තුන් මසකට ගැබ් ගැනීම වළක්වන පවුල් සැලසුම් එන්නත භයානක ද?

by iVoice Staff
04-Apr-2016

depo-proveraමධුවන්ති තවමත් 32හැවිරිදි කාන්තාවකි. මේ වන විට ඇය පස් දරු මවකි. ඇගේ වැඩිමල් දියණිය දැන් 14 වියැති ය. ඇය පාසලින් ගිලිහී නිවසේ සිටියි. බාලම දරුවා දෙහැවිරිදි ය. අවුරුදු 3 1/2, 6 හා 10 වයසේ දරුවෝ ද සිටිති.

ඇගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකි. දෙවන විවාහයෙන් තිදෙනෙකි. දෙවන විවාහයෙන් දෙවන දරුවා ලැබුණු විට හා තුන්වන දරුවා ලැබුණු විට පවා වෛද්‍යවරු හා පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ඇය ටියුබෙක්තමි හෙවත් එල්.ආර්.ටී. (Ligation and Resection of Tubes – LRT) නම් ස්ථිර උපත් පාලන සැත්කම කර ගත යුතු බව නිර්දේශ කළ හ. එහෙත් ඇය එයට අකැමැති වූවා ය. ඒ සැමියා එයට අකැමැති නිසා ය.

මධුවන්තිගේ සැමියාට ස්ථිර රැකියාවක් නැත. ඔහු වැඩ කරන්නේ තාවකාලික බස් කොන්දොස්තරවරයකු ලෙසයි. ඔහුට සෑම දිනක ම වැඩ ලැබෙන්නේ නැත. ඔවුන් ගෙවන්නේ දුෂ්කර දිවියකි.

රෝහිත කුලී කම්කරුවෙකි. ඔහුටත් බිරියටත් දරුවන් දෙදෙනෙක් සිටිය හ. දියණියක හා පුතනුවක වන එම දරුවන් දෙදෙනාගෙන් ඔවුන් සෑහීමට පත්ව සිටිමුත්, ඔවුන් ස්ථිර හෝ තාවකාලික උපත් පාලනයක් කර ගත්තේ නැත. තුන්වන ගැබ් ගැනීම සිදු වූයේ බලාපොරොත්තු රහිතව ය. තුන්වන දරුවෙකු වැඩි නො වන බව අදහස් කළ ඔවුහු සතුටු වූ හ. එහෙත් දරු ගැබ වෙනස් එකක් විය. ඇය නිවුන් දරුවන් දෙදෙනෙකු ප්‍ර‍සූත කරනු ඇති බව වෛද්‍යවරු කී හ. එහෙත්, ඇයට නිවුන් දරුවන් තිදෙනෙක් ම ලැබිණි. ඔවුහු සතුටු වූ හ. ඔවුන් හා දරුවන් පිළිබඳ පුවත්පත්වල ද පළ විය. එහෙත්, අද වන විට ඔවුන්ට දරුවන් පස්දෙනෙකු රැක බලා ගැනීම අතිශය දුෂ්කර වී තිබේ. රෝහිතට රැකියාවට යාමට ද බැරි වන තරමට දරුවන්ගේ වැඩ වැඩි ය. එකම දරුවකුටවත් අවශ්‍ය තරමින් සැලකීමට තබා නිසි පෝෂණය ලබා දීමටවත් නො හැකි වී ඇතැයි රෝහිත හා ඔහුගේ බිරිඳ දුක් වෙති.

මෙවැනි කතා තවත් බොහෝ ය. මෙම කණගාටුදායක තත්වයන්ට හේතුව නිසි උපත් පාලනයක් කර නො ගැනීමයි.

නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා දරුවන් ලැබෙන වියේ පසු වන පුද්ගලයන් අවදානමට මුහුණ දීමේ අවශ්‍යතාවක් නැත. 99%ක් පමණ විශ්වාසවන්ත උපත් පාලන ක්‍ර‍ම ගණනාවක් ම තිබේ.

