What does being transgender mean?

by Yamini Perera
05-Aug-2019

‘උඹ ගෑණියෙක් හැටියට ඉපදුනානම් ගෑණියෙක් විදිහට ඉපන්. උඹට කවදාවත් පිරිමියෙක් වෙන්න බැහැ. පිං කරපන් ලබන ආත්මේ පිරිමියෙක් වෙන්න.

ඉහත දැක්වෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී පුරුෂ පුද්ගලයෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඔහුගේ සංක්‍රාන්ති ක්‍රියාවලිය සම්බන්ධව ලැබුනාවූ සෝචනීය පිළිතුරයි.

සංක්‍රාන්ති සමාජභාවී පුරුෂ පුද්ගලයන්ට පමණක් නොව සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ටද සමාජය විසින් දක්වන්නා වු ප්‍රතිචාරය ඉහත තත්ත්වයට සමානවේ. මෙයින් විදහා දක්වන්නේ සමාජය තුල ඇති මිනිස් වර්ගයා පිළිබ විද්‍යාත්මක අධ්‍යනයන්, මිනිස් වර්ගයාගේ විකාශනය, මිනිසා තුල පවතින විවිධත්වය වැනි විෂයානුකූල දැනුම පිළිබ පවතින අනවබෝධයයි. එමෙන්ම කිනම් පසුබිමක් මතවුවද අනෙකාට ගරු කිරීම වැනි මානුෂීය ගුණාංග සමාජය තුලින් ගිලිහී යාමයි. තමන්ගේ නොදැනුවත් භාවය පිළිගැනීමට තිබෙන අකමැත්ත නිසා අනෙකා ගැරහීමට ලක් කරමින් තම අඩුපාඩු සවා ගැනීමට දරනු ලබන උත්සාහයයි.

පටු සමාජ රාමුවෙන් එහාට ගොස් මිනිසා තුල ලිංගිකත්වයට සම්බන්ධව වෙනස්කම් පවතින්නේද යන්න අධ්‍යනය කොට වටහා ගැනීමටවත් ලාංකීය සමාජයේ මිනිසා අපොහොසත් වන්නේ,    සංස්කෘතිය නම් දුහුල් රෙදි කඩින් තම නොදැනුවත් භාවයේ සහ අන්ධ විශ්වාසයේ හෙලුව වසාගෙන සිටින බැවිනි. ඊට වඩා අනොකාගේ ජීවිතය විනාශ මුඛයට ඇද දමා සතුටුවීම ඔවුනට ප්‍රියවේ.

නමුත් සම්මතයට එහා ඇති දෑ දැනහුනා ගැනීමටත් තවත් පුද්ගලයෙකුට ජීවිතය සාර්ථකත්වයට ලා කර ගැනීමට පිහිට වීමට කැමත්තක් දක්වන්නාවූ යමෙක් සිටීනම්, සැබැවින්ම ගැහැණියකට පිරිමියෙකු විය හැකිද නැත්නම් පිරිමියෙකුට ගැහැණියක විය හැකිද යන්න වටහා ගැනීමේ අවශ්‍යතාවයක් හා වැදගත්කමක් පැවතිය හැකිය.

සැබෑලෙසම කිසිදු ගැහැණියකට පිරිමියෙකු වීමටත් කිසිදු පිරිමියෙකුට ගැහැණියක වීමටත් නොහැක්කේ, ජීව විද්‍යාත්මක ශරීරයත් (physical body) මානසික ශරීරයත් (psychological body) සමාන වන්නාවූ පුද්ගලයෙකුට තම ලිංගික අනන්‍යතාවය පිළිබ ගැටලුවක්  මතු නොවන බැවිනි.

නමුත් එලෙස තත්වාකාරයෙන් සෑම අවස්ථාවක මිනිස් උපත් සිදුනොවන බව විද්‍යාත්මක සමීක්ෂණ තුළින් හෙළිදරවු කර ඇත.  කලාතුරකින් ගැහැණු ශරීරයක් තුළ පුරුෂ මානසිකත්වයක් ද පුරුෂ ශරීරයක් තුළ කාන්තා මානසිකත්වයක්ද හටගනී. මේ පිළිබ වටහා ගැනීමට යම් විෂය කරුණු කොටසක් අවබෝධ කරගැනීම අවශ්‍යයවේ.

  • සංක්‍රාන්ති සමාජභාවී පුද්ගයන් සංකල්පය නිර්වචනය

මෙහිදී ලිංගය(Sex), ස්ත්‍රී පුරුෂ සමාජභාවය(Gender) ,ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය(Gender Identity) ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රකාශනය(Gender Expression) සහ විශමලිංගික (Cisgender) යන සංකල්ප නිර්වචනය සහ පැහැදිළි කිරීම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගයන් යන සංකල්පය නිර්වචනයේ දී පසුබිම් සාකච්ඡාවක් ලෙස වැදගත් වේ.

