සමාජයට වැඩක් කරන්නට තරුණ ඔබට රුපියල් ලක්ෂයක් මෙන්න

by Ajith
07-Aug-2017

සමාජ ප්‍ර‍ශ්නයක් විසඳා ගැනීම සඳහා ඔබටත් නැවුම් අදහසක් තිබෙනවා ද? අපට කියන්න

ඔබේ හඬට ඉඩක්

www.iVoice.lk තරුණයන්ට සමාජ ප්‍ර‍ශ්න සාකච්ඡා කරන්නට සහ නව නිර්මානාත්මක විසඳුම් ක්‍රියාත්මක කරන්නට අන්තර්ජාල වේදිකාවක් 

ඔබ ම වෙනස වන්න

තරුණ පරපුරේ අනන්ත හැකියාවන් ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා තමයි සමාජ ප්‍ර‍ශ්නයක් විසඳීම සඳහා නව නිර්මානාත්මක අදහස් ක්‍රියාත්මක කරන්නට තරුණයන් 10දෙනෙකුට රු. 100,000/= බැගින් අප විසින් පිරිනමනු ලබන්නේ. 

නැවුම් අදහස් තරගය

කාලීන සමාජ ප්‍ර‍ශ්න හා සම්බන්ධ විශේෂාංග ලිපි රැසක් www.iVoice.lkහි අඩංගු වෙනවා. අපට අවශ්‍යයි ඒවා විසඳා ගන්නට ඔබේ දායකත්වය ද ලබා ගන්නට. මේ සමාජ ප්‍ර‍ශ්න ආමන්ත්‍ර‍ණය කරන නව නිර්මානාත්මක අදහසක් ඉදිරිපත් කරන්න. අප ඔබට උපකාර කරනවා එය ක්‍රියාත්මක කරන්නට. 

තරගයට යෝග්‍ය වීම සඳහා ඔබේ ඉදිරිපත් කිරීම සුවිශේෂ, නව නිර්මානාත්මක නැවුම් අදහසක් විය යුතුයි. එසේම එය 2017 සැප්තැම්බර් 21 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ හැකි එකක් ද විය යුතුයි.   

එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? 

යෝග්‍යතාව

නැවුම් අදහසක් ඉදිරිපත් කරන්නට නම් ඔබ:

  • ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුයි.
  • ඔබ වයස අවුරුදු 18 - 29 අතර විය යුතුයි.
  • ඔබේ අදහස ක්‍රියාත්මක කිරීමේ පූර්ණ වගකීම ඔබ භාර ගත යුතුයි.

ඉදිරිපත් කරන්න

www.iVoice.lk වෙබ් අඩවියේ විශේෂාංග ලිපි අවසානයේ දකින්නට ලැබෙන ‘ඔබේ අදහස ඉදිරිපත් කරන්න’ යන බොත්තම ඔබන්න. අදහස් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය 2017 සැප්තැම්බර් 3 

මනාප දෙන්න

ඔබේ නෑ හිත මිතුරන් අතරේ ඔබේ නැවුම් අදහස බෙදා හරින්න. අවසන් දිනය වන 2017 සැප්තැම්බර් 3දාට කලින් www.iVoice.lk වෙබ් අඩවිය ඔස්සේ එයට මනාප දෙන්නැයි ඔවුන්ට කියන්න. 

අවසන් වටයට තෝරා ගැනීම

හොඳම අදහස් 20 අවසන් වටයට තෝරා ගනු ලබනවා. එසේ තෝරා ගනු ලැබූ තරගකරුවන්ට ඒ පිළිබඳව 2017 සැප්තැම්බර් 6 වන විට දැනුම් දෙනවා. 

අදහස වාචිකව ඉදිරිපත් කිරීම

තෝරා ගනු ලැබූ තරගකරුවන්ට සිය නැවුම් අදහස වඩා විස්තර සහිතව විනිශ්චය මණ්ඩලය ඉදිරියේ සජීවීව ඉදිරිපත් කිරීමේ අවස්ථාව 2017 සැප්තැම්බර් 13දා හිමි වෙනවා. 