  • වාසෙක්තමි – පුරුෂයන්ගේ ස්ථිර උපත් පාලන ක්‍ර‍මයකි.
  • ටියුබෙක්තමි හෙවත් LRT – කාන්තාවන්ගේ ස්ථිර උපත් පාලන ක්‍ර‍මයකි.
  • ඩිම්බ මේරීම වළක්වන හෝමෝන අඩංගු ගිලින පෙති
  • ඩිම්බ මේරීම වළක්වන හෝමෝන අඩංගු නික්ෂේපණ
  • ශුක්‍රාණු ඩිම්බය වෙත ගමන් කර සංසේචනය වීම වළක්වන අන්තර් ගර්භාෂ තැන්පතුව
  • බාහුවේ සමට යටින් ඩිම්බ මේරීම වළක්වන හෝමෝන අඩංගු කරලක් තැන්පත් කරන ඉම්ප්ලාන්ට් තැන්පතුව

මේ අතරින් ඩෙපෝ ප්‍රොවේරා (Depo-Provera) හෙවත් DMPA (Depot Medroxyprogesterone Acetate) විශේෂ ය. එන්නතක් ලෙස ලබා දෙන එය මාස තුනක කාලයක් ගැබ් ගැනීම් වළක්වන්නට සමත් වේ.

2011 වන විට, ශ්‍රී ලංකාවේ උපත් පාලන ක්‍ර‍ම භාවිතා කළ පුද්ගලයන් අතරින් 18%ක් DMPA භාවිතා කළ හ. එහෙත්, 2012දී මෙම එන්නත භාවිතා කළ කාන්තාවන් කීපදෙනෙකු අසාත්මිකතාවලට මුහුණ දීම හා දෙදෙනෙකු මිය යාම නිසා DMPA එන්නත භාවිතය 12.1%ක් දක්වා පහත වැටිණි.

මෙම වසර තුළදී ශ්‍රී ලංකාවේ උපත් පාලන ක්‍ර‍ම භාවිතා කිරීමේ ප්‍ර‍තිශතය 65.2% සිට 64.6% දක්වා පහත වැටීමක් ද සිදු වූ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ ආචාර්ය සංජීව ගොඩකන්ද පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනයක් වන පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් වහා විමර්ශනයක් සිදු කරන ලදී.  එන්නත් වර්ගය තත්ව පරීක්ෂණ සඳහා යොමු කරන ලදී. එම එන්නත ලබා දීමේදී වෛද්‍යවරයකු අසල සිටීම, හදිසි අවස්ථා සූදානම අනිවාර්ය කරන ලදී. එසේම කාර්ය මණ්ඩල හදිසි අසාත්මික තත්වයන් සඳහා පුහුණු කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදෙස් ලබා ගෙන ඉන් පසු එම සංවිධානය විසින් අනුමත කරන ලද DMPA එන්නතක් ආනයනය කිරීමට පියවර ගන්නා ලදී.

මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිතා වන ඩෙපෝ ප්‍රොවේරා එන්නත අතිශය ආරක්ෂිත එකක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එය ලබා දීමට හෝ ලබා ගැනීමට හෝ වෛද්‍ය නිලධාරීන් සහ කාන්තාවන් බිය විය යුතු නැති බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය අවධාරණය කරයි.

අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමෙන් පවුලට දරා ගැනීමට බැරි තරම් දරුවන් ඉපදීම හා දරුවන් අතර පරතරය අඩු වීමෙන් ඇති වන ගැටලු වළක්වා ගත හැකි ය.