 පුද්ගලයෙකු ගේ ලිංගය(Sex) යනු පුද්ගලයෙකු උපත ලබන අවස්ථාවේ දී බාහිර ලිංගික අවයවවල වලට අදාළ ලිංගික අනන්‍යතාවය යි. නමුත් පුද්ගලයෙකු ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු පුද්ගලයා ගේ ජීව විද්‍යාත්මක ලිංගයට අදාළ ව සමාජය විසින් දෙන ලද සංස්කෘතියක හැඟීම්,  ආකල්ප සහ හැසිරීම් රටාවන් ය. මේ අනුව පුද්ගලයෙකු ගේ ලිංගය ජීව විද්‍යාත්මක කාරණයක් වන අතර එය සමාජ ගොඩ නැංවීමක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් වෙනස් වේ. තවදුරටත් මානවයාගේ ලිංගය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්ප අතර වෙනස පිළිබඳ ව සළකා බැලීමේ දී ලිංගය(Sex) ස්ත්‍රීත්වය(Femininity) සහ පුරුෂත්වයට(Masculinity) අදාළ ජීව විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ ව සාකච්ඡා කරන අතර ස්ත්‍රීපුරුෂ සමාජභාවය ස්ත්‍රියක හා පුරුෂයෙකු වීමේ මනෝවිද්‍යාත්මක, චර්යාමය, සමාජීය සහ සංස්කෘතික පැතිකඩ සාකච්ඡා කරනු ලබයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය(Gender Identity) යනු පුද්ගලයෙකුට උපතින් ලැබෙන ලිංගිකත්වයට (assigned sex at birth) එනම් ප්‍රාථමික / ද්විතීයික ලිංගික ලක්ෂණ වලට අදාළව හෝ එසේ නොවන අයුරින්  පිරිමි ළමයෙකු ,පුරුෂයෙකු, ගැහැණු ළමයෙකු ,කාන්තාවක හෝ විකල්ප ස්ත්‍රීපුරුෂ සමාජභාවී (ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසදෘශතාව gender nonconformity/ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය උදාසීනභාවය gender-neutral/ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසාමාන්‍ය බව gender queer) ආදී වශයෙන් ගැඹුරින් දැනෙන අනන්‍යතාවය යි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රකාශනය(Gender expression) යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය හෝ භූමිකාව ප්‍රකාශ කරනු ලබන බාහිර පෙනුම, ඇඳුම් පැළඳුම් තේරීම හා හැසිරීමට අදාළ  තනි පුද්ගල ඉදිරිපත් කිරීමයි.

ඉහත කරුණු වලට අනුව විශම ලිංගික(Cisgender) යනු තමාට උපතින් හිමිවන ලිංගය සමඟ සිය ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය සහ ප්‍රකාශනය ගැළපෙන පුද්ගලයන් හඳුනාගැනීමට භාවිතාකරනු ලබන විශේෂණ පදයකි.

ඒ අනුව සංක්‍රාන්ති සමාජභාවී(Trans Gender) පුද්ගලයෙකු යනු තමාට උපතින් හිමිවන ලිංගය හා නොගැළපෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවයකින්  හෝ භූමිකාවකින් යුතු පුද්ගලයන් හැින්වීමට භාවිතා වන  විශේෂණ පදයකි. ඒ අනුව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු තමාට උපතේ දී හිමිවන ලිංගය හා තම ස්ත්‍රීපුරුෂ සමාජභාවය අතර ගැටුමකට මුහුණදෙනු ලබයි. එහිදී ඔවුන් තම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවයට අදාළ හැසිරීම් රටාවන් ඇදුම් පැළඳුම් භාවිතය නිසා සමාජීය වශයෙන් නිර්දේශිත ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රතිමාණ  (Gender Norms) සමඟ ඝට්ටනයකට මුහුණ දෙනු ලබයි. එබැවින් පුද්ගලයෙකු ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද යන්න තීරණය කිරීම සහා හුදෙක් උපතේදී හිමිවන ලිංගික අවයව මත පමණක් පදනම් වීම සුදුසු නොවේ.

මේ අනුව සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවය සමාජීය වශයෙන් සංකීර්ණ කාරණයකි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පුලුල් ව්‍යවහාරයේ කොටස් 02 කි. පුරුෂ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්(Female to male) හා ස්ත්‍රී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් (Male to Female) වශයෙනි.

ස්ත්‍රී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් (Male to Female) යනු යම් පුද්ගලයෙකු ගේ උපත් ලිංගය පුරුෂ වුවත් ස්ත්‍රියක ලෙස තම ස්ත්‍රී පුරුෂ සමාජභාවය හඳුනාගනු ලබන පුද්ගලයෙකි.

පුරුෂ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් (Female to Male) යනු යම් පුද්ගලයෙකු ගේ උපත් ලිංගය ස්ත්‍රියක වුවත් පුරුෂ ලෙස තම ස්ත්‍රී පුරුෂ සමාජභාවය හඳුනාගනු ලබන පුද්ගලයෙකි.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් තමා ව හැඳින්වීම සඳහා සර්වනාම(Pronoun) භාවිතයේ දී Female To Male කණ්ඩායම ඔහු”(He)ලෙස ද Male to Female කණ්ඩායම ඇය”(She) ලෙසද භාවිතා කරයි.

මිනිසුන් සැබැවින්ම සෑම අතින්ම විවිධාකාරවේ. සෑම දෙනාම ඒකාකාරී වුවේ නම් ලෝකය මෙතරම් සුන්දර වන්නේ නැත. තම අතැිලි අතර ඇති විවිධත්වය නිසාම එයින් ගත හැකි ප්‍රයෝජන අගය කරන්නා සේම සමාජයේ ජීවත් වන විවිධාකාර වූ මිනිස් කණ්ඩායම් තුළ පැවැත්ම සමාජයේ පැවැත්මට අවශ්‍යය බව වටහා ගන්නේ නම් බොහෝ ජීවිත හානි වලක්වා ගත හැකිවනවා ඇත. තමා ගේ දෑසින් නොව අනෙකාගේ දෑසින්ම ඔවුන්ගේ ජීවිත වටහා ගන්නේ නම් එම ජීවිත තුළ ඔවුන් විින්නාවූ අනේක විද වූ අපහසුතාවයන් වටහා ගැනීම පහසුවේ.

 

Views:
2922