ඔබේ අදහස ක්‍රියාත්මක කරන්න

2017 සැප්තැම්බර් 21දා පැවැත්වෙන නැවුම් අදහස් සම්මාන උළෙලේදී හොඳම අදහස් 10 නිවේදනය කරනු ලබනවා.  ඒ අදහස් 10 ක්‍රියාත්මක කිරීම සඳහා රු. ලක්ෂය බැගින් මූලික අරමුදල් සහ උපදෙස් අප විසින් ලබා දෙනවා. එම අදහස් 2017 දෙසැම්බර් 31 දිනට පෙර ක්‍රියාවට නැංවිය යුතුයි.

තරගය ගැන වැඩිදුර දැනගන්න

මේ තරගය පිළිබඳ වැඩිදුර විස්තර ඉගෙන ගනිමින් අපේත් උදව් ඇතිව ඔබේ අදහස තරගයට ඉදිරිපත් කරන්නට ඔබටත් වැඩමුළුවකට සහභාගි වෙන්නට පුළුවන්. 

පැවැත්වෙන තැන් හා දින: 

අගෝස්තු 8 - යාපනය (දෙමළ මාධ්‍යය)

අගෝස්තු 10 - මඩකලපුව (දෙමළ මාධ්‍යය)

අගොස්තු 16 - ගාල්ල (සිංහල මාධ්‍යය)

අගෝස්තු 23 - මහනුවර (සිංහල මාධ්‍යය)

අගෝස්තු 30 - කොළඹ (ඉංග්‍රීසි මාධ්‍යය) 

ස්ථානය ඉක්මණින් දැනුම් දෙනු ලැබේ. ගාස්තුවක් අය කරනු නොලැබේ. වැඩමුළු කාලය පැය තුනකි. තේ හා දිවා ආහාර සපයනු ලැබේ. ලැප්ටොප්,  ටැබ් හෝ ස්මාට් දුරකථන රැගෙන එන්න. වයිෆයි සම්බන්ධකම් ද සපයනු ලැබේ. ප්‍ර‍මාද වළක්වා ගැනීමට ඔබගේ ම අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිතා කරන්න. ඉඩකඩ සීමිතයි. 

මෙතැනින් ලියාපදිංචි වන්න.

(ඉහත ඡායාරූපයේ ඉන්නේ ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද මෙවැනි තරගයකින් ජයගෙන ගමට පාලමක් තැනීමට මූලිකත්වය ගත් තරුණියන් තිදෙනෙක්. ඔවුන්ගේ කතාව මෙතැනින් කියවන්න.)

Views:
6576

2017

1 votes
අන්තර්කරණ අධ්‍යාපනය.
The problem
අන්තර්කරණ අධ්‍යාපනය . අධ්‍යාපනයේ පවතින සුවිශේෂී ගැටලුවක් ලෙස හදුනාගෙන ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අන්තර්කරණ අධ්‍යාපන ක්‍රියාවලිය අසාර්ථක වීමේ ගැටලුවට විකල්පයක් වශයෙන් නව තාක්ෂණික දැනුම ,විධික්‍රම උපක්‍රම භාවිතයෙන් සැකසූ වීඩියෝ කතාමාලාවක් එළිදැක්වීම. දැනට අන්තර්කරණ අධ්‍යාපනය තුල පවතින අඩුපාඩු සහ දුර්වලතා හේතුවෙන් ගැටලු සහිත දරුවන්ට හා ඔවුන් දෙමව්පියන්ට තම අභිමතාර්ථ සඵල කර ගැනීමට නොහැක. එනම් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සාමාන්‍ය දරුවන් සමග සම අධ්‍යාපනයක් ලබා ගැනීමට පවතින සමාජ, ආකල්පමය ගැටලු හා ඔවුන් සඳහාම අවශ්‍යවන විශේෂ උපකරණ,අධ්‍යාපන ක්‍රමවේද සහ ශාරීරික ,මානසික ශක්තීන් ගොඩනංවමින් ජීවිතය ජයගැනීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම ඒ සඳහා වැඩමුළු පැවැත්වීම වැඩමුළු තුල කරනු ලබන ක්‍රියාකාරකම් රූපගත කිරීම තුලින් කතාංග මාලාවක් (විවිධ වයස් වයුහයන්ට වෙන්වෙන් වශයෙන් ) සකස්කිරීම. එතුලින් සමාජයේ ආකල්ප හා දරුවන්ගේ ආත්ම ශක්තින් හා අභිමානයන් ගොඩ නැංවීමත් දෙමව්පියන් හා අධ්‍යාපනික පාර්ශවයන් බලගැන්වීමත් බලාපොරොත්තුවේ.
The solution

