සමාජ ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ඔබටත් නැවුම් අදහසක් තිබෙනවා ද? අපට කියන්න
ඔබේ හඬට ඉඩක්
www.iVoice.lk තරුණයන්ට සමාජ ප්‍රශ්න සාකච්ඡා කරන්නට සහ නව නිර්මානාත්මක විසඳුම් ක්‍රියාත්මක කරන්නට අන්තර්ජාල වේදිකාවක්
ඔබ ම වෙනස වන්න
තරුණ පරපුරේ අනන්ත හැකියාවන් ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා තමයි සමාජ ප්‍රශ්නයක් විසඳීම සඳහා නව නිර්මානාත්මක අදහස් ක්‍රියාත්මක කරන්නට තරුණයන් 10දෙනෙකුට රු. 100,000/= බැගින් අප විසින් පිරිනමනු ලබන්නේ.
නැවුම් අදහස් තරගය
කාලීන සමාජ ප්‍රශ්න හා සම්බන්ධ විශේෂාංග ලිපි රැසක් www.iVoice.lkහි අඩංගු වෙනවා. අපට අවශ්‍යයි ඒවා විසඳා ගන්නට ඔබේ දායකත්වය ද ලබා ගන්නට. මේ සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන නව නිර්මානාත්මක අදහසක් ඉදිරිපත් කරන්න. අප ඔබට උපකාර කරනවා එය ක්‍රියාත්මක කරන්නට.
තරගයට යෝග්‍ය වීම සඳහා ඔබේ ඉදිරිපත් කිරීම සුවිශේෂ, නව නිර්මානාත්මක නැවුම් අදහසක් විය යුතුයි. එසේම එය 2017 සැප්තැම්බර් 21 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ හැකි එකක් ද විය යුතුයි.
එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
යෝග්‍යතාව
නැවුම් අදහසක් ඉදිරිපත් කරන්නට නම් ඔබ:
- ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුයි.
- ඔබ වයස අවුරුදු 18 - 29 අතර විය යුතුයි.
- ඔබේ අදහස ක්‍රියාත්මක කිරීමේ පූර්ණ වගකීම ඔබ භාර ගත යුතුයි.
ඉදිරිපත් කරන්න
www.iVoice.lk වෙබ් අඩවියේ විශේෂාංග ලිපි අවසානයේ දකින්නට ලැබෙන ‘ඔබේ අදහස ඉදිරිපත් කරන්න’ යන බොත්තම ඔබන්න. අදහස් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය 2017 සැප්තැම්බර් 3
මනාප දෙන්න
ඔබේ නෑ හිත මිතුරන් අතරේ ඔබේ නැවුම් අදහස බෙදා හරින්න. අවසන් දිනය වන 2017 සැප්තැම්බර් 3දාට කලින් www.iVoice.lk වෙබ් අඩවිය ඔස්සේ එයට මනාප දෙන්නැයි ඔවුන්ට කියන්න.
අවසන් වටයට තෝරා ගැනීම
හොඳම අදහස් 20 අවසන් වටයට තෝරා ගනු ලබනවා. එසේ තෝරා ගනු ලැබූ තරගකරුවන්ට ඒ පිළිබඳව 2017 සැප්තැම්බර් 6 වන විට දැනුම් දෙනවා.
අදහස වාචිකව ඉදිරිපත් කිරීම
තෝරා ගනු ලැබූ තරගකරුවන්ට සිය නැවුම් අදහස වඩා විස්තර සහිතව විනිශ්චය මණ්ඩලය ඉදිරියේ සජීවීව ඉදිරිපත් කිරීමේ අවස්ථාව 2017 සැප්තැම්බර් 13දා හිමි වෙනවා.
ඔබේ අදහස ක්‍රියාත්මක කරන්න
2017 සැප්තැම්බර් 21දා පැවැත්වෙන නැවුම් අදහස් සම්මාන උළෙලේදී හොඳම අදහස් 10 නිවේදනය කරනු ලබනවා. ඒ අදහස් 10 ක්‍රියාත්මක කිරීම සඳහා රු. ලක්ෂය බැගින් මූලික අරමුදල් සහ උපදෙස් අප විසින් ලබා දෙනවා. එම අදහස් 2017 දෙසැම්බර් 31 දිනට පෙර ක්‍රියාවට නැංවිය යුතුයි.
තරගය ගැන වැඩිදුර දැනගන්න
මේ තරගය පිළිබඳ වැඩිදුර විස්තර ඉගෙන ගනිමින් අපේත් උදව් ඇතිව ඔබේ අදහස තරගයට ඉදිරිපත් කරන්නට ඔබටත් වැඩමුළුවකට සහභාගි වෙන්නට පුළුවන්.
පැවැත්වෙන තැන් හා දින:
අගෝස්තු 8 - යාපනය (දෙමළ මාධ්‍යය)
අගෝස්තු 10 - මඩකලපුව (දෙමළ මාධ්‍යය)
අගොස්තු 16 - ගාල්ල (සිංහල මාධ්‍යය)
අගෝස්තු 23 - මහනුවර (සිංහල මාධ්‍යය)
අගