දකුණු පළාතේ තරුණයන් තමන්ගේ අතින් ම තරුණ ප්‍ර‍තිපත්තියක් හදන හැටි

by iVoice Staff
15-Feb-2016

දකුණු පළාත් සභාවේ තරුණ කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ සහයෝගීතාවෙන් හා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ පහසුකාරකත්වයෙන් දකුණු පළාතේ තරුණයන් සඳහා තරුණ ප්‍ර‍තිපත්තියක් සම්පාදනය කෙරෙමින් තිබෙන බව අපි වාර්තා කළා. තරුණයන් වෙනුවෙන් වැඩිහිටියන් ප්‍ර‍තිපත්ති සම්පාදනය කරනවා වෙනුවට තරුණයන් විසින් ම මෙහෙයවනු ලබන තරුණ සාකච්ඡා ක්‍රියාවලියක් ඔස්සේ දැන් එම තරුණ ප්‍ර‍තිපත්තිය ප්‍ර‍ජාතාන්ත්‍රික ලෙස සංවර්ධනය වෙමින් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ තරුණ විශ්ලේෂක තරිඳු ජයවර්ධන මේ ව්‍යායාමය පැහැදිලි කළේ මෙසේයි: “දකුණු පළාත් සභාවට අවශ්‍ය වුණා ජාතික තරුණ ප්‍ර‍තිපත්තිය මත පදනම් ව පළාත සඳහා වැඩරාමුවක් සකසන්නට. පළාතේ විවිධ ප්‍රදේශ හා අංශ නියෝජනය කරන තරුණ තරුණියන් එක්රැස් කර උපදෙස් ලබා ගැනීමේ සැසි වාර දෙකක් පවත්වනු ලැබුවා. ඉන් පසු, සිසුන්, ගුරුවරුන්, රජයේ නිලධාරීන්, ගැමි හා නාගරික තරුණයන්, තරුණ ගොවීන්, ධීවර තරුණයන්, වැවිලි කර්මාන්තය ආශ්‍රිත තරුණයන් ආදී වූ විවිධ ඉලක්ක කණ්ඩායම් රැසක් සමගත් සාකච්ඡා වට ගණනාවක් ඔස්සේ අදහස් ලබා ගනිමින් දත්ත එක් රැස් කරගෙන තමයි අපි මෙම ප්‍ර‍තිපත්තිය කෙටුම්පත් කරමින් ඉන්නේ. එය ක්‍රියාත්මක කරවීමේ හා ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීමේ ක්‍ර‍මෝපායකුත් ඒ සමග සම්බන්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.”

තරුණ ප්‍ර‍තිපත්තිය කෙටුම්පත් කිරීමේදී හා ඒ සඳහා තරුණ උපදේශන ලබා ගැනීමේ කාර්යභාරය මෙහෙයෙව්වේ දරිද්‍ර‍තා විශ්ලේෂණ කේන්ද්‍ර‍යයි. පහත පළ වන්නේ එම කාර්යයට මැදිහත් වූ කෞශල්‍යා තිලානිගේ අදහස්: “අපි ඉතා ම පුළුල් තරුණ නියෝජනයක අදහස් ලබා ගනිමින් ඉන්නවා. තවදුරටත්, ත්‍රිරෝද රථ රියදුරන් වැනි ඉලක්ක සමාජ කණ්ඩායම් සමග ද සාකච්ඡා කරන්නට නියමිතයි. තරුණ තරුණියන්ගේ මෙන් ම තරුණ කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය හා පෞද්ගලික අංශවල වගකිවයුත්තන්ගේත් අදහස් අපි ලබා ගනිමින් ඉන්නවා. ඒ අනුව සැකසූ පළමු වාර්තාව අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නවා. එයට එකඟතාව ලැබුණු පසු එය තවදුරටත් සංවර්ධනය කර ප්‍ර‍තිපත්ති ලේඛනයක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මෙම තරුණ ප්‍ර‍තිපත්තිය පළාත තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දකුණු පළාත් මානව සංවර්ධන අධිකාරියක් පිහිටුවන්නට අප යෝජනා කර තිබෙනවා.”

තරුණ ප්‍ර‍තිපත්තිය කෙටුම්පත් කිරීමේදී පළාතේ තරුණයන් වෙතින් එක් රැස් කර ගන්නා ලද කරුණු පාදක කර ගත්තා.

