හම්බන්තොට ධීවර වරායන් ආශ‍්‍රිත ගැටලූ

by chathurangiayesha88@gmail.com
10-Jan-2018

මුහුද තම නිජබිම කරගත්, මත්ස්‍යයින් මිනිසාගේ පරිභෝජනය පිණිස රැගෙන එන ධිවර ප‍්‍රජාව, බත් පත රස ගන්නවන්නට මෙන්ම පෝෂ්‍යදායී ආහාරයක් ලබාදෙන්නට ඉමහත් කාර්යභාරයක් ඉටු කරන බව සත්‍යයකි. 

දකුණේ ධීවර වරායන් රැසක මෙම ධීවර රැකියාවෙහි නියුතු විශාල පිරිසක් ජීවත් වන අතර මෙම ධීවර වරායන් ආශ‍්‍රිතව ධීවර ප‍්‍රජාවට ගැටලූ රාශියකට මුහුණ පෑමට සිදුව ඇති බව අප විසින් කරන ලද සමීක්ෂණය තුළ අනාවරණය වූ එක් කාරණයකි. විශේෂයෙන් වරායෙහි ගාල් කර තිබෙන බෝට්ටුවලින් විශාල ප‍්‍රමාණයක් අලූත් වැඩියා කළ යුතු තත්වයේ පවතින බෝට්ටු වෙයි.  එයට අමතරව ලාභය අඩුවීම නිසා යාත‍්‍රා මුහුදට නොයවන ධිවරයින්ගේ බෝට්ටුද ජැටියෙහි ගාල් කර තැබීමට සිදුව ඇත.  

බහුදින ධීවර යාත‍්‍රා සහ එක්දින ධීවර යාත‍්‍රා දෙවර්ගයම මෙම ධීවර වරායෙන් සාගරයට ධාවනය කෙරෙන අතර ඉන් සුලූ පන්න ධීවර කාර්මිකයින්ට වැඩි ගැටලූ ප‍්‍රමාණයකට මුහුණ  දීමට සිදුව ඇත.

මුහුදට යන ධීවරයින්ට නැවත ගොඩබිමට විත් ඔවුන්ගේ රැකියාවෙහි ඉතිරි කොටස එනම් බොට්ටු ගාල් කිරීම ආම්පන්න ගබඩා කිරීම ආදියට වෙරළ තීරය අවශ්‍ය වෙනවා. නමුත් යම් යම් හේතු නිසා වෙරළ තීරය ධිවරයින්ට අහිමි වෙමින් පවතින බව ධීවර ප‍්‍රජාවගේ අදහස වෙනවා.

ධීවර කර්මාන්තයත් එම කර්මාන්තයේ යෙදෙන ධීවරයාත් රටට සම්පතක්. එමෙන්ම සාගරයේ සිටින මත්ස්‍ය සම්පතත්, රටට සම්පතක්. මේ සියල්ල රැක ගනිමින් තහනම් කර ඇති ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කරන අය නීතියේ රැහැනට කොටු කර ගැනීමට  කටයුතු කරමින්, සාමාන්‍ය ධීවර ප‍්‍රජාව ආරක්ෂා වන පරිදි වැඩපිළිලවෙලක් සැකසීමත්, කාලීන අවශ්‍යතාවයක් වී තිබෙනවා.

Views:
834