ලංකාවේ කසල කළමනාකරණයේ දැවෙන ප්‍ර‍ශ්නයට කාන්තාවන්ගෙන් විසඳුම්

by Ajith
02-Aug-2017

සැප්තැම්බර් 1දා සිට තුනී පොලිතින් ආහාර දවටන (ලන්ච් ෂීට්) හා සිලි මලු (ෂොපිං බෑග්) භාවිතය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

රජය පොලිතින් තහනම් කිරීම සඳහා මුලින් ම පියවර ගත්තේ 2007 මුලදී වත්මන් ජනාධිපතිවරයා පරිසර ඇමති සමයේ ය. මයික්‍රෝන 20ට අඩු ගනකමැති පොලිතින් තහනම් කරන ලදී.

එහෙත්, වසර දෙකකට පසු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූයේ එම කාලය තුළ රටේ ශුද්ධ පොලිතින් භාවිතය ඉහළ ගොස් ඇති බවයි. එසේම, පොලිතින් නිෂ්පාදකයන් සංඛ්‍යාව ද ඉහළ ගියේ ය.

2009 අගෝස්තු මාසයේදී පොලිතින් නිෂ්පාදන සම්බන්ධයෙන් තවත් නීති පණවන ලදී. ඒ අනුව, සියලු පොලිතින් නිෂ්පාදනවල මධ්‍යම පරිසර අධිකාරියේ බලපත් අංකය, ලියාපදිංචි අංකය, ඝනකම ආදී බොහෝ දේ ලේබලයේ සඳහන් විය යුතු ය.

2017 වන විට, තවමත්, ඉතා තුනී පොලිතින් නිෂ්පාදන වෙළඳපොළේ නිදහසේ අලෙවි වේ.  

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංග පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ දිනකට ලන්ච් සීට් ලක්ෂ 200ක් පමණ ද, සිලි මලු ලක්ෂ 150 - 200ක් පමණ ද භාවිතා වේ. වසරකට මෙරටට ප්ලාස්ටික් හා පොලිතින් මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ගෙන්වනු ලැබේ. ඒ සඳහා වියදම රුපියල් කෝටි 2000කි. ඉන් මෙට්‍රික් ටොන් 350,000ක් මෙරට පරිභෝජනය සඳහා පාවිච්චි කරන අතර මෙට්‍රික් ටොන් 150,000ක් පාවිච්චි කරන්නේ පිටරට යැවීමට කරන ඇසුරුම් සඳහායි. මෙරට පාවිච්චි කරන ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීකරණයට භාජන වන්නේ මෙට්‍රික් ටොන් 140,000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 210,000ම කසළ ගොඩට යවනු ලැබේ. ඒ අනුව පොලිතින් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වාර්ෂිකව අපේ කසළ ගොඩට එක් වේ. මෙයින් විශාල කොටසක් අප මුහුදට දමන නිසා ශ්‍රී ලංකාවට සාගරය අපවිත්‍ර‍ කරන රටවල් අතර ද විශිෂ්ට ස්ථානයක් හිමි වී තිබේ. 

ශ්‍රී ලංකාව මුහුණ දෙන කසල ගැටලුවෙන් විශාල පංගුවකට හේතුව නො දිරන ප්ලාස්ටික් හා පොලිතින් ය. ලන්ච් ෂීට්, සිලි මලුවලටත් වඩා බරපතල ප්‍ර‍ශ්න තවමත් අවධානයෙන් ගිලිහී තිබේ. ප්ලාස්ටික් වතුර බෝතල්, ඉටි රෙදි, ප්ලාස්ටික් ඩිජිටල් බැනර් රෙදි, දවටන, සෙල්ලම් බඩු හා ප්ලාස්ටික් විද්‍යුත් අපද්‍ර‍ව්‍ය ඒ අතර තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍ර‍ශ්නය කොහෙන් හෝ ආමන්ත්‍ර‍ණය කිරීම ඇරඹීම ගැන අප සතුටු විය යුතු ය. විකල්ප නොමැතිව තහනම් කිරීම පිළිබඳ ඇතැමෙකු මැසිවිලි නගනු අසන්නට ලැබේ. එහෙත්, තහනමක් නැතිනම් විකල්පයක් සොයන්නට හෝ අපේ සමාජය පෙළඹෙනවාද යන්න ප්‍ර‍ශ්නයකි.

