කාන්තා ව්‍යවසායකයින් හා සේවායෝජකයින් මෙතරම් දුලබ ඇයි?

by Ajith
19-Jul-2017

මෙලනි අමරතුංග කොළඹින් බැහැර මීරිගම නගරය පදනම් කර ගත් ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතු සාර්ථක ව්‍යවසායිකාවක්. ඇය පොත් 400ක් පමණ මුද්‍ර‍ණය කර ප්‍ර‍කාශයට පත් කර තිබෙන දිවයිනේ ප්‍ර‍කට ග්‍ර‍න්ථ ප්‍ර‍කාශන ආයතනයක් වන ආශිර්වාද ප්‍ර‍කාශන සමාගමේ කළමනාකාරවරිය ලෙස හඳුන්වන්නට පුළුවන්. වසර 2000දී පරිගණක විද්‍යාව පිළිබඳ පොත් සිංහලෙන් පළ කරමින් ආරම්භ කරන ලද ආශිර්වාද ප්‍ර‍කාශන ආයතනය ඇගේ සැමියා වන චාමින් විජේරත්නට හිමි පවුලේ සමාගමක්. පසළොස් වසරක් තුළ ආශිර්වාද ප්‍ර‍කාශන ලබා ඇති සාර්ථකත්වය පිටුපස මෙලනිගේ අයෝමය පෞරුෂය කැපී පෙනෙනවා

එපමණක් නොවෙයි, මෙලනි අමරතුංග යනු මේ වන විට ආශිර්වාද ප්‍ර‍කාශන ලෙස හොඳින් අලෙවි වන සිංහල කෘති 22ක කතුවරියක්. එයින් වැඩි ප්‍ර‍මාණයක් ළමයින් හා නව යෞවනයන් වෙනුවෙන් ලියන ලද හා පරිවර්තනය කරන ලද ඒවායි.

“මහත්තයගෙ මල්ලි තමයි කිව්වෙ, ඉංග්‍රීසි ගුරුවරියක් ලෙසත් පුහුණු වෙලා නිකම් ඉන්නෙ නැතිව පොතක් පරිවර්තනය කරන්නැයි කියලා,” මෙලනි සිය ලේඛන දිවියේ ආරම්භය විස්තර කරමින් කිව්වා. ළමා පොත්වලට අමතරව ඇය ‘ලස්සන දවසක්’ හා ‘පින්සර දෝනි’ නමින් නවකතා දෙකක් ද ලියා පළ කර තිබෙනවා. ඇය ප්‍ර‍කට වී සිටින්නේ ළමා හා යොවුන් ලේඛිකාවක් ලෙස නිසා ඇය එහිදී භාවිතා කළේ අංජලී අතුකෝරළ කියන නමයි.

“අංජලී කියන්නෙ පාසල් කාලෙ මම ආදර්ශයට ගත් යෙහෙළියක්. මම ඇගේ මුල් නම මගේ පෑනේ නාමය ලෙස භාවිතා කළා. මේ පොත් පළ කළාටත් පස්සෙ තමයි මම මහත්තයාට කිව්වෙ ඒව ලිව්වෙ මමයි කියලා. එයා පුදුම වුණා. ඔයා මෙතන ඉඳන් මොනවා කරනවා ද කියලා මම දන්නෙ නැහැ කියලා එයා කිව්වා.”

ඇගේ ආයතනයට ලැබෙන සියලු අත් පිටපත් කියවා, ප්‍ර‍කාශනයට තෝරා ගන්නේත්, ඒවා සංස්කරණය කරන්නේත්, කර්තෘවරුන් සමග අවශ්‍ය සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේත් ඇයයි.

මීරිගම ඉපිද, මහනුවර මහමායා විද්‍යාලයෙන් විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඇය ඉන් අනතුරුව පස්දුන්රට විද්‍යා පීඨයේ ඉංග්‍රීසි විෂය ඉගැන්වීම සම්බන්ධ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. අනතුරුව කෙටි කාලයක් අති දුෂ්කර ප්‍රදේශයක පාසලක ගුරුවරියක ලෙස ද සේවය කළා.

