Gender-equitable education for all? | අධ්‍යාපනය හා ගැහැණු දරුවා

by Yamini Perera
24-Jul-2019

අධ්‍යාපනය හා ගැහැණු දරුවා

ලෝකයේ පුරුෂයන් හා සංසන්දනය කිරීමේදී කාන්තාවන් සිටින්නේ සාක්ෂරතාවය අතින් පහළ මට්ටමක බව දත්ත මගින් පෙන්වා දෙයි.  ආසන්න වශයෙන් ලෝක කාන්තාවන්ගෙන් තුනෙන් දෙකකට අකුරු ලිවීමට හෝ කියවීමට හැකියාව නොමැත.

දකුණු අසියාවේ අතීත වෛදික යුගයේ පිරිමි ළමුන්ට පමණක් අධ්‍යාපනය ලබාදුන් අතර, ගැහැණු ළමයින්ට එවන් අවස්ථා අහිමිව තිබිණ.පිරිමි දරුවන් පමණක් ගුරුවරයෙකු වෙත ගොස් ගුරුවරයාගේ නිවසේ රැදී සිටිමින් ඔහුට උදවු උපකාර කරමින් ශිල්ප උගතයුතුවිය.ගැහැණු ළමුන්ට කිසිදු වේද මන්ත්‍රයක් ඉගෙනීමට අවසර නොතිබින. ඔවුන් ළමා කාලයේ පියා යටතේද, තරුණ අවධියේ සැමියා යටතේද,මහලු අවධියේ පුතුන් යටතේද සිටියයුතුවිය. ඇයට කිසිදු ස්වාධිනත්වයක් නොලැබිණ.

ආගමික හා සම්ප්‍රධායික මතවාද දැඩිව පවතින රටවල ගැහැණු දරුවන්ට නිසි අධ්‍යාපනය ලැබීමේ අයිතිය නොලැබී යයි. පාසල් අධ්‍යාපනය ලැබීම නිසා තලෛයිබාන් අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් වූ මලාලා යූෂුෆ් ඊට කදිම නිදසුනකි.  

ඇතැම් බුද්ධි පරීක්ෂණයන්ට අනුව ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන් ඉහළ පරිසාධන මට්ටමක් පෙන්වා ඇත.මෙසේ ගැහැණු ළමුන්තුල ඇතිවූ මෙම දුර්වලතා වලට හේතුව ඔවුන් කුඩා කාලයේ සිටම දැඩි නිති රීති චාරිත්‍ර හික්මීම් යටතේ දැඩි පීඩනයට ලක්වීම හා ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව මෙම නිසා අහිමිවීම බව මනෝ විද්‍යාඥයන් සොයා ගන්නා ලදී.ඒ අනුව දැඩි ශික්ෂණයක් යටතේ හැදී වැඩෙන පෙරදිග දැරියන්ට වඩා නිදහස් දිවියක් ගෙවන බටහිර දැරියන් බුද්ධි මට්ටම අතින් ඉහල බව සොයාගන්නා ලදී.

ගැහැණු ළමුන් සදහාද විධිමත් අධ්‍යාපනයක් ලැබාදීම ආරම්භ කෙරෙන්නේ යුරෝපා සමාජයන්ය. 18 වන සියවස වනවිට යුරෝපය පුරා විධිමත් පාසල් ආරම්භවිය. ඇතැම් පාසැල් පෞද්ගලික පාසල් විය. ප්‍රංශ විප්ලවයෙන් පසු  ප්‍රංශය තුළද අධාපනයේ දියුණුවක් ඇතිවිය. කෙසේ නමුත් යුරෝපයේ බිහිවූ මෙම විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රමය තුළද ගැහැණු ළමුන්ට ලැබුණේ ප්‍රාථමික අධ්‍යාපනය පමණකි. ද්වීතීය අධ්‍යාපනය ඔවුන්ට අහිමිව තිබිණ.  19 වන සියවසයෙන් පසු යුරෝපයේ මෙම ක්‍රමය වෙනස්වී ගැහැණු ළමුන්ට ද ද්වීතීය අධ්‍යාපන අවස්ථා හිමිවිය.

ලෝක තත්ත්වය කෙසේ වුවද, ශ්‍රී ලංකීය ගැහැණු දරුවාගේ තත්ත්වය මීට වෙනස් වේ.

2013 වසර දක්වා වන දත්ත අනුව සකස් කළ යුනිසෙෆ් ආයතනයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ අවුරුදු 15 - 24 අතර වයස් ඛාණ්ඩයේ ගැහැණු ළමුන් සහ තරුණියන් සාක්ෂරතාව අතින් එම වයස් ඛාණ්ඩයේ පුරුෂයන්ට වඩා ඉදිරියෙන් සිටිති.

වයස 15 -24 අතර කාන්තාවන් (2008 -2012) - සාක්ෂරතාව 98.6%

වයස 15 -24 අතර පුරුෂයන් (2008 -2012) - සාක්ෂරතාව 97.7%

ලොව සෑම රටකම පාහේ ප්‍රාථමික අධ්‍යාපන අංශයෙහිලා පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් අතර පැවති පරතරය මේ වන විට ඉතාමත් වේගයෙන් අතුරැදහන් ඇත. ද්වීතීයික හා තෘතීය අධ්‍යාපන මට්ටම කර යොමු වීමද මෙවැනිම වූ තත්ත්වයක් මේ වනවිට උසුලමින් සිටී.

ශ්‍රී ලංකාවෙහිද පිරිමි ළමුන්ට සාපේක්ෂව ගැහැණු ළමුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම ඉහළ යන බවක් දක්නට ලැබේ. ඒ අනුව 2008/2009, 2009/2010 සහ 2010/2011 අධ්‍යයන වර්ෂවල ගැහැණු ළමුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රතිශතය පිළිවෙළින් සියයට 57,65,58, සහ 60 ලෙස ඉහළ ගොස ඇත. මෙම ප්‍රවණතාව ලෝකයේ බොහෝ එරටවල දක්නට ලැබෙන්නකි.

ලෝක ආර්ථික සංවර්ධනය සදහා කාන්තා දායකත්වය පෙර නොවූ විරෑ පරිදි වෙමින් පවතී. කාන්තා සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඇතිවී තිබෙන ප්‍රගතිය විසින් ඊට මනා පසුබිමක් සපයයි. ඒ් ඔස්සේ ලෝක ආර්ථිකය තුළ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තාවෝ සංවර්ධනයට දායක වෙමින් සිටිති. ඒහෙත් මෙම සහභාගීත්වය සීමා කෙරෙන බාධක රැසක් ද පවතී. ඒ්වායෙහි ප්‍රමාණය ඒ් ඒ් රටවල සමාජ, සංස්කෘතික හා දේශපාලන බලපෑම් මත තීරණය කෙරෙන අතර, ඒමගින් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර නොගත් විශාල ශ්‍රමයක් තවමත් අපතේ යමින් පවතී. මෙම ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලිය තුළට ඇද ගැනීම සදහා රටතුළ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුය.

කෙසේ වෙතත් වෘත්තීමය වටිනාකමත් ඇති රැකියා වෙළදපොළක් සදහා කාන්තාවන් ට යොමු වීමේ මග සකස් වනුයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපනය සදහා ගැහැණු දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය මංපෙත් විවිර කිරීම තුළිනි.

 

 

Views:
130