟට ගිහින් ඔහොම වැඩ කරන්න අම්මට පුළුවන් ද කියලා අහනකොට කඩමාලු වු චීත්ත පොටෙන් මුහුණ පිස දා ගන්න ගමන් “වෙන මොනවා කරන්නද මයේ අම්මා බැහැ කියලා,” යි මුහුණට ආරෝපනය කර ගත් හිනාවක් එක්ක කියනකොට මගේ හිත කීරි ගැහුනා.

මේ මොන වගේ ලෝකයක්ද? ජිවිතේ අවසන් කාලේවත් ඔවුන්ට සතුටක් නැද්ද? ඔවුන්ගේ මුහුණුවලට හිනාව උපද්දවන්න අපට පුළුවන් වන ලෝකයක් ගොඩනැගෙන්නේ කවදාද?

කතාව හා ඡායාරූප: නයන සංජීව

Photo credit: Nayana Sanjeewa

Views:
1705

2017

0 votes
වියපත් වැඩිහිටි ප්‍රජාවට විශ්‍රාම වැටුප් ක්‍රමයක්
The problem
මුලින්ගම ප්‍රදේශයේ වියපත් ජනතාව පිළිබදව පර්යේෂණයක් සිදු කර එම දැනුම ආශ්‍රෙයන් ගම් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් 3ක් සැළසුම් කිරීම ගොවි සමිති ආශ්‍රය කොට ගෙන සිදු කල හැක. එහි දී පර්යේෂණ දත්ත යොදාගෙන ගොවි ප්‍රජාව වියපත් වූ පසු අත්වන්නාවූ ඉරණම පැහැදැලි කර දීම සිදු කරයි. ගමේ ග්‍රාම සේවා නිළධාරීන් සම්බන්ධගොටගෙන ඔවුන් ට ප්‍රසිද්ද රාජ්‍ය මූල්‍ය ආයතනයක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම මෙහි දී විසදුම ලෙස දැකක්විය හැක. මෙම මුලු කාරයය සදහා මාස තුනක කාලයක් ක්‍රියාත්මක කිරීමට ගත වන අතර වැඩ මුලු තුන පැවැත්වීම හා මූල්‍ය ආයතනයේ ලියාපදිංචි කිරීම එම මුලු කාර්යය වේ.
The solution

Budget

98900

by nandana