Views:
6574

2017

0 votes
අඩු වයස් විවාහ හා ළමා මාතෘත්වය
The problem
මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසය තුළ සිදු වන අඩු වයස් විවාහ සහ අඩු වයස් ගැබ් ගැනීම් වළක්වා ගැනීම පිළිබඳ පාසල් ප්‍ර‍ජාව දැනුවත් කිරීම. මේ සඳහා මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසය තුළ ඇති පාසල්වල සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන හා විද්‍යා ගුරුවරුන් කැඳවා ශ්‍රී ලංකා පොලිසියේ හසලක ශාඛාවේ කාන්තා කාර්යාංශ නිලධාරිනියන් හා අධ්‍යාපන දෙපාර්කමේන්තුවේ මිනිපේ කොට්ඨාසයේ නිලධාරීන් සහ මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසයේ කාන්තා කටයුතු සම්බන්ධ නිලධාරින් කැඳවා පාසල් ගුරුවරුන්ට පාසල් විෂය නිර්දේශයේ ඇති මෙම මාතෘකා සම්බන්ධ කරුණු ළමුන් වෙත සන්නිවේදනය කළ යුතු බව හා කළ යුතු ආකාරය පිළිබඳ වැඩමුළු පැවැත්වීම. පාසල්වල ළමුන්ට අඩු වයස් විවාහ හා අඩු වයස් ගැබ් ගැනීම්වල ඇති අවදානම් තත්වය පිළිබඳ දැනුවත් කිරීම හා ඒ සම්බන්ධ වීඩියෝ පට පෙන්වීම. අඩු වයස් විවාහ හා ගැබ් ගැනීම් නිසා සමාජයේදී මුහුණ දීමට සිදු වන ගැටලු හා එයින් පීඩනයට පත් වන ආකාරය පිළිබඳ ළමුන් දැනුවත් කිරීම හා පාසල්වල පවත්වන දෙමාපිය රැස්වීම්වලදී ළමුන් හා දෙමාපියන් අතර මිත්‍ර‍ත්වය පිළිබඳවත්, ළමුන්ගේ අදහස් පිළිබඳවත් විමසා දැන ගැනීමත්, ළමුන්ගේ ගැටලුවලදී දෙමාපියන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම. (රටේ අනාගත ළමා පරපුරේ සුරක්ෂිතතාව පිළිබඳ වගකිව යුතු පාර්ශ්වයන් දැනුවත් කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.)
The solution

Budget

75000

by Chamini Lakmali
2 votes
පවුල් සැලසුම සහ ජාතිවාදය
The problem
ජාතිවාදය පසුබිම්කරගෙන වෛදයවරු සහ විවිධ සංවිධාන පර්හ්වයන්ගේ අදහස් හා උපත් පාලනය ප්‍රතික්ත්‍ෂ්ප කිරීම තුළ 1 මවට ඇතිවන කායික මානසික සහ ශාරිරික සෞඛ්‍ය ගැට`ඵ 2 අඩු වයසින් විවාහ වීම සහ නිසි පවුල් සැලසුමක් නොමැති වීම සහ ලිංගික අධ්‍යාපනය මද`කම හේතුවෙන් ඇතිවන අර්බුධ 3 නොමේරු දරු උපත් ඇති වීම 4 ගබ්සා වීම දරුවන් අතර නිසි වයස් පරතරයක් නොමැති තත්ත්ව තුළ දරුවන්ට පෝෂණ උණතා ඇතිවීම හා විවිධ රෝගි දරුවන් බිහිවීම 5 පවුල් අර්බුධ හා ආර්ථික ගැටඵ යනාදි තත්ත්වයන් පවුල් සෞඛ්‍ය නිළධාරිනි, වෛද්‍යවරයෙක් සමඟ සම්මුඛ සාකච්ඡා සහ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන හා දත්ත වාර්තා චිත්‍රපයටක් මගින් පෙන්වා උපත් පාලනය හා සබැදි දුර්මත ඉවත් කිරීමත් නිසි පවුල් සැලසුම සමාජ ප්‍රගමනයට ඇති දායකත්වය සමාජගත කිරිම

150000

by shani