දකුණු පළාත තුළ තිබෙන විභවයන් ඉතා වැදගත්. එයට බෙන්තොට සිට කිරින්ද දක්වා විහිදුණු දිගු වෙරළ තීරයක් තිබෙනවා. එහි දැනටත් ධීවර කර්මාන්තය හා සංචාරක ව්‍යාපාරය පුළුල් ලෙස සිදු වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 35%ක් දකුණු පළාත තුළ රැඳෙනවා. එහි හෝටල් කාමර සංඛ්‍යාව 2014 වන විට 6717ක්. ඒවායේ නැවතී සිටීමේ අනුපාතිකය 73.6%ක්.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවලට ස්ත්‍රී පාර්ශ්වයේ යොමු වීම අඩු බව අධ්‍යයනවලදී හඳුනාගෙන තිබෙනවා. සමාජ ආකල්ප එයට එක් හේතුවක්.

සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා පාරිසරික සංචාරක කර්මාන්තය, ත්‍රාසජනක ක්‍රීඩා සහිත සංචාරක කර්මාන්තය, පෞද්ගලික නිවාසවල සංචාරකයන්ට නවාතැන් දීම වැනි අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කෙටුම්පත පෙන්වා දෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයත් සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ඉවහල් වන සාධකයක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වානිජ වී ගොවිතැන දකින්නට ලැබුණත්, සෙසු දිස්ත්‍රික්කවල වී ගොවිතැන බොහෝ දුරට යැපුම් මට්ටමට සීමා වී තිබෙනවා.

තේ, කුරුඳු වැනි අපනයන බෝග වගාව ද දකුණු පළාතේ ව්‍යාප්ත වී තිබෙනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2012 වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කුඩා තේ වතු හිමියන්ගෙන් 40%ක් ම ඉන්නේ දකුණු පළාතේයි. .

කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සුවිශේෂ තත්වයක් ගැන ද මෙම කෙටුම්පතේ සඳහන් වුණා. කුරුඳු තැලීම සම්ප්‍ර‍ායිකව එක් කුලයක අය පමණක් කරන කාර්යයක් වීමයි ඒ සුවිශේෂ කාරණය.

ශ්‍රී ලංකාවේ ධීවර වරායන් 27න් 14ක් ම පිහිටා තිබෙන්නේ දකුණු පළාතේයි. සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන දෙකක් ගාල්ලේ හා තංගල්ලේ පිහිටා තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර හා නවුක විද්‍යා තාක්ෂණ පීඨයක් මාතර පිහිටුවා තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස පළාතේ ජනගහණයෙන් 4%ක් පමණයි. එහෙත් ජාතික මට්ටමේදී ධීවරයන් සමස්ත ජනගහණයෙන් 15%ක් වෙනවා. ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස අතරින් බහුතරය තරුණයෝයි. පුහුණුව, ජීවිත රක්ෂණ ආදී ගැටලු රැසකට ඔවුන් මුහුණ දෙනවා.

ධීවර කර්මාන්තයේ නියුතු තරුණයන්ගේ වෘත්තිකභාවය නැංවීම පිළිබඳවත් තරුණ ප්‍ර‍තිපත්ති කෙටුම්පතේ අවධානය යොමු කර තිබෙනවා.

දකුණු පළාත, වෙස් මුහුණු, බීරළු වැනි සම්ප්‍ර‍දායික කර්මාන්ත රැසක් පැතිර පැවතුණු පළාතක්. එහෙත්, දැන් ඒවා බොහොමයක් අභාවයට යමින් තිබෙනවා. ප්‍ර‍මාණවත් ආදායම් නොමැතිකම නිසා තරුණ පරපුර ඒ වෙත යොමු නො වීම එක් හේතුවක්.

එතරම් දුරට අධ්‍යාපනය නො ලද තරුණයන් අලුතින් යොමු වන රැකියා ක්ෂේත්‍ර‍ අතර දකුණු කොරියාවේ රැකියා, ත්‍රිරෝද රථ පැදවීම ආදිය දකින්නට පුළුවන්. එහෙත්, දකුණු කොරියාවේ රැකියා කර ආපසු පැමිණෙන තරුණයන් තමන් රැගෙන එන මුදල් අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවස්ථා සම්පාදනය කර දීමේ අවශ්‍යතාව ද මෙම කෙටුම්පතෙහි සාකච්ඡා කරනවා.