“ඒ කාලෙ තමයි මට වැඩිමල් පුතා ලැබුණේ. දරුවාට එ් දේශගුණයේදී නිසා මම ස්ථාන මාරුවක් ඉල්ලුවා. ඒත් ඒක ලැබුණේ නැහැ. ඒ නිසා මම රැකියාව අතහැර දැම්මා. එතකොට අපට ලොකු ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ. ඒත්, අපේ දෙයක් කරන්න ඕනැ කියන තැන තමයි අපි හිටියෙ.

“මම අසම්මත විදියට හිතන්න, තීරණ ගන්න බය නැති කෙනෙක්. බලන්න, මම මගේ මහත්තයට වඩා උසයි. ඒ වගේ ම වැඩිමල්. අපි ගත්ත ඇතැම් එඩිතර තීරණ ව්‍යවසායකයන් ලෙසත්, මිනිසුන් ලෙසත් සාර්ථක වෙන්නට අපට උපකාර වුණා.” මෙලනි සිනා උතුරවමින් අප හා පැවසුවා.

පරිගණක විද්‍යාව පිළිබඳ මුලින් ම සිංහල බසින් පොත් ලියූ ලේඛකයකු වන එන්.පී. විජේරත්න මෙලනිගේ සැමියාගේ පියායි. එම පොත් මුද්‍ර‍ණය, ප්‍ර‍කාශනය, බෙදාහැරීම හා අලෙවිය කරගෙන ගියේ මෙලනිගේ සැමියා වන චාමින් විජේරත්නයි. ඔවුන් ඊට අමතරව පරිගණක පංති ද පවත්වාගෙන ගියා.

තමන්ගේ ම කුඩා මුද්‍ර‍ණාලයක් නිවසේ ආරම්භ කළ ඔවුහු කලක් සිංහල බසින් පරිගණක සඟරාවක් ද පළ කළා. එය දිවයින පුරා අලෙවි කළේත් ඔවුන්මයි.

“අවශ්‍ය අවස්ථාවලදී අපි අවශ්‍ය තීරණ ගන්නට මැලි වුණේ නැහැ. එක් අවස්ථාවකදී අපි සඟරාව ප්‍ර‍කාශනය කිරීම නතර කරන්නට තීරණය කළා. විවිධ පොත් ප්‍ර‍කාශනය ආරම්භ කළේ මාසිකව පරිගණක සඟරාව මුද්‍ර‍ණය කරන්නට වැය වූ මුදලිනුයි. පසුව අපි පරිගණක පංතිත් නතර කරලා සම්පූර්ණයෙන් ම පොත් ප්‍ර‍කාශනයට යොමු වුණා. ව්‍යාපාර කරද්දී අපට අනතුරුදායක තීරණ ගන්න වෙනවා. අපි ඒකට බය නැති වෙන්න ඕනැ.”

මූලාශ්‍ර‍ය: ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ වාර්තාව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මූලාශ්‍ර‍ය: ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ වාර්තාව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

 

කොටදෙනියාවේ ආශිර්වාද ප්‍ර‍කාශන ලෙස ගමන ආරම්භ කළ ඔවුහු අද වන විට මීරිගම නගරයේ තමන්ගේ ම ගොඩනැගිල්ලක පිහිටුවා ඇති අංග සම්පූර්ණ, නවීන මුද්‍ර‍ණාලයක හා පොත්හලක හිමිකරුවෝයි. ආශිර්වාද ප්‍ර‍කාශන කොළඹ පොත් සල්පිල ආරම්භයේ සිට ම එහි ප්‍ර‍ධාන කොටස්කරුවෙක්. අද වන විට ඔවුන් ගැන මුළු රට ම දන්නවා.

