ශ්‍රී ලංකාවේ පාසල් පෙළ පොත් හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය

by Ajith
12-Aug-2017

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට හඳුන්වා දෙන්නට යනවා ය කියා හාහූවක් සමාජ ජාලවල ඇවිළෙනවා. පාසල්වල ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය විධිමත් කිරීමේ පියවර නම් දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය අධ්‍යාපනය කියන්නේ ලිංගික අධ්‍යාපනය නෙමෙයි. 

මේ අත්‍යවශ්‍ය අධ්‍යාපනය විධිමත් කිරීම පහසු කාර්යයක් නො වන බවට උදාහරණයක් ලෙස 2010 වසරේදී සිදු වූ සිද්ධියක් දැක්විය හැකි ය. විදේශ දරුවන් ද අධ්‍යාපනය ලබන ප්‍ර‍ධාන පෙළේ පෞද්ගලික පාසලක් වූ කොළඹ ජාත්‍යන්තර පාසල විසින් වයස අවුරුදු 11 – 12 අතර සිසුන්ට ජාත්‍යන්තර වශයෙන් භාවිතා වන පෙළ පොතක් වන ජෝ ජෙන්කින්ස්ගේ Moral Issues හඳුන්වා දීමත් සමග දේශීය දෙමව්පියන්ගෙන් බරපතල විරෝධයක් මතු විය.

වයස අවුරුදු 10 – 19 අතර වයස් කාණ්ඩයේ ළමයින්ට නිසි ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය අධ්‍යාපනයක් නො ලැබෙන්නේ ද යන ගැටලුව කෙරෙහි අවධානය යොමු කරමින් 2015 වසරේදී රජයේ පාසල්වල පෙළ පොත් අන්තර්ගතය අධ්‍යයනය කළ අපට දක්නට ලැබුණේ ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ විද්‍යාත්මක හා සමාජමය කරුණු රාශියක් එම පොත්වල සාකච්ඡා කරන බවයි. (මෙම අධ්‍යයනයට අදාළ වුණේ 2015 වන විට භාවිතයේ පැවති පෙළ පොත් ය.)

ඒ වන විට රජයේ පාසල්වල භාවිතයේ පැවති පෙළ පොත් ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් ලබා දී තිබෙන ඉඩකඩ පිළිබඳ අපගේ අධ්‍යයනයෙන් සොයා ගත් තොරතුරු මෙසේ ය:

මිනිසාගේ ප්‍ර‍ජනක පද්ධතිය පිළිබඳ මුල් වරට විධිමත් හඳුන්වා දීමක් දරුවාට කරන්නේ 7 ශ්‍රේණියේ විද්‍යාව පෙළ පොතෙහි ය.

7 ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි 'සෞඛ්‍යයට අදාළ අභියෝග ජය ගනිමු' යන පාඩමෙහි ඒඩ්ස් රෝගය ගැන අධ්‍යාපනයක් දරුවාට ලබා දෙන ලදී. එහි ම 'යෞවනයට අත්වැලක්' යන පාඩමෙන් දරුවා ලිංගික අධ්‍යාපනයකට සූදානම් කිරීමක් සිදු විය.

ළමයින් නව යොවුන් වියට එළඹෙමින් සිටින 8 ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි ලිංගික අධ්‍යාපනය ස්පර්ශ වී යන ‘යෞවන අවශ්‍යතා' යන පාඩමක් තිබේ.

9 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි 'පුමිතිරි බවෙහි අභිමානය සුරකිමු' මැයෙන් අගනා ලිංගික අධ්‍යාපනික පාඩමක් අඩංගු වේ. එහි ලිංගික අනන්‍යතාව, ලිංගිකත්වය යහපත් අන්දමින් යොදා ගත හැකි ආකාරය, එය අයහපත් අන්දමින් යොදා ගැනීමේ ආදීනව, වගකීම් සහගත ලිංගික චර්යා, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය, ගැබිණි අවස්ථාවේදී පුරුෂයාගේ කාර්යභාරය, ළමා සංවර්ධනයේදී පුරුෂයාගේ දායකත්වය වැනි කරුණු සාකච්ඡා කෙරේ. 'සමාජයීය අභියෝගවලට සාර්ථක ව මුහුණ දෙමු' යන පාඩමෙහි යෞවනෝදය, අපචාර, ඒඩ්ස් වැනි කරුණු කාලීනව සාකච්ඡා කෙරේ.

