ගැහැනුන් පොත් ලියන්නේ කොහොමද (සුරේඛා සමරසේන සමග සංවාදයක්)

by Ajith
26-Sep-2017

සුරේඛා සමරසේන කියන්නේ නව පරපුරේ කිවිඳියක් හා නවකතාකාරියක්. ඇය ලියූ ‘මේ කතාව' නවකතාවත්, මෑතදී පළ වූ ‘සිලිබිල්ලි' පද්‍ය සංග්‍ර‍හයත් විචාරක අවධානයට යොමු වී තිබෙනවා. 

සුරේඛා කලක් රාවය ඇතුළු පුවත්පත් ගණනාවක සේවය කළ මාධ්‍ය වෘත්තිකයෙක්. මේ වන විට ඇය සේවය කරන්නේ වෙරිටෙ රිසර්ච් ආයතනය හා සම්බන්ධවයි. 

සුරේඛා වසරකට පමණ ඉහතදී මවක් වුණා. පුංචි බිම්බසාරා බලා ගන්නට කෙනෙකු නැති නිසා සුරේඛා මේ දිනවල දිනපතා කොළඹ රැකියාවට එන්නේ රත්නපුරයේ සිටයි. ඇයට උදේට පැය හතරකුත්, සවසට පැය හතරකුත් බස්රියේ ගෙවා දමන්නට සිදු වෙනවා.

ඒ කාලය සිතීමට, නිර්මාන ගොඩනගා ගැනීමට, කියවීමට හා ලිවීමට භාවිතා කරන බවයි, සුරේඛා පවසන්නේ. ඇය ගෙදර යන විට ඇය එනතෙක් සුරතල් වීමට බලා සිටින පුංචි බිම්බසාරා නිසා ඇයට ලිවීමට වෙනත් කාලයක් ලැබෙන්නේ නැහැ.

රැකියාව, නිර්මානකරණය වැනි ක්ෂේත්‍ර‍වලදී බොහෝ කාන්තාවන් මෙම අභියෝගයට මුහුණ දෙනවා. එවිට ඔවුන් බොහෝ දෙනෙකු කරන්නේ රැකියාව හෝ නිර්මානකරණය හෝ අතහැර දමා පවුල හා දරුවන් වෙනුවෙන් ඇපකැප වීමයි. එහෙත්, සුරේඛා එසේ පහසුවෙන් ස්වාත්ම ඵලසාධනය (self actualization) වෙනුවෙන් අරගලය අතහැර දමන කෙනෙකු නොවෙයි. 

ඇය එසේ අරගල කරන්නේ ඇයට ස්ත්‍රිය සම්බන්ධයෙන් තිබෙන දැක්ම හා චින්තනය නිසායි. ඒ නිසා ඇය සමග අප කරන මෙම සංවාදයට සවන් දෙන්න. වැඩසටහන උපුටා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සිකුරාදා උදේ 8 සිට 9 දක්වා විකාශය වන සාරප්‍ර‍භාගිර වැඩසටහනින්. 

මෙම වැඩසටහනේ ඇය ස්ත්‍රීවාදය පිළිබඳ ඉදිරිපත් කරන අදහසක් පිළිබඳ දැනටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයක් ඇති වී තිබෙනවා. අපි ඒ ගැන මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. 

Views:
1184