ත‍්‍රිකුණාමල ‘’ඊචම්’’ වැවේ ජලය උතුරා යාම හේතුවෙන් එහි ප‍්‍රදේශවාසීන් පත්ව ඇති අපහසුතාව

by chathurangiayesha88@gmail.com
10-Jan-2018

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ මුල්ලිපොතාන, තඹලගම ජාමියානගර් ප‍්‍රදේශවාසින් වසර ගණනක සිට ගැටලූවකට මුහුණ දෙමින් සිටියි. වර්ෂාව සහිත කාල වලට ජාමියානගර් ප‍්‍රදේශයේ පිහිටා තිබෙන ඊචම් වැවේ ජලය උතුරා යාම හේතුවෙන් ප‍්‍රදේශවාසින්ට දැඩි අරබුධයකට මුහුණ දීමට සිදුව ඇත.

සාමාන්‍ය  පවුල් 430ක පමණ වැසියන් මෙම ප‍්‍රදේශයේ ජීවත් වන අතර  එම පවුල් අතරින් පවුල් 196කට ආසන්න ගණනක් සෑම වර්ෂයකම මෙම ගැටලූවට මුහුණ දෙයි.

විශේෂයෙන් ඊචම් වැවේ ගැඹුර අඩු වීම හේතුවෙන් අඩු වර්ෂාපතනයක් තුළ වුවද වැව උතුරා යන අතර එම ජල ප‍්‍රහාරය ප‍්‍රදේශවාසීන්ගේ නිවාස හා කෘෂි බෝග වගාවන්ට බලපෑම් කරමින් විනාශ වන තත්වයක් උද්ගතව ඇත. වැවේ ජලය බැහැර කිරීමට අදාළව නිසි ආකාරයෙන් නඩත්තු වන ඇල මාර්ගයක් නොතිබීම මෙයට ප‍්‍රධාන හේතුවක් වන බවට ප‍්‍රදේශවාසීන් දැඩි ලෙස චෝදනා එල්ල කරනු ඇත.

මෙම තත්වය හමුවේ අරබුධයන්ට මුහුණ දෙන මෙම ගම්වාසීන් අවැතැන් වීමෙන් පසු ඔවුන් රැදී සිටින්නේ මුල්ලිපතාන භුහාරි නම් පාසල තුළය.  තවද, අවස්ථා කිහිපයකදීම බලධාරීන් වෙත දැනුම් දුන්නද මේ වන තෙක් ඊට නිසි විසදුමක් ලැබීමට මුලපිරීමක සේයාවක් හෝ පෙනෙන මානයක හෝ නොමැත.

ඇතැම් ව්‍යාපෘති මගින් මිලියන ගණනින්  ප‍්‍රතිපාදන වෙන් වුවත් ඒවා ඇතැම් පරිපාලක අනුදැනුම් මත වෙනත් ව්‍යාපෘතියක් සදහා යොදවා ඇති  බවත් ප‍්‍රදේශවාසීන්ගේ දැඩි සිත්තැවුලට හේතු වූ කරුණක්. ජාමියා නගර් ප‍්‍රදේශවාසීන්ගේ දෛනික ජීවිතයේ කටයුතු මෙන්ම සිය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු පවා අඩාල කරන්නට හේතු වන මෙම තත්වය විසදීමෙහිලා බලධාරීන්ගේ අවධානය යොමු වීම වැදගත් කරුණක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

Views:
321