කාන්තා හිංසනයෙන් පීඩාවට පත් කාන්තාවන්ට රැකවරණ සපයන යාපනයේ ආරක්ෂිත නිවහන

by iVoice Staff
14-Mar-2016

“ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය උතුරු පළාත පුරා පැතිරී තිබෙනවා. අපි කරන්නේ පීඩාවට පත්, රැකවරණය හා උපකාර අවශ්‍ය කාන්තාවන්ට ඒවා සැපයීමයි. අපේ ආරක්ෂිත නිවහන 2015 වසරේදී පමණක් එවැනි කාන්තාවන් 112දෙනෙකුට සේවා සැපයුවා.” අප සමග මෙසේ පැවසුවේ යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිනී සින්දුකා ය.

බොහෝ දෙනා විසින් කාන්තා හිංසනයට හේතු ලෙස හඳුනා ගත්තේ මත්පැන් හා ආර්ථික දුෂ්කරතායි. එසේම, පවුල්වල භාර්යාවන් බොහෝ දුරට ආර්ථික වශයෙන් ස්වාධීන නො වීමත් කාන්තාවන් පීඩාවට පත් වන්නට හේතුවක් ලෙස හඳුනා ගනු ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍ර‍චණ්ඩත්වයට ගොදුරු වන කාන්තාවන් හා ගැහැනු දරුවන් මුහුණ දෙන ප්‍ර‍ධාන ගැටලුවක් වන්නේ රැකවරණයයි. නිදසුනක් ලෙස, සැමියා විසින් දැඩි ලෙස හිංසාවට ලක් කරනු ලබන බිරියකට තව දුරටත් එම නිවසේ රැඳී සිටින්නට නො හැකි වන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවලදී රැකවරණයක් නොමැතිව අසරණ වන කාන්තාවන්ට තාවකාලිකව නවාතැන් ලබා දී ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. කාන්තාවන්ට එරෙහි ප්‍ර‍චණ්ඩත්වය වැඩිපුර වාර්තා වන, දරිද්‍ර‍තාව පැතිරී පවත්නා, සංවර්ධනය පැත්තෙන් අඩු මට්ටමේ දිස්ත්‍රික්කවල එවැනි මධ්‍යස්ථාන පිහිටුවීම ඉතා වැදගත් වේ. එහිදී යුද්ධයෙන් පසු ප්‍ර‍තිසංවර්ධනය වෙමින් පවතින දිස්ත්‍රික් අයත් වන උතුරු පළාත සුවිශේෂ ය.

කාන්තා කාර්යාංශය විසින් මේ වන විට යාපනයේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ ආරක්ෂිත නිවාස දෙකක් ඉදි කර තිබේ. එහෙත්, සම්පත් හා නිලධාරි හිඟය නිසා ඒවා තවමත් ක්‍රියාත්මක වන්නේ නැත. මේ වන විට එම නිවාස සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් ඇති බව කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ආර්. චූලානන්දා මහත්මිය අපගේ විමසීමකට පිළිතුරු දෙමින් පැවසුවා ය.

තවත් ආරක්ෂක නිවහනක් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ කිලිනොච්චියේ පිහිටුවා තිබේ. එය ද නිලධාරි හිඟය නිසා ක්‍රියාත්මක වන්නේ නැත.

ඒ හැරුණු විට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂිත නිවහනක් ක්‍රියාත්මක වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණි. කුට්ටනය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂිත නිවහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබේ.

මේ වන විට උතුරු පළාතේ සත්‍ය වශයෙන් ම ක්‍රියාත්මක වෙමින් ඇත්තේ යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානය (JSAC) විසින් යාපනයේ පවත්වාගෙන යන ආරක්ෂිත නිවාසය පමණි. එය පවත්වාගෙන යන්නේ සිවිල් සමාජ සංවිධානවල ආධාරයෙනි.

යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානය (JSAC) විසින් යාපනයේ පවත්වාගෙන යන ආරක්ෂිත නිවාසය බලන්නට අපි ගියෙමු. සංගමයේ ක්‍රියාකාරිනී සින්දුකා එය ක්‍රියාත්මක වන ආකාරය ඇයට පැහැදිලි කර දුන්නා ය. “මේ තමයි දැනට පළාතේ ක්‍රියාත්මක වන එක ම ආරක්ෂිත නිවහන. අපි මෙය ආරම්භ කළේ 2003 අවුරුද්දේයි. එය පවත්වාගෙන යන්නේ සිවිල් සමාජ සංවිධානවලින් ලැබෙන ආධාරවලිනුයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය නිසා පීඩාවට පත් වී සිටින කාන්තාවන්ට හා කුඩා දරුවන්ට අපි මෙම නිවසේ තාවකාලිකව නවාතැන් සපයනවා. මේ වන විටත් එවැනි කාන්තාවන් 20ක් මෙහි නවාතැන් ගෙන සිටිනවා. අපි ඔවුන්ට මූලික අවශ්‍යතා, ආරක්ෂාව, තාවකාලික නවාතැන්, වෛද්‍යාධාර හා නීති ආධාර ආදිය සපයනවා.”

