ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ජයත්මා ගත් මග

by Ajith
12-Aug-2017

2017 වසරේ ලෝක තරුණ දිනය සමරන අද දවසෙ ශ්‍රී ලංකාවට සමරන්නට ජාත්‍යන්තර ජයග්‍රහණයක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ නියෝජිත ධුරය හොබවන්නේ ශ්‍රී ලාංකික තරුණියක්. ඇය ජයත්මා වික්‍රමනායක.

ඇය වැනි තරුණ නායක නායිකාවන් තව තවත් ශ්‍රී ලංකාවෙන් බිහි කර ගන්නට ඇය ගත් මග හඳුනා ගැනීම වැදගත්.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් ජයත්මා වික්‍රමනායක සිය තරුණ නියෝජිතවරිය ලෙස පත් කළේ පසුගිය ජුනි මාසයේදීයි. ඊට පෙර මෙම තනතුර දැරුවේ ජෝර්දාන් ජාතික අහමඩ් අල්හෙන්දවි විසිනුයි. 

ගාලු දිස්ත්‍රික්කයට අයත් බෙන්තර, හබුරුගල ගමේ පදිංචි ඉංග්‍රීසි ගුරු උපදේශිකාවක වු නේපා කන්නන්ගරගේත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යාත්‍රා භාරකරුවකු වු පියල් වික්‍රමනායකගේත් පවුලේ වැඩිමල් දියණිය ලෙස ජයත්මා ධනංජි වික්‍රමනායක 1990දී උපත ලැබුවා. ඇයට බාල සොයුරියන් දෙදෙනෙකු සිටිනවා.

ජයත්මා කුඩා කල සිට ම ඉගෙනීමේත්, විෂය බාහිර ක්‍රියාකාරකම්වලත්, සමාජ කටයුතුවලත් ඉදිරියෙන් සිටි දක්ෂ සිසුවියක්. බොහෝ පොත පත කියවා දැනුම රැස් කර ගත් ඇය සිය අනාගත අපේක්ෂා වෙනුවෙන් අධිෂ්ඨානශීලීව ඇප කැප වුණා. 

අලුත්ගම සංඝමිත්තා විද්‍යාලයෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඇය ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඇය විද්‍යා ප්‍රථම උපාධිය ඉහළින් ම සමත් වීමෙන් අනතුරුව දැන් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටිනවා. 

වසර 2013 සිට ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයකු වන ජයත්මා 2012-13 වසරවලදී එක්සත් ජාතීන්ගේ සමුළුවේ පළමු නිල ශ්‍රී ලාංකික තරුණ නියෝජිතවරියක ලෙස කටයුතු කළා. ජයත්මා සහ පුත්තලමේ අරුත්‍රා රාජසිංහම් මේ සඳහා තෝරා ගනු ලැබුවේ අයදුම්පත් 1500ක් අතරින්.

වසර 2014දී පැවැත්වුණු ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර තරුණ කාර්යසාධක බලකායේ සාමාජිකයකු හා ප්‍රධාන සාකච්ඡාකරුවකු ලෙසත් ඇය කටයුතු කළා. 

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ ලේකම්වරිය ලෙස ද කටයුතු කර ඇති ඇය වර්තමානයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක්. 

ඇය ‘හෑෂ්ටැග් පරපුර' නම් ශ්‍රී ලාංකික තරුණයන්ගේ සිවිල් හා දේශපාලනික ව්‍යාපාරයේ ද නායිකාවක්. 

වයස අවුරුදු 21 සිට ම ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරුණ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. ලෝක තරුණ කුසලතා දිනය ප්‍රකාශයට පත් කිරීමට ඉවහල් වුණ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ ක්‍රියාකාරිත්වයන්ට ද ඇය දායක වුණා.

ඇය ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද දැවැන්ත වැඩකොටස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුනා ගනු ලැබීම තමයි ඇය මේ ඉහළ පෙළේ තනතුරට පත් වන්නට හේතුව.

සියලු තරුණයන්ට එක්සත් ජාතීන් තමන්ගේ නිවහන ලෙස දැනෙන තත්වයක් නිර්මානය කිරීමට ඇයට අවශ්‍ය බව දක්වමින් ඇය එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඇගේ ගමන් මග මෙසේ හෙළිදරව් කළා.

“මා විශ්වවිද්‍යාලයට ඇතුළු වු පසු ජාතික තරුණ සේවා සභාව විසින් නැගී එන තරුණ නායකයන් වෙනුවෙන් තරගයක් පැවැත්වූවා. මා එයින් දෙවන තැන දිනා ගත්තා. ඒ සමග මට අවස්ථාව ලැබුණා, තරුණ කටයුතු අමාත්‍යාංශයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ වන්නට. ඒ කාලයේ කෙටුම්පත් කරමින් තිබුණු ජාතික තරුණ ප්‍රතිපත්තිය, තරුණ රැකියා ක්‍රියාකාරී සැලැස්ම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවෙන රෝග වැළැක්වීමේ වැඩසටහන සකස් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකට සහභාගි වන්නට මට අවස්ථාව ලැබුණා. කෙමෙන් කෙමෙන් මා එක්සත් ජාතීන් හඳුනා ගත්තා. මා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා කණ්ඩායමේත් සාමාජිකයකු වුණා.

“වසර 2012දී තරුණ නියෝජිත වැඩසටහන ආරම්භ කළ පසු පළමු වතාවට එක්සත් ජාතීන්ගේ 69වන මහ සභාවේදී ශ්‍රී ලාංකික තරුණ නියෝජිතවරිය ලෙස රට නියෝජනය කරන්නට මට අවස්ථාව ලැබුණා. ඊට පෙර, මා මාසයක කාලයක් තිස්සේ දිවයින පුරා විවිධ තරුණ පිරිස් හමු වෙමින්, ඔවුන් සමග සාකච්ඡා කර, ඔවුන්ට එක්සත් ජාතීන්ට ඇසෙන්නට සැලැස්විය යුතු කරුණු මගේ ඉදිරිපත් කිරීම සඳහා පෙළ ගස්වා ගත්තා. 

“මා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික තරුණ නියෝජිත ධුර කාලය අවසන් කරමින් සිටියදී, ශ්‍රී ලංකාව 2014 වසරේ ලෝක තරුණ සමුළුව මෙරට පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටියා. එම වැඩසටහනට, එහි ක්‍රියාකාරිත්වයට, න්‍යාය පත්‍රයට හා ප්‍රකාශනයට උපදෙස් දීම සඳහා වූ ජාත්‍යන්තර තරුණ කාර්යසාධන බලකායට මා පත් කරනු ලැබුවා. 

“අවුරුද්දක් විතර කාලයක් මා සමුළුව වෙනුවෙන් ප්‍රාණවත් තරුණ කණ්ඩායමක් සමග වැඩ කළා. ලෝකයේ කලාප දහයකට අයත් පිරිස් නියෝජනය වූ ඒ කණ්ඩායමේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 10දෙනෙකු සිටියා. 

“ඉන් පසුව මා එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කරමින් ලෝක තරුණ කුසලතා දිනය (ජුලි 15) ප්‍රකාශයට පත් කර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට වැඩ කළා.

“නැවත ශ්‍රී ලංකාවේදී මා මට පෙර සිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික තරුණ නියෝජිතයන් සමග එක්ව බිම් මට්ටමේ තරුණ සංවිධානයක් ගොඩනැගුවා. එහි නම හෑෂ්ටැග් ජෙනරේෂන්. තරුණ ජනයා දේශපාලනයට සහභාගි වීමේ ධාරිතාවන් වැඩි කිරීමට ඒ ඔස්සේ වැඩ කළා."

ජයත්මා ගිය අවුරුද්දේ යුග දිවියට එළඹුණේ දිගු කාලීන පෙම් සබඳතාවක් පැවැත්වූ දයාන් ඩයස් සමගයි. ඔහු නාවික හමුදාවේ ලුතිනන්වරයෙක්. 