මෙලනි දරුවන් සිව්දෙනෙකුගේ මවක්. ඇගේ දරුවන් ද බොහෝ විට දිවා කාලය ගෙවන්නේ ඔවුන්ගේ සමාගම් පරිශ්‍රයේ ම ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති ඉඩකඩෙහියි. වැඩ කරන අතරතුර ම මෙලනි දරුවන් සමග ද කාලය ගත කරනවා.

දැඩි කැපවීමකින් යුක්තව වැඩ කරන මෙලනි විජේතුංග දක්ෂ ව්‍යවසායිකාවක් ලෙස සමස්ත කාන්තා පරපුරට ම ආදර්ශයට ගත හැකියි.

2012 ජන සංගණනය අනුව, කාන්තාවන් අතර සේවායෝජකයන් සිටින්නේ 0.9%ක් පමණයි. පිරිමින් අතර සේවායෝජකයන් ප්‍ර‍තිශතය 4.1%කට වැඩියි. එවැනි සංදර්භයකදී මෙලනි වැනි එඩිතර ව්‍යවසායිකාවන් තව තවත් බිහි විය යුතුව තිබෙනවා.

“ව්‍යාපාරකරණයේදී මතු වන ගැටලුවලදී මානසිකව කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට යන්නට ඕනෑ.  අපි අවුරුදු ගණනක් කරමින් සිටි ව්‍යාපාර නවත්වලා අලුතෙන් ව්‍යාපාර ගොඩනගන්න එඩිතර තීරණ ගත්තා. ඒ හැම ව්‍යාපාරයකදී ම අපට මුලදී බාධා ඇති වුණා. ලාභ ලබන්න කාලයක් ගත වෙනවා. ඒ පිළිබඳ උපේක්ෂාවෙන් බැලිය යුතුයි. අපේ ඉලක්කය කෙරෙහි ඇති අවධානය රඳවා ගන්නට ඕනැ.” කාන්තා ව්‍යවසායකයන්ට අවවාදයක් දෙන්නැයි අප ඉල්ලා සිටි විට මෙලනි පැවසුවා.

Views:
2357

2017

0 votes
කාන්තාවන් සවිබල ගැන්වීම
The problem
මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසයේ කාන්තාවන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සඳහා මිනිපේ ප්‍රා.ලේ. කාර්යාලයේ කාන්තා කටයුතු නිලධාරිනියන් හා එක්ව කොට්ඨාසය තුළ 1. ග්‍රාම නිලධාරි වසම්වල ඇති කාන්තා සමිතිවල සාමාජාකාවන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම 2. එක් එක් කාන්තාවන්ට කිරීමට පහසු ස්වයං රැකියා සඳහා පුහුණුව ලබා දීම හා ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීමට ග්‍රාමීය මට්ටමින් ඇති බැංකු සමග සාකච්ඡා කර අවස්ථාව ලබා දීම 3. එම කාර්යයන් කරගෙන යාම සඳහා නිරන්තරයෙන් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම
The solution
මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසයේ කාන්තාවන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සඳහා මිනිපේ ප්‍රා.ලේ. කාර්යාලයේ කාන්තා කටයුතු නිලධාරිනියන් හා එක්ව කොට්ඨාසය තුළ 1. ග්‍රාම නිලධාරි වසම්වල ඇති කාන්තා සමිතිවල සාමාජාකාවන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම 2. එක් එක් කාන්තාවන්ට කිරීමට පහසු ස්වයං රැකියා සඳහා පුහුණුව ලබා දීම හා ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීමට ග්‍රාමීය මට්ටමින් ඇති බැංකු සමග සාකච්ඡා කර අවස්ථාව ලබා දීම 3. එම කාර්යයන් කරගෙන යාම සඳහා නිරන්තරයෙන් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම
Budget

100000

by Chamini Lakmali