මෙම ආරක්ෂිත නිවහන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයට ප්‍ර‍තිචාර දැක්වීමේ හා වැළැක්වීම සඳහා වන යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානයේ වැඩසටහනේ මූලික කොටසයි. අනෙක් කොටස් මෙසේයි:

ප්‍ර‍ජාව තුළ අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන්
ප්‍ර‍චණ්ඩත්වයෙන් පීඩාවට පත් කාන්තාවන්ට සහන පතා පැමිණිය හැකි ගම් මට්ටමේ මධ්‍යස්ථාන පිහිටුවීම
රැකවරණය හා ජීවනෝපාය ආධාර සැපයීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ සිද්ධි වාර්තා කිරීමේ හා ඒ හා සම්බන්ධව ක්‍රියාත්මක වීමේ යාන්ත්‍ර‍ණයන් සම්බන්ධීකරණය කිරීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ කාරණාවලදී වගකිව යුතු අංශවලට බලපෑම් කිරීම
සිය ආයතනය පවත්වාගෙන යාමේදී විවිධ දුෂ්කරතා හා බාධකවලට මුහුණ දුන් බව JSAC ක්‍රියාකාරික සුගී පෙන්වා දුන්නේ ය. සමාජයේ ඇතැම් කොටස්වල වෛරයට ද තමන් පාත්‍ර‍ වූ අවස්ථා ඇති බව ඔහු පැවසී ය.

(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)

යාපනය ආරක්ෂිත නිවහනේ සේවා සම්පාදන දත්ත

ආරක්ෂිත නිවහනේ වාර්ෂික සේවා සම්පාදන දත්ත

මේ වන විට මෙම ආරක්ෂිත නිවහන දිගට ම පවත්වාගෙන යාම සඳහා අලුත් ආධාරකරුවන් සොයා ගැනීමට යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානය වෙහෙසෙමින් සිටියි.

යාපනයේ, මුලතිව් හා කිලිනොච්චියේ පිහිටුවා තිබෙන ආරක්ෂිත නිවාස ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමටත්, මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවලත් එවැනි නිවාස පිහිටුවීමටත් කටයුතු කළ යුතුව ඇති බව උතුරේ කාන්තා සංවිධාන විසින් පෙන්වා දෙන ලදී.

Views:
2451

2017

0 votes
පවුල් සැලසුම සහ ජාතිවාදය
The problem
ජාතිවාදය පසුබිම්කරගෙන වෛදයවරු සහ විවිධ සංවිධාන පර්හ්වයන්ගේ අදහස් හා උපත් පාලනය ප්‍රතික්ත්‍ෂ්ප කිරීම තුළ 1 මවට ඇතිවන කායික මානසික සහ ශාරිරික සෞඛ්‍ය ගැට`ඵ 2 අඩු වයසින් විවාහ වීම සහ නිසි පවුල් සැලසුමක් නොමැති වීම සහ ලිංගික අධ්‍යාපනය මද`කම හේතුවෙන් ඇතිවන අර්බුධ 3 නොමේරු දරු උපත් ඇති වීම 4 ගබ්සා වීම දරුවන් අතර නිසි වයස් පරතරයක් නොමැති තත්ත්ව තුළ දරුවන්ට පෝෂණ උණතා ඇතිවීම හා විවිධ රෝගි දරුවන් බිහිවීම 5 පවුල් අර්බුධ හා ආර්ථික ගැටඵ යනාදි තත්ත්වයන් පවුල් සෞඛ්‍ය නිළධාරිනි, වෛද්‍යවරයෙක් සමඟ සම්මුඛ සාකච්ඡා සහ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන හා දත්ත වාර්තා චිත්‍රපයටක් මගින් පෙන්වා උපත් පාලනය හා සබැදි දුර්මත ඉවත් කිරීමත් නිසි පවුල් සැලසුම සමාජ ප්‍රගමනයට ඇති දායකත්වය සමාජගත කිරිම
The solution

Budget

150000

by shani
3 votes
கழிவுப்பொருட்களை பயனுடையதாக மாற்றுவதன் மூலம் மாசடைவற்ற சூழலை உருவாக்குதல்.
The problem
கிராமப்புறங்களிலும் ,நகர்ப்புறங்களிலும் வெளியேற்றப்படும் களிவுககளை கழிவுகளாக ஓரிடத்தில் கொட்டி சூழலை மாசு படுத்துவதை தவிர்த்து வீடுகளில் வெளியேற்றப்படும் கழிவுகளை வீடுகளிலேயே பயனுடையத்தாக மாற்றிக்கொள்வதன் மூலம் அதாவது வீடுகளில் அனேகமாக உக்கலடைய கூடிய கழிவுகளே வெளியேற்றப்படுகின்றன இவற்றை வீடுகளிலேயே சேதனை பசளையாக மாற்றிக்கொள்ள முடியும் இவ்வாறு சேதனை பசளையாக மாற்றுவதன் மூலம் நாம் எமது வீடுகளில் சிறுய வீட்டு தோட்டங்களை அமைத்து அவற்றுக்கு இதனை பயன்படுத்த முடியும் இதன் மூலம் இயற்கையான உணவினைக்கூட பெற்றுக்கொள்ள முடியும் .இவற்றை கிராமப்புறங்களிலும் ,நகர்ப்புறங்களில் வீடுகளிளும் செய்துகொள்ளலாம் . இதேபோல் ஏனைய கழிவுகளை கூட இவ்வாறு பயனுடையதாக மாற்றுவதன் மூலமும் ,திண்மக் கழிவுகளை மீள் சுழற்ற்சி ,மீள் உற்பத்திக்கு பயன்படுத்துவதன் மூலமும் கழிவுகளை வெகுவாக குறைத்து மேற்ற்கண்ட பிரட்சினைகளுக்கு தீர்வினைப் பெற்றுக்கொள்ள முடியும் என்பது என்னுடைய கருத்தாக உள்ளது.

50000

by ijasrm