10 ශ්‍රේණියේ විද්‍යාව පෙළ පොතෙහි 8 පාඩමෙහි 'ජීවීන්ගේ ලාක්ෂණික සහ ප්‍රජනනය' පිළිබඳ කෙටි විස්තරයක් දැක්වේ. 

10 ශ්‍රේණියේ විද්‍යාව පෙළ පොතෙහි 'ජීවයේ අඛණ්ඩතාව' පාඩමෙහි යොවුනුදාව, ද්විතීයක ලිංගික ලක්ෂණ, ස්ත්‍රී හා පුරුෂ ප්‍ර‍ජනක පද්ධති, ආර්තව චක්‍ර‍ය, සංසේචනය, කළලයේ වර්ධනය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආදී ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ විද්‍යාත්මක කරුණු රැසක් සාකච්ඡා කෙරේ.

ඊට අමතරව, ප්‍රවේණිය හා සම්බන්ධ වූ  20වන පාඩමෙහි මිනිසාගේ ලිංග නිර්ණය, මානව ප්‍රවේණික ආබාධ යන ජාන විද්‍යාත්මක කාරණා සාකච්ඡා කරනු ලැබේ.

10 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය නිර්දේශය යටතේ 'ළමා වියේ සංවර්ධනය පිළිබඳ දැනුම්වත් වෙමු' යන 1 පාඩමෙහි වයස අවුරු 10 දක්වා ළමා විය පිළිබඳව ද, මවක වීමට පෙර දැන ගත යුතු කරුණු, පූර්ව ප්‍ර‍සව අවධිය යන ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ කරුණු ද කෙටියෙන් සාකච්ඡා වේ.  එම පෙළ පොතෙහි ම 'ජීවිතයේ මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගනිමු' යන 10 පාඩමෙහිදී යෞවනෝදයේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගෙන නැත. එහෙත්, එහි ලිංගික අතවර හා අපයෝජන පිළිබඳ සාකච්ඡා කෙරේ.

එහි 'සිරුරේ නීරෝගී බව රැක ගනිමු' යන 08වන පාඩමෙහි ප්‍ර‍නක පද්ධතිය පිළිබඳ අගනා පාඩමක් ඇතුළත් වේ. එහි ආර්තව චක්‍ර‍ හා ස්ත්‍රී ප්‍ර‍ජනක හෝමෝන, පුරුෂ ප්‍ර‍ජනක පද්ධතිය, ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග, ප්‍ර‍ජනක පද්ධතිය ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට කළ හැකි දේ ඇතුලු වැදගත් කාරණා රැසක් සාකච්ඡා කෙරේ.

10 ‍ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව පෙළ පොතෙහි 'යෞවන වියේ දී මුහුණ පෑමට සිදුවන වෙනස්වීම්වලට අනුවර්තනය වීම සඳහා සහාය වෙයි' යන පාඩමෙහි ද ලිංගික අධ්‍යාපනය හා අදාළ වන කරුණු සාකච්ඡා කෙරේ.

11 ශ්‍රේණියේ විද්‍යාව පෙළ පොතෙහි ජීව විද්‍යාව 2වන පාඩම සම්පූර්ණයෙන් ම වෙන් වන්නේ ප්‍ර‍ජනනය පිළිබඳ සාකච්ඡා කිරීමටයි.  'ජීවීන්ගේ දේහ කෘත්‍ය කෙරෙහි බලපාන යාන්ත‍්‍රණ' හා 'ප්‍රවේණිය හා පරිණාමය' යන පාඩම්වල ද ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ කාරණා සඳහන් වේ.