පොලිතින් භාවිතය පැතිරෙන්නට කලින් නිවසට එන අමුත්තෝ කඩයෙන් විස්කෝතු කිරා මිළ දී ගෙන බ්‍ර‍වුන් පේපර් කඩදාසි කවරවල දැමූ විස්කෝතු රැගෙන ආහ. ඒවායෙන් අපූරු සුවඳක් විහිදිණි. තෙල් පැල්ලම් ද කවරයෙහි තිබිණි. මාළු වෙළෙන්දා මාළු ඔතා දුන්නේ හබරල කොළයේ ය. හැබැයි එසේ මාළු ඔතාගෙන, අඩියකුත් ගසා හැන්දෑවේ සෙනග පිරි බසයකට ගොඩ වන මිනිසකු නිසා රණ්ඩු දබර ද ඇති විණි. ඊටත් කලින් දුර බැහැර පොළට පයින් ම යන මිනිස්සු අමු පොල් අත්තකින් වියූ පිරිවැස්සක බඩු පුරවාගෙන ගෙදර ගෙන ආහ. ඉස්සර සිල්ලර කඩයේ තිබුණු පත්තර කඩදාසි ගොට්ට දැන් අතුරුදහන් වී ඇත.

අපට ඒ යුගයට ආපසු යන්නට බැරි ය. එහෙත්, වත්තේ තිබෙන කෙසෙල් කොළයෙන් බත්මුල ඔතා ගන්නට බැරිකමක් තිබේ නම්, ප්ලාස්ටික් කෑම පෙට්ටියක් භාවිතා කරන්නට බැරිකමක් නැත. හොඳ කෑම පෙට්ටියක් අවුරුදු කීපයක් පාවිච්චි කරන්නට පුළුවන. කඩයට යන විට රෙදි හො පන් හෝ මල්ලක් රැගෙන යන්නට පුළුවන.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංග 2017-07-30 දින සිළුමිණ පුවත්පතට ලිපියක් ලියමින් පැවසුවේ ‘සිලි සිලි බෑග් - ලන්ච් සිට් තහනමට කාන්තා සහාය නැතිව බැහැ‘ කියා ය.

මේ හා සම්බන්ධ වගකීම සුවිශේෂයෙන් කාන්තාවට පැවරිය නො හැකි ය. එහෙත්, ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සංදර්භය තුළ හා ඒකරූපීකරණය වී ඇති කාන්තා භූමිකාවන් හේතුවෙන් කාන්තාවට එහිදී සුවිශේෂ වැඩ කොටසක් සිදු කළ හැකි බව නම් සත්‍යයකි. ඒ කෙසේ ද?

පවුල තුළ වැඩියෙන් ම වැඩ කරන්නේ කාන්තාව බව ඇත්තකි. විශේෂයෙන් ම ඉවුම් පිහුම් කරන්නේ කාන්තාවයි. බත් මුල් බඳීන විට කෙසෙල් කොළයක ඒවා එතිය හැකි ය. හැබැයි ඉතින් කෙසෙල් කොළය කපා දෙන එක සැමියාට කරන්නට හැකි ය. එසේ නොමැති නම් කෑම පෙට්ටි භාවිතය අවධාරණය කරන්නට ද කාන්තාවට පුළුවන.

ගමනක් යන විට ගෙදරින් වතුර බෝතලයක් අරගෙන යනවා නම්, අතරමගදී වතුර බෝතල් මිළ දී ගෙන පරිසරයට හිස් ප්ලාස්ටික් බෝතල් තිලිණ කිරීම නවත්වන්නට පුළුවන්.

කඩවලින් සිල්ලර භාණ්ඩ මිළ දී ගැනීම ද වැඩිපුර කරන්නේ කාන්තාවෝ ය. කඩයට යන විට බෑගයක් රැගෙන යාම, සිලි මලු කිහිප වරක් නැවත, නැවත භාවිතා කිරීම වැනි දේ කාන්තාවන්ට මෙහෙයවිය හැකි ය.

කසල බැහැර කිරීමේදී ද, කාන්තාවට වැඩි වගකීමක් පැවරේ. පිරිමින්ට තම වත්තේ කුණු වලක් කපා දී, කොම්පෝස්ට් බඳුනක් සකසා දී ඇයට උපකාර කිරීමේ හැකියාව තිබේ. ගෙවතු වගාව හැම විටම ලාභදායී නො වුණත්, එයින් ඇසට, සිතට ලැබෙන සතුට අති මහත්. කාන්තාවන්ට ඒ සඳහා නායකත්වය දිය හැකියි.