පහත පළ වන්නේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පවත්වන ලද මෙම සම්මුඛ සාකච්ඡාවේ කොටසක හඩ පටයයි. 

Views:
3351

2017

2 votes
වයස 21ට අඩු තරුණයන් හට මත්ද්‍රව්‍ය විකිණීම ට එරෙහිවීම
The problem
01.. තුම්පනේ කොට්ඨාසය ට අයත් පාසල් අවට කඩ පවත්වාගෙන යන සියලු පුද්ගලයන් එක් ස්තානයකට එකතු කිරීම. 02.. පොලිස් මහතුන් නීතිඥවරුන් ඇතුලු නිලදාරින් යොදාගෙන එම පිරිස දැනුවත් කිරීම. 03.ඒ පිලිබදව සහය ලබා නොදෙන්නේ නම් ලැබැන දඩ සහ දඩුවම් පිලිබදව දැඩිසේ දැනුවත් කිරීම 04. පසුව එම පිරිස සහ පාසල් ලමුන් එකට දේශනයක් සදහා එක් කරගනිමින් දැනුවත් කිරීම 05. අවසානයේදි මාගේ බලාපොරොත්තු ව වෙලදමහතුන් හට අඩු වයස් තරුණයන් හට මත්ද්‍රව්‍ය විකිනීමට නොහැකිවන සේ ඔවුන්ගේ මතය වෙනස් කරමින් එම උවදුර වලක්වාලීමයි මේ සදහා මා ප්‍රදේශයේ පාසල් 5පමණක් එකතු කරගැනීමට බලාපොරොත්තු වෙමී
The solution
01.. තුම්පනේ කොට්ඨාසය ට අයත් පාසල් අවට කඩ පවත්වාගෙන යන සියලු පුද්ගලයන් එක් ස්තානයකට එකතු කිරීම. 02.. පොලිස් මහතුන් නීතිඥවරුන් ඇතුලු නිලදාරින් යොදාගෙන එම පිරිස දැනුවත් කිරීම. 03.ඒ පිලිබදව සහය ලබා නොදෙන්නේ නම් ලැබැන දඩ සහ දඩුවම් පිලිබදව දැඩිසේ දැනුවත් කිරීම 04. පසුව එම පිරිස සහ පාසල් ලමුන් එකට දේශනයක් සදහා එක් කරගනිමින් දැනුවත් කිරීම 05. අවසානයේදි මාගේ බලාපොරොත්තු ව වෙලදමහතුන් හට අඩු වයස් තරුණයන් හට මත්ද්‍රව්‍ය විකිනීමට නොහැකිවන සේ ඔවුන්ගේ මතය වෙනස් කරමින් එම උවදුර වලක්වාලීමයි මේ සදහා මා ප්‍රදේශයේ පාසල් 5පමණක් එකතු කරගැනීමට බලාපොරොත්තු වෙමී
Budget

75000

by 0715432484
1 votes
ශ්‍රීලංකාවේ තරුණ පරපුරේ හැකියාවන් හා දක්ෂතා එලි දැක්වීමට අවස්ථාව සැපයීම
The problem
1.ගම් මට්ටමින් දරුවන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම . 2.තරුණයන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීම. 3.සෞන්දර්ය හැකියාවන් පිරි තරුණයන් පිරිසක් බිහි කිරීම. 04. අවට මේ පිලිබදව උනන්දුව දක්වන ලමුන් 100ක් තෝරාගෙන එක් දිනක කෑම්ප් එක්ක් සම්පත්දායකයන් සහබාගි කරගනිමින් සිදුකිරීම්
The solution
1.ගම් මට්ටමින් දරුවන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම . 2.තරුණයන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීම. 3.සෞන්දර්ය හැකියාවන් පිරි තරුණයන් පිරිසක් බිහි කිරීම. 04. අවට මේ පිලිබදව උනන්දුව දක්වන ලමුන් 100ක් තෝරාගෙන එක් දිනක කෑම්ප් එක්ක් සම්පත්දායකයන් සහබාගි කරගනිමින් සිදුකිරීම්
Budget

100000

by Nimesha Rajapaksha