iVoice නැවුම් අදහස් තරගයේ හොඳම අදහස් 20

by Ajith
20-Sep-2017

iVoice නැවුම් අදහස් තරගයට ඉදිරිපත් කරන ලද, සමාජ ප්‍රශ්න විසඳීම සඳහා වන සිය ගණනක් නව නිර්මානාත්මක අදහස් අතරින් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගන්නා ලද හොඳම අදහස් 20 පහත පළ කරන්නෙමු. 

මේ තරගකරුවන් 20දෙනා සැප්තැම්බර් 20, 21 දිනවල කොළඹදී පැවැත්වෙන වැඩමුළුවේදී සිය අදහස් සංවර්ධනය කර ගනිමින් විධිමත් ව්‍යාපෘති යෝජනා ලෙස විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත. 

ඔවුන්ට සිය නැවුම් අදහස් සංවර්ධනය කර ගැනීම සඳහා iVoice කණ්ඩායමේ, ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරියගේ හා ස්වාධීන උපදේශකයන්ගේ සහයෝගය ලැබෙනු ඇත.  

ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබන හොඳම නැවුම් අදහස් 10 සඳහා එම අදහස් ක්‍රියාත්මක කිරීම සඳමහා රු. ලක්ෂය බැගින් සහ විශේෂඥ උපදෙස් පිරිනැමේ. 

පහත දැක්වෙන්නේ හොඳම අදහස් 20 ඉදිරිපත් කරන ලද තරගකරුවන්ගේ නම්, ස්ත්‍රී පුරුෂභාවය, දිස්ත්‍රික්කය සහ ඔවුන්ගේ තේමාවයි. 

පියහසී සඟබෝ ඩයස් (ස්ත්‍රී / කොළඹ) සංඥා භාෂා ව්‍යාකරණ පිළිබඳ පොතක් සම්පාදනය කිරීමස
චමල් මලින්ත ගුණසිංහ (පිරිමි / කලුතර) LED පුවරු භාවිතා කරමින් දුරබැහැර නගරයක සමාජයට වැදගත් අදහස් සන්නිවේදනය කිරීම
දිනිති ප්‍රතිභා කලුආරච්චි (ස්ත්‍රී / රත්නපුර) Facebook සහ තරුණ පරපුරේ ගැටලු පිළිබඳ සමීක්ෂණයක්
දමිත් චන්දන (පිරිමි / මහනුවර) පොදු ප්‍රවාහනයේදී සිදු වන කාන්තා හිංසනය පිළිබඳ වීඩියෝ නිර්මානයක් ඇසුරින් දැනුවත් කිරීම 
චාමලි ප්‍රියදර්ශනී (ස්ත්‍රී / හම්බන්තොට) බහුත්වවාදී සමාජයක වාර්ගික පසමිතුරුකම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අධ්‍යයනය කිරීම 
සඳලි නිත්මා (ස්ත්‍රී / කලුතර) නව නිපැයුම්කරුවකු වීමේ පළමු පියවර
රිෆාක් අහමඩ් (පිරිමි / ගාල්ල) අපද්‍රව්‍ය භාවිතා කරමින් ගෘහස්ථ ජීව වායු ඒකකයක් නිර්මානය කිරීම 
ලක්මි නිලංකා ද සිල්වා (ස්ත්‍රී / මාතර) විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා අන්තර්කරණ අධ්‍යාපනය
සිවලිංගම් විමල්රාජ් (පිරිමි / යාපනය) සිසුන් පාසල්වලින් ගිලිහී යාම පිළිබඳ වීඩියෝවක් නිර්මානය කිරීම
නිශාන් කුමාර (පිරිමි / ගාල්ල) පාසල් පුස්තකාලයක් පිහිටුවීම හා දැනුවත් කිරීම
නලින්ද ප්‍රියන්ජිත් සිල්වා (පිරිමි / කොළඹ) ඩෙංගු පාලනය සඳහා මදුරු උගුලක්
නාලක වේහැල්ල (පිරිමි / හම්බන්තොට) සහභාගිත්ව සන්නිවේදනය මගින් ඉදිකිරීම් අනතුරු වැළැක්වීම
අර්සාද් අරීෆ් (පිරිමි / අම්පාර) කසල එක්රැස් කිරීම සඳහා ජංගම දුරකථන ඇප් එකක්
මොහොමඩ් අර්ෂාද් (පිරිමි / කෑගල්ල) මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පෝස්ටර් ව්‍යාපාරයක්
මධුශා පන්නිල ගමගේ (ස්ත්‍රී / කොළඹ) රැකියා සඳහා විදේශගත වන මව්වරුන්ගේ පවුල් සම්බන්ධ සිහින සැබෑ කිරීම
අමින්ද මධුමාල් අබේසිංහ (පිරිමි / ගාල්ල)  ගුරුවරුන් ලෙස අනාගතයේ පත්වීම් ලබන ගුරු සිසුන් 350ක් පාසල් සිසුන් හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත් කිරීම
ජෙස්ටින් පීටර් (පිරිමි / නුවරඑළිය) මනෝ විද්‍යාත්මක බලපෑම පිළිබඳ පාසල් සිසුන්ගේ මාපියන් දැනුවත් කිරීම
ලෝසිත දිසානායක (පිරිමි /මහනුවර) Monkey cafe - දෙනුවර
සුජිත් සමරසිංහ (පිරිමි / කලුතර) යතුරුපැදි අනතුරුවලින් පීඩාවට පත් වන තරුණයන් පිළිබඳ සමීක්ෂණයක් කිරීම සහ දැනුවත් කිරීමේ වීඩියෝවක් නිර්මානය කිරීම
ෆාතිමා සකීනා (ස්ත්‍රී / ගාල්ල) දෙමළ භාෂා ගුරුවරුන්ට භාෂා ඉගැන්වීම සඳහා සහාය ලබා දීම

Views:
1099