භාණ්ඩ මිළ දී ගැනීමේ සිට ම ගෘහ ආර්ථිකය මැනැවින් කළමනාකරණය කරන්නේ නම්, නිවෙස්වලින් බැහැර කෙරෙන කසල විශාල ප්‍ර‍මාණයකින් අඩු කළ හැකි ය.  

මේ සියල්ලටමත් වඩා පාරට පොලිතින් විසි නො කර ඉන්නට, ප්ලාස්ටික් සෙල්ලම් බඩු හැකි තරම් අඩුවෙන් භාවිතා කරන්නට, පරිසරය අපවිත්‍ර‍ නො කරන්නට, ගහකොළවලට ආදරය කරන්නට දරුවන්ට ඉගැන්වීමේ හැකියාව වැඩියෙන් ම ඇත්තේ අම්මලාට ය. 

Views:
649
Budget
Rs.100,000
0 votes
මොන තරම් පොෂ් උනත් බොන එක දුකක්...

1.මුලින්ම මෙම වැඩසටහන කිරීම සඳහා සුදුසු ස්ථානයක් ‍තෝරා ගැනීම. 2.තරුණයන් මෙම වඩසටහනට ගෙන්වා ගැනීම සඳහා උපායක් වශයෙන් තරුණයන් සඳහා කුඩා කණ්ඩායම් ක්‍රියාකරකම් පවත්වා ඒවාගෙන් ජයග්‍රහණය කරන අයට ත්‍යාග ලබාදීමේ තරඟයක් සංවිධානය කිරීම(කෙලින්ම මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩසටහන් සඳහා තරුණයින් සහභාගී නොවන නිසා) 3.ඉන් පසු වැඩසටහන සඳහා පැමිණෙන අය වෙනුවෙන් විවිධ ක්‍රීඩා සංවිධානය කිරීම (මෙහිදී මත් උවදුර පිළිබඳ තරුණයන්ට පාඩම් ඉගෙන ගත හැකි ක්‍රියාකාරකම් කිරීම) 4.එහිදී ඔවුන්ට ලබා දෙන ත්‍යාගද එයටම ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කිරීම(මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වූ අයට ගැලපෙන ආකාරයෙන් සෑදූ) 5.මෙම වැඩසටහන අවසානයේ මත්ද්‍රව්‍ය භාවිතය තුලින් කිසි සතුටක්, දුකක්, තරහක්, ප්‍රශ්න විසඳීමක් සිදු නොවන බවත් ඒවා කිසි වැඩකට නොමැති ක්‍රියාවන් බවට තරුණයන්ට වටහාදීම 6.මෙවැනි ආකාරයේ වැඩසටහන් 5ක් දිස්ත්‍රික්කය පුරා සංවිධානය කිරීම (සිංහල මාධ්‍ය වැඩසටහන් 4ක් සහ දමිළ මාධ්‍ය වැඩසටහන් 1ක් වශයෙන්) 7.මේ සඳහා සහභාගි වන පිරිසට ත්‍යාග, සහතික, ආහාර, ක්‍රීඩා උපකරණ ආදිය ලබා ගැනීම සහ ඒවා ‍රැගෙන යාමට සහ එමට මුඳල් වියදම් කිරීමට බලාපොරොත්තුවේ. මෙම මුඳලට අමතරව යන වියදම් වෙනත් සංවිධාන මඟින් ලබා ගෙන තව දුරටත් සාර්ථක ලෙස මෙම වැඩසටහන සිදු කිරීමට අප බලාපොරොත්තු වේ.

by Sasindu Shamalka

2017

Budget
100000
0 votes
පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය

1.පන්නල ප්‍රාදේශීය සභාවෙන් හා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගැනීම . 2.පන්විල පොලිසිය හා වනජීවී හා වන සංරක්ෂණ ආයතන සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීම. 3. ගමේ ප්‍රජාව දැනුවත් කිරීම , තරුණ ප්‍රජාව ඒකරාශී කරගෙන සංවිධානයක් පිහිටුවා ඉදිරි වැඩ කටයුතු කිරීම. 4. දැනුවත් කිරිමෙ පුවරැ ඉදිකිරිම... කසල බැහැර කරිරිම සදහා බදුන් නියමිත ස්තානවලට යෙදිම. . 5. එම කටයුතු විදිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම....