තරුණයන්ගේ ම මැදිහත් වීමෙන් මෙම කෙටුම්පත සම්පාදනය කරන ක්‍රියාවලියත්, ඒ ඔස්සේ බිහි වන පළාත් තරුණ ප්‍ර‍තිපත්තියත් තරුණයන් සම්බන්ධයෙන් ලාංකීය දේශපාලන මැදිහත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.

මේ ලිපියත් කියවන්න: තරුණයන් අතින් දකුණු පළාතේ තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍ර‍තිපත්තියක්

කෞශල්‍යා තිලානි මුලසුනේ. දකුණු පළාත් තරුණ ඇමති වීරසුමන වීරසිංහ අදහස් දක්වමින්

Views:
7949

2017

0 votes
තාරුණ්‍යයට ජවයක්
The problem
ශ්‍රී ලoකික තාරුණ්‍යය වර්තමානයේ පත්ව ඇති මානසික ආතතියෙන් මුදවා ඔවුන්ව නිවැරදි මාර්ගයට යොමු කර නව තාක්ෂණය ඔස්සෙ ඔවුන්ගෙ ආර්ථිකයට අත්වැලක් විම මාගෙ අරමුණයි .
The solution

Budget

50000

by Dilshan Hettiarachchi
2 votes
තරුණයන්ට මෘදු කුසලතා ගැන පුහුණුවක් සමග ඉංග්‍රීසි දැනුම ලබා දීම
The problem
ග්‍රාමීය තරුණයන්ට පහත සදහන් මෘදු කුසලතා හදුන්වා දීම සදහා ක්‍රියා කිරීම. මේ සදහා දැනුමැති ගුරුවරුන්ගේ සහාය ලබා ගැනේ. ඔවුන් සමග එකතු වී විෂය නිර්දේශයක් හදනු ඇත. Communication Skills Making Decisions Self Motivation Leadership Skills Team-Working Skills Creativity and Problem Solving Skills Time Management and ability to work under pressure මෙම එක් එක් මාතෘකාව සාකච්ඡා කිරීම සදහා පැය දෙක බැගින් වෙන් කරනු ලැබේ. සතියට එක් දිනක් වරුවක් පැවැත්වෙන මෙම වැඩසටහනේ ඉතිරි පැය දෙක ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගැන්වීම සදහා යොදනු ලැබේ. අවසාන දවසේ සිසුන්ට තම අදහස් හා අනාගත සැලසුම් සාකච්ඡා කිරීමට වෙන් කරනු ලැබේ.