11 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතෙහි ලිංගික අධ්‍යාපනයට වැදගත් වන්නා වූ පාඩම් කීපයක් ම තිබේ. ඒවා නම්,

  • ළමා වියෙන් වැඩිහිටි වියට
  • යොවුන් වියේ වෙනස්වීම්වලට සාර්ථකව මුහුණ දෙමු

උසස් පෙළ විෂයමාලාවන්හි ජීව විද්‍යාව විෂය නිර්දේශයේ හැර වෙනත් විෂයක ලිංගික අධ්‍යාපනයට ඍජුව අදාළ වන කරුණු සාකච්ඡා කෙරෙන්නේ නැත.

කෙසේ වෙතත්, ක්‍රියාත්මක විෂය නිර්දේශානුකූලව පාසලේ 11වන ශ්‍රේණිය වන විට සිසුන් ලිංගික අධ්‍යාපනය හා සමිබන්ධ සැලකිය යුතු දැනුමක් ලබා ගත යුතුව තිබේ. එසේ නො වන්නේ නම් කොතැනක හෝ ගැටලුවක් තිබිය යුතු ය. එය කුමක් ද යන්න සොයා බැලිය යුතු ය.

වර්තමානයේ භාවිතා වන පෙළ පොත් සම්බන්ධයෙන් මෙවැනි අධ්‍යයනයක් කළ යුතුව තිබේ.

Views:
8431

2017

2 votes
දෙමළ බාෂා පිළිබද ප්‍රශ්න
The problem
තෝරගත් පාසල්වල අවසරය අරගෙන එම පාසල්වල දෙමළ බාෂාව උගන්වන ගුරුවරුන්ගේ බාෂාව සම්බන්ද ප්‍රශ්න හදුනගෙන ඒවා පුළුවන් උපරිම සම්පූර්ණ කර දීමට මම අදහස් කරමි...
The solution
තෝරගත් පාසල්වල අවසරය අරගෙන එම පාසල්වල දෙමළ බාෂාව උගන්වන ගුරුවරුන්ගේ බාෂාව සම්බන්ද ප්‍රශ්න හදුනගෙන ඒවා පුළුවන් උපරිම සම්පූර්ණ කර දීමට මම අදහස් කරමි...
Budget

100000

by Kaweendra Gamage
4 votes
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිලිබදව පාසල් මට්ටමින් පවත්වනු ලබන සාඛච්චාමය වැඩමුළුව..
The problem
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබදව පාසල් දරුවන් හට මනා අවබෝධයක් නොලැබුන හෙයින් ළමා අපයෝජන,අපචාර මේ වනවිට සමාජයේ බහුලව දැකිය හැක.මෙම තත්වය වලක්වා ගැනීම සදහා පාසල් මට්ටමින් ළමුන් දැනුවත් කිරීමේ සාඛච්චාමය වැඩසටහන් මාලාවක් පැවැත්වීම . මෙහි පරමාර්ථය වන්නේ සමජයේ පවතින උක්ත ගැටලුව නිරාකරණය කිරීම හා දරුවන් මෙවැනි ප්‍රශ්න වලට සමාජය ගොදුරුවීම වැලැක්වීම .

95000

by namal herath
2 votes
පාසල් ප්‍රජාව තුළ ලිංගික අධ්‍යාපනය වැඩි කිරිම
The problem
පන්විල ප්‍රාදේශිය ලේකම් කොට්ටාස.තුළ ඇති පාසල් හදුනාගෙන.ඒවා තුළ නාට්‍ය හා රංග කලාව ඉගෙනුම ලබන සිසුන් යොදා ගෙන කෙටි නාට්ටියක් සකස්කෝට .සම්පත් දායකයෙකු යොදාගෙන දැනුවත් කිරිමේ වැඩසටහන් සිදුකිරිම
The solution
පන්විල ප්‍රාදේශිය ලේකම් කොට්ටාස.තුළ ඇති පාසල් හදුනාගෙන.ඒවා තුළ නාට්‍ය හා රංග කලාව ඉගෙනුම ලබන සිසුන් යොදා ගෙන කෙටි නාට්ටියක් සකස්කෝට .සම්පත් දායකයෙකු යොදාගෙන දැනුවත් කිරිමේ වැඩසටහන් සිදුකිරිම
Budget