by shanuka
Budget
150000
2 votes
පවුල් සැලසුම සහ ජාතිවාදය

ජාතිවාදය පසුබිම්කරගෙන වෛදයවරු සහ විවිධ සංවිධාන පර්හ්වයන්ගේ අදහස් හා උපත් පාලනය ප්‍රතික්ත්‍ෂ්ප කිරීම තුළ 1 මවට ඇතිවන කායික මානසික සහ ශාරිරික සෞඛ්‍ය ගැට`ඵ 2 අඩු වයසින් විවාහ වීම සහ නිසි පවුල් සැලසුමක් නොමැති වීම සහ ලිංගික අධ්‍යාපනය මද`කම හේතුවෙන් ඇතිවන අර්බුධ 3 නොමේරු දරු උපත් ඇති වීම 4 ගබ්සා වීම දරුවන් අතර නිසි වයස් පරතරයක් නොමැති තත්ත්ව තුළ දරුවන්ට පෝෂණ උණතා ඇතිවීම හා විවිධ රෝගි දරුවන් බිහිවීම 5 පවුල් අර්බුධ හා ආර්ථික ගැටඵ යනාදි තත්ත්වයන් පවුල් සෞඛ්‍ය නිළධාරිනි, වෛද්‍යවරයෙක් සමඟ සම්මුඛ සාකච්ඡා සහ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන හා දත්ත වාර්තා චිත්‍රපයටක් මගින් පෙන්වා උපත් පාලනය හා සබැදි දුර්මත ඉවත් කිරීමත් නිසි පවුල් සැලසුම සමාජ ප්‍රගමනයට ඇති දායකත්වය සමාජගත කිරිම

by shani
Budget
80000
0 votes
ගමක කසල කළමනාකරණය

1. දොඩම්වල ග්‍රාමයේ පවුල් 50ක් තෝරාගෙන කසල බඳුන් තුන බැගින් ලබා දීම 2. පොලිතින් හා ප්ලාස්ටික්, වීදුරු, දිරන අපද්‍ර‍ව්‍ය වශයෙන් වෙන් කර ඒවා නිසි ලෙස බැහැර කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීම 3. සතිපතා කසල එකතු කිරීමට පැමිණෙන රථ සඳහා නිසි ලෙස කසල බැහැර කිරීමට උපදෙස් ලබා දීම එක් කසල බඳුනක් සඳහා රු. 500 ප්‍ර‍වාහනය රු. 3000

by Sachinthana
Budget
150000
1 votes
Effective solution for urban household waste problem

With the development of science and technology waste is considered as a resource at wrong place. When comparing to most of the developed countries and some developing countries Sri Lanka is still behind the line. People were trained to keep a mixed waste bag in front of their house for municipal workers to come and collect them. But with enforcement of new laws to separate wastes most of the people find it is much difficult than what they are used to. Therefore they dump the collected mixed waste illegally and this causes severe environmental problems. Waste can be categorized in to two. Bio degradable and non-bio degradable waste. Non-biodegradable wastes have the most severe impacts on the environment and 3R concept is the best way to reduce these impacts. Currently there are many organizations that recycle non-biodegradable wastes. But this recycling is only possible when they are properly separated. House is a place where every type of waste is generated. Therefore household waste must be properly separated. So our solution motivates people to separate the waste at its generating point and have some financial benefits from their wastes. Bio gas is a very popular renewable source of energy used in the world. This can be generated from the biodegradable organic wastes especially from food wastes. This produced bio gas contains some other gases other than the fuel which causes bad smell. We are designing a household bio gas unit which can be used for cooking purpose in urban areas. It can convert the food waste into fuel which doesn’t have this bad smell. This unit will have only minimal maintenance and will be a hybrid unit that can use both LPG and Bio gas. People can use LPG when bio gas is not being produced. There will be no wastes from this unit even the remaining sludge can be used as a fertilizer for home gardening. This will be a liquid organic fertilizer which has a very high productivity. People can reduce the money spent for cooking and could have some good quality organic fertilizer as the by product. We are confident that this will be a very worth concept and design that the society can get benefits from

by rifak