කාන්තාවන් මැතිවරණවලට සහභාගි විය යුතු ඇයි?

by AjithJayasinghe
25-Nov-2017

ලොව ප්‍රථම අගමැතිනිය බිහි කළේ ශ්‍රී ලංකාවයි. එසේම ශ්‍රී ලංකාවේ සිව්වන විධායක ජනාධිපතිවරියත් කාන්තාවක්. ඒත්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉතිහාසයේ කිසිම දිනෙක 6.5% ඉක්මවා නැහැ. 

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් අතර කාන්තාවන් ඉන්නෙ 12යි. ප්‍රතිශතය 6.5%යි. පළාත් සභාවල කාන්තා නියෝජනය 3%ට අඩුයි. කලින් තිබුණු පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2%ට අඩුයි. 

කාන්තාවන් දේශපාලනයට පැමිණිය යුතුයි. පවත්නා තත්වයන් වෙනස් කරන්නට එය අත්‍යවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් දේශපාලනයේ යෙදීම වැඩිදියුණු කරන්නට නම් මැතිවරණවලදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම අත්‍යවශ්‍යයි. 

Views:
843