100000

by madushanka wickramasingha
2 votes
කාලය වැයවීමට තාක්ෂණික විසදුම
The problem
වර්තමාන ලෝකය තුළ තරුණ පිරිස් මිනිසුන් සමග ගනුදෙනු කිරීමට වඩා පෙළඹී ඇත්තේ තාක්ෂණය සමග ගනුදෙනු කිරීමටයි මේ නිසා ඉගැන්වීමට හා ඉගෙන ගැනීමට උපකාරී වන ප්‍රබලතම මාධ්‍යයක් ලෙස තාක්ෂණය යොදාගත හැකිය ඒ අනුව තරුණ පරපුරට කාලය මෙන් ම ශ්‍රමය ද අඩු පිරිවැයකින් යොදවා හිත පහසුවෙන්ම ඉගෙනීමට online class පැවැත්වීම, papercut හා විවිධ ඉගෙනීමේ ක්‍රමෝපායන් රාශියක් මාර්ගගත ඉගැන්වීම් ක්‍රම ආශ්‍රයෙන් හඳුන්වාදීම කාලය ප්‍රශ්නයට විසඳුම කාර්යබහුලත්වය එක්ක විසදුමක් හා මුදල් වැය වීමේ ප්‍රවණතාවය අවම කර ගැනීමටත් යොදා ගත හැකි කදිම මෙන්ම යෝග්‍යතම උපාය මාර්ගයකි.

97000

by sathmini yashodhara
2 votes
Empowering women aginst harassment happens in public transportEmpowering women aginst harassment happens in public transport
The problem
Empowering women harassment happens in public transport. Selecting 50 from age group (16-20 yrs) school leavers & students. 2. Contact a lecturer from Peradeniya University. 3. Doing a awareness program to selected group. 4. Ask them to make a skit for their groupsupport according to the program. 5. Selecting the best skit and making the final video. 6. Upload it in to a social media. 7. Make a final output as a DVD including the lecter & the skit. 8. Share that DVD with more schools & Institute in our area. One day program: Resource person - 20,000 Refreshments\lunch - 24,000 Hall & sounds - 35,000

112000

by damith96
8 votes
Capacity Building of Health & Physical Education Teachers to Ensure Effective Delivery of Lessons on Sex Education.
The problem
It should be emphasized that the suggested knowledge in the text book should be appropriately selected, broaden accordingly and should be delivered with confidence followed by better teacher- student interaction. It is understood that there is a communication gap between students and teachers which is not bridged due to some failures in the process of communication. A randomly selected sample of 50 teachers who teach “Health and Physical Education” will be selected from Kandy district for the proposed project as beneficiaries.. A mini survey will be conducted to find out their current knowledge, attitudes and practices of teaching the subject matters related to sex education. A communication approach will be developed accordingly to address the issues identified from the survey as well as to activate healthy and effective two way communication between teachers and students in the teaching and learning process. The project will basically include capacity building of teachers to encourage effective delivery of lessons related to sex education. This would hopefully result in teachers delivering lessons related to sex education confidently maintaining a good rapport with students. Furthermore the project will focus on required knowledge to be transferred to the students depending on current social background and would support teachers to find and realize ways to transfer necessary knowledge successfully. This may include knowledge which is not included in the syllabus but still be useful to the students to protect themselves from the threats and to understand and react wisely to the things happening around them. This would help to minimize students being vulnerable to different kind of abuses due to lack of knowledge and understanding. Students who follow masters in Development Communication will support the project as resource persons. Moreover the support of a lecturer from a university and a psychiatric counselor will be gained to make the project more successful.

110000

by lasni