කාන්තා මැතිවරණ අපේක්ෂකයන් හා සමාජ මාධ්‍ය

by Ajith
08-Dec-2017

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තාවන් නියෝජනය වන්නේ 5.3%ක් පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ක් අතර කාන්තාවන් සිටින්නේ 12ක් පමණයි. 

කාන්තාවන් තේරී පත් නො වන්නට එක් හේතුවක් තමයි, කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් නො වීම. මැතිවරණවලට ඉදිරිපත් වෙන්නට නම් කාන්තාවන් සක්‍රිය දේශපාලනයේ සිටිය යුතුයි. 

එහෙත්, දේශපාලනය යනු පිරිමින්ට පමණක් ගැලාපෙන, කාන්තාවන් නිමග්න නො විය යුතු දෙයක් ලෙස සැලකීම ශ්‍රී ලංකාවේ සුලබ තත්වයක්. 

දේශපාලනයට පැමිණෙන කාන්තාවන්ට ද බරපතල ප්‍ර‍ශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඔවුන් තමන්ට නො ගැලපෙන වැඩකට අත ගැසූ හිතුවක්කාර ගැහැණුන් ලෙස හංවඩු ගසමින් අවඥාවට ලක් කරනවා. 

වර්තමානයේදී කාන්තාවන්ට එරෙහි මෙවැනි අවමන් සහගත ප්‍ර‍චාරයන් සඳහා සුලබව භාවිතා කරන මෙවලමක් තමයි සමාජ ජාල වෙබ් අඩවි. මැතිවරණ වකවානුවලදී කාන්තා අපේක්ෂිකාවන්ට එරෙහිව අවමන් සහගත ප්‍ර‍චාර ගෙන යාම සඳහා සමාජ ජාල ඇතුළු මාධ්‍ය යොදා ගැනීම වැළැක්වීම අත්‍යවශ්‍යයි. එය කාන්තාවන් දේශපාලනයට පිවිසීමට දිරි ගන්වනසුළු සාධකයක් වෙනවා. 

 

Views:
632