100000

by Kavishan Madusankha
0 votes
පොලිෂ් නැති “කඩ්ඩ” තවමත් ඇණයක්ද?
The problem
අධ්‍යාපනය යන්න පිළිබඳව විවිධාකාරයේ නිර්වචන රැසකි. අප්‍රිකානු මාසායිමාරා ගෝත්‍රික කියමනක් මෙහිදී සඳහන් කිරීම වටී.එනම් “ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් -ධාන්‍ය වපුරන්න.ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් -ගස් සිටුවන්න.ඔබ සැලසුම් කරන්නේ ජිවිත කාලයටනම් -ජනතාවට අධ්‍යාපනය දෙන්න.” සොබා දහම හෙවත් ප්‍රකෘතිය ඉදිරියේ අසරණ නොවී ජීවත් වීම සඳහා සකලවිධ මිනිස් වර්ගයා විසින් එදා මෙදා තුර සොයා ගන්නා ලද දැනුම, ආකල්ප හා කුසලතාවන්ගේ සමස්ත එකතුව අධ්‍යාපනය නමින් හැඟවිය හැකිය. අද දවසේදී 3 ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්‌වා දෙවැනි භාෂාවක්‌ ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම සියලු රජයේ පාසල්වල සිදු කෙරේ. නූතන තාක්‍ෂණ ලෝකයක ජීවත් වන අපි සියලුදෙනාට ඉංග්‍රීසි දැනුම ඇවසීය. ජාත්‍යන්තර භාෂාවක්‌ ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම යුගයේ අවශ්‍යතාවකි. විශ්වවිද්‍යාලවල බොහෝ පාඨමාලා හැදෑරීමට සිදුවන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ජාත්‍යන්තරය සමඟ ගැටීමට ඉංග්‍රීසිය මෙවලමකි. "කඩුව" යන වචනය ඉංග්‍රීසි භාෂාවට යෙදී ඇත්තේ එබැවිනි. වර්තමානයේ තරුණ අසහනය වර්ධනයට බලපාන ප්‍රදානම හේතුව වන්නේ විරකියාවයි. විරැකියාව සඳහා බලපාන ප්‍රධානතම හේතුව ඉංග්‍රීසි අධ්‍යාපනයයි. වර්තමාන ලෝකය එකම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති අතර එයට ඇතුළු වීමේ යතුර ඉංග්‍රීසි භාෂාවයි. වර්තමානයේ රැකියා වෙළඳ පොලෙහි වැඩි ඉල්ලුමක් ඇත්තේ ඉංග්‍රීසි භාෂා දැනුම ඇති පුද්ගලයන් සඳහාය. උපාධියක් තිබුනද ඉංග්‍රීසි දැනුම නොමැති නම් එහි වටිනාකම නිරායාසයෙන්ම අඩුවී යයි.විරැකියාව වර්ධනය වන්නේ මේ නිසාය. මේ අනුව ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම සහ අවශ්‍යතාවය පැහැදිලිවේ. මෙම අභියෝග ජය ගැනීම සඳහා මා යෝජනා කරන්නේ මෙවන් ක්‍රමයක්ය. වර්තමානයේ තරුණ පරපුර අන්තර්ජාලය හා පවත්වන සම්බන්ධතාවය ඉතාමත් සමීප වේ. ඒ සඳහා දවසේ වැඩි කාලයක්ද යොදවනු ලැබේ. අන්තර්ජාලය තුල ඉංග්‍රීසි ඉගනගැනීම සඳහා විවිධ වෙබ් පිටු පවතින අතර ඒවා විසිරි පවතින බැවින් තරුණයන්ගේ අවධානය ඒ සඳහා යොමු වන්නේ මද වශයෙනි. එම ගැටලුවට මා ලබා දෙන විසදුම වන්නේ “ මේ ආකාරයට විසිරි ඇති ඉංග්‍රීසි පාඩම් ඇතුලත් වෙබ් පිටු ඒකරාශී කරමින් එකම වෙබ් පිටුවක් නිර්මාණය කිරීමයි.” උදාහරණයක් ලෙස ගත්විට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් 12 ඉගන ගැනීම සඳහා link 12 එකම පිටුවක ලැයිස්තු ගත කල හැකිය. මේ නිසා එකම වෙබ් පිටුවක් තුලට පිවිසීම තුලින් තමන්ට අවශ්‍ය ඕනෑම ඉංග්‍රීසි පාඩම් මාලාවක් හැදෑරීමට හැකිය. තවද ඉංග්‍රීසි පාඩම් ඇතුලත් වීඩියෝ ඇතුලත් කිරීමද කල හැකිය. මේ අනුව ඉංග්‍රී සිදැනුම ඇති ගුරුවරුන්ද සහාය කර ගනිමින් ඒ අය සමග සාකච්ජා කර අන්තර්ජාලය හරහා ඉංග්‍රීසි ඉගනගත හැකි මාර්ග ලැයිස්තු ගත කිරීමට අපේක්ෂා කෙරේ.මේ නිසා විවිධ වංචනික කඩ වලට හසු නොවී තමන්ටම තමන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට එකම වෙබ් පිටුවක් හරහා හැකියාව ලැබේ.

85000

by Lakmee nilanka.
1 votes
Beyond The Frame අභිප්‍රේරණ වැඩමුළුව
The problem
අත්දැකීම් අතරින් ම කැලණිය සරසවියේ උපාධියට මනෝවිද්‍යා විෂයය ඉගෙන ගන්නා අතරතුරේ ම මට මෙන් ම මගේ යහළුවන් කිහිපදෙනෙකුට ම හිතුනේ මේ දැණුම ගැටලුව විසඳන්න ප්‍රායෝගික ව යොදා ගන්න බැරි ඇයි කියලා. උපාධියෙන් පස්සේ ජයවර්ධන සරසවිය ට අනුබද්ධ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපදේශනය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරද්දී මේ ආශාව හා බලාපොරොත්තු වැඩි වුණා. වැදගත් ම දේ විභාගයට මුහුණ දෙන අපේ පරපුර ට ඔවුන්ගේ හැකියාව ගැන ඇත්ත විශ්වාසයක් ඇති කිරීමයි. ඒ සඳහා නියාමක වැඩමුළුවක් විදිය ට කොළඹ දී වැඩමුළුවක් සාමාන්‍ය පෙළ ශිෂ්‍ය පිරිසක් ඉලක්ක කර ගෙන පවත්වන්න අපි තීරණය කළෙමු. තෝරා ගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 50කට අඩු සංඛ්‍යාවක් ඉලක්ක කර ගෙන මේ වැඩමුළුව පැවැත්වීම ට අදහස් කළෙමු. මෙම වැඩමුළුවේ දී කාලය කළමනාකරණයකර ගන්නේ කොහොමද, විවේකය ඵලදායි ලෙස ගතකරන්නේ කොහොමද, මතකය වැඩිදියුණු කරගන්නේ කොහොමද යන්න මෙන්ම තමා තුළ ඇති සෑම අසාර්ථකත්වයක්ම සාර්ථකත්වය සඳහා යොමු කරගන්නේ කොහොමද ආදි තේමා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු. සිසු මනස තුළ නව ප්‍රබෝධයක් ඇති වන ආකාරයෙන් සංගීතය, වීඩියෝ දර්ශන, ගීත. කණ්ඩායම් ක්‍රියාකාරකම් දේශන හා සාකච්ඡාවන් සමඟ යොදා ගැනීමට අපේක්ෂා කරමු.

