ග්ලයිෆොසේට් තහනම …….

by chathurangiayesha88@gmail.com
04-Dec-2017

 

ශ‍්‍රී ලංකාව තුළ ගොවීන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලූවක් පසුගිය කාලය තුළ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ අවස්ථාවන්හි සාකච්ඡා කරන්නට විය. එනම් ග්ලයිෆොසේට් තහනම පිළිබඳවයි.

ග්ලයිෆොසේට් යනු ඇමරිකාවේ මොනසන්ටෝ ආයතනය විසින් නිපදවන ලද ලෝකයේ බොහෝ රටවල ඉතා බහුලව භාවිතා වන සංස්ථානික වල් නාශකයකි. ලංකාවේ මෙම රසායනික ද්‍රව්‍යය වැඩිපුරම භාවිතා වන්නේ රවුන්ඞ් අප් යන වෙළඳ නාමයෙනි.

ශ‍්‍රී ලංකාව 2015 ජුනි 11 දින  ග්ලයිෆොසේට් ආනයනය හා අලෙවිය තහනම් කරමින් ගැසට් නවේදනයක් නිකුත් කරන ලදී. රජයේ ප‍්‍රතිපත්ති සැකසුම් ක‍්‍රියාවලියේ එක් ක‍්‍රියාදාමයක් ලෙසින් මෙම තීරණය ගැනීමට දක්වන ලද හේතු අතර ප‍්‍රධාන තැනක් ගත්තේ වර්තමානයේ රජරට හා තවත් ප‍්‍රදේශවල  සීඝ‍්‍රයෙන් පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා බැර ලෝහ හා කෘෂි රසායනික ද්‍රව්‍යය හේතු වන බව දක්වමිනි. මීට අමතරව කෘෂි රසායනිකයන්ගෙන් තොර ගොවිතැන ප‍්‍රචලිත කිරීමත් එකී අරමුණු අතර විය.

හඳුනා නොගත් වකුගඩු රෝගය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් මුහුණ දෙන ඉමහත් ඛේදවාචකය අවිවාදයෙන් යුතුව අනුකම්පාව දක්වන්න්ට අවශ්‍ය කාරණයක් වන බව පැහැදිලිය. මෙහි අවබෝධකර ගත යුතු කාරණය නම් වෙළඳ පල තුළ බහුතර රසානික ද්‍රව්‍ය අතරින් ග්ලයිෆොසේට් නම් රසායනික ද්‍රව්‍ය පමණක් තහනමට භාජනය කිරීම සහ එය භාවිතයට නුසුදුසු යැයි ලේබල් කිරීමයි. වත්මන් ගොවි ජනයා වුව ප‍්‍රශ්න නගන කාරණය එයයි. හුදෙක් බහු රසායනිකයන් අතර  ග්ලයිෆොසේට් රසායනිකය පමණක් තහනම් වීම හා ඒ වෙනුවෙන් විකල්ප විසඳුම් මොනවාද යන්නයි.

මෙම තත්වය හමුවේ ගොවීන් මුහුණ දෙන අරගලය කුමක්දැයි අප සොයාගන්නා ලදී. වර්තමානය වන විට කුඹුරු ආශ‍්‍රිත වල් නාශක විනාශ කිරීම වෙනුවෙන් ශ‍්‍රම දායකත්වය සෙවීම ප‍්‍රායෝගිකව ඉතා අපහසු කාරණයකි. මේ නිසා ගොවි මහතාගේ හිතවතෙකු බඳු වූ  ග්ලයිෆොසේට් රසායනිකය අවලංගු කිරීම ප‍්‍රායෝගික සහ කාලීන විසඳුමක් නොවන බව ගොවි මහතුන්ගේ අදහසයි. මන්ද, ගැසට් නිවේදනයක් මගින් සම්මත කරගෙන ඇති  මෙම ග්ලයිෆොසේට් රසායනිකය අදටත් විවිධ වෙළඳ ආයතන වල කුඩු හා දියර වශයෙන් ව්‍යාජ ලෙස අලෙවි වන බවත් ඒවා මිලදී ගැනීමට පාරිභෝගික ගොවි මහතුන්ද අඩුවක් නොවන බව නොරහසකි. මෙයට හේතුව ග්ලයිපොසේට් තරමට ඔවුන්ගේ ගැටලූවට විසඳුම් සපයන වෙනත් විකල්ප ආදේශක් මේ වෙනුවට වෙළඳ පළට හදුන්වා නොදීමයි.

මිනිස් ශ‍්‍රමය හිඟ වීම හා අධික මුදලක් වැය කිරීමට සිදුවීම නිසාවෙන් ගොවිජනයා මෙම රසායනිකය භාවිතා කරන්නට වැඩි නැඹුරුවක් දක්වන බව සත්‍යයකි. මෙහිදී හුදෙක් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම රසායනිකයන්ගෙන් තොරවන්නේ නම් එය සියල්ලන්ට සහනය සපයන්නකි. කෙසේ වෙතත් මෙහි අවධානයට ගත යුතු කාරණය නම් කෘෂි කර්මාන්තය යනු ලංකාවේ ප‍්‍රධාන ජීවනෝපාය ක‍්‍රමවේදයයි. එය හුදෙක් ප‍්‍රශ්න රැසක් මතට දැමීම වෙනුවට පරිසර හිතකාමී විකල්ප ක‍්‍රමවේදයන් ඔස්සේ ඔවුනොවුනගේ ගැටලූ වලට විසඳුම් සෙවීමට උත්සුක දැරීම කළයුතු නොවන්නේද? මන්ද එය හුදෙක් පුද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් නොව මුලූ මහත් රටේ ජාතික නිෂ්පාදනය හා සම්බන්ධතාවයක් දක්වන කාලීන අවශ්‍යතාවයක් පූරණය කිරීමකි.

Views:
1027