Budget

100000

by Lakmee nilanka.
0 votes
බහුත්වවාදී සමාජයක ජනවාර්ගික පසමිතුරුතා ඇති වීම කෙරෙහි බලපාන හේතු සමාජ ජාල වෙබ් අඩවි ඇසුරෙන් අධ්‍යයනය කිරීම
The problem
සමාජ ජාල යනු නිදහසේ අදහස් හුවමාරු කර ගත හැකි අන්තර් සම්බන්ධතා ගොඩනගා ගත හැකි අවකාශයක් සපයන තැනකි. නමුත් මෙවැනි පසමිතුරුතා වර්ධනය වන ප්‍ර‍චාරණයක් වැළැක්වීම පිණිස ෆේස්බුක් ෆෑන් පේජ් එකක් නිර්මානය කර, එමගින් නිවැරදි තත්වය අවබෝධ කිරීම හා ඒ හරහා ප්‍රජාව දැනුවත් කිරීම. ඒ වගේම, එවැනි පසමිතුරුතා වර්ධනය වන ප්‍රදේශයක් තෝරාගෙන වැඩමුළුවක් පවත්වා දැනුවත් කිරීම.මෙම ෆේස්බුක් ෆෑන්පේජ් එක හරහා අජවර්ග යනු කවරුන්ද, ජනවර්ග අතර සුහදතාව වර්ණනය කර ගත යුතු ආකාරය පිළිබලද ලිපි ඉදිරිපත් කරයි. එයට අමතරව, රුහුණු විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකක සම්බන්ධ කරගෙන මෙම ජනවාර්ගික සුහදතාව පිළිබඳ කෙටි වීඩියෝවක් නිර්මානය කර ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වේ. මේ පිළිබඳ පර්යේෂණ නිබන්ධනයක් සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය යටතේ කරනු ලැබේ.

99000

by Chamali Priyadarshani
0 votes
ශ්‍රව්‍යාබාධිත පාසල් දරුවන්ගේ සාක්ෂරතාවය වර්ධනය පිණිස සංඥා භාෂාමය ව්‍යාකරණ ඉගෙනුම් පොතක් සම්පාදනය කිරීම
The problem
මේ සදහා විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපාධාරී ශ්‍රව්‍යාබාධිත ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල භාෂා සංවර්ධන පිළිබද විශේෂඥයන් හා එක්ව විධිමත් පර්යේෂණ මාලාවක් සිදුකල යුතුය. විශේෂයෙන්ම භාෂාව සංවර්ධනය කිරීමෙහිදී සිංහල භාෂාවට අදාල විභක්ති, නිපාත පද, නාම පද, ක්‍රියා පද ආදී සියල්ලටම විධිමත් ලෙස සංඥා භාෂා ඉදිරිපත්කිරීම් පර්යේෂණාත්මකව නිර්මාණය කොට අංග සම්පූර්ණ පොතක් හා ඩී.වී.ඩී තැටියක් වශයෙන් සංයුක්ත කොට ජාතික අධ්‍යාපන දෙපාර්මේන්තුව හරහා සමස්ථ ශ්‍රව්‍යාබාධිට්ත පාසල් සිසු දරුවන් වෙත බෙදාදීමයි.

97845

by Ahanna