150000

by Sudarika
0 votes
අනාගත ගුරුවරුන් හරහා ප්‍රචණ්ඩත්වය පිටුදැකීම (සාමූහික ව්‍යාපෘතිය)
The problem
අප මුලින්ම කරන්නේ ගුරු විද්‍යාලයේ සිසුන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන වැඩමුළුවක් පවත්ව දැනුවත් කිරීමයි. ඒ සඳහා සුදුසු සම්පත් දායකයන්ට ආරාධනය කරන්නෙමු. ඉන්පසු සිසුන් ගීත රචනා, සංගීත නිර්මාන, වීඩියෝ නිර්මාන, පසුතල නිර්මාන, රංගනය ආදී වශයෙන් කණ්ඩායම් බෙදා ඒ කණ්ඩායම් ඒ ඒ අංශ සම්බන්ධයෙන් වැඩිදුර දැනුවත් කරන වැඩමුළුවක් පවත්වනවා ඇත. ඒ සඳහා ද සුදුසු සම්පත් දායකත්වය ලබා ගන්නෙමු. ඒ ඔස්සේ විද්‍යා පීඨ සිසුන්ගෙන් ප්‍රචණ්ඩත්වය ගැන සාධනීය පණිවුඩයක් ඇති, ගුරුවරුන්ට ගැයීමට සුදුසු ගීත රචනා නිර්මානයක් තෝරා ගනු ඇත. මේ සඳහා තරගයක් පවත්වනු ලැබේ. ඉන්පසු එම ගීතය විද්‍යාලයේ සංගීත අංශයේ සහයෝගයෙන් සංගීත නිර්මානය කර සමූහ ගීතයක් ලෙස පටිගත කරනු ලැබේ. එම ගීතයට රූප රචනයක් කර එය සංගීත වීඩියෝවක් ලෙස සකස් කරනු ඇත. ඒ සඳහා අපගේ සිසුන්ගේ හා සම්පත් දායකයන්ගේ උදව් ලබා ගන්නෙමු. මේ සඳහාද සිසුන් අතර තරගයක් පැවැත්විය හැකිය. හොඳම රූපරචනය ඇසුරෙන් වීඩියෝව නිර්මානය කරනු ලැබේ. එහි පසුතල නිර්මානය, වීඩියෝ කිරීම, සංස්කරණය වැනි දේවලට සිසුන් යොදා ගනු ලැබේ. එයින් ඔවුන්ට අත්දැකීම් සහ පුහුණුවක් ලැබෙනු ඇත. මෙම වීඩියෝව රූපගත කිරීම කරනු ලබන්නේ අප විද්‍යා පීඨ බිමෙහි ය. එහි රඟපානු ඇත්තේ ගුරු සිසුන් හා ගුරුවරුන්, ළමයි ආදියයි. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේද, අධ්‍යාපන විද්‍යා පීඨයේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මව්පියන්ගේද සහයෝගය අපේක්ෂා කරමු. ඉන්පසු මෙම වීඩියෝව ප්‍රසිද්ධ ජනමාධ්‍යවලින් විකාශනය කිරීමද, සමාජ මාධ්‍ය, යූටියුබ් ඔස්සේ බෙදාහැරීමද, ඩීවීඩී තැටියක් නිකුත් කිරීමද කරනු ඇත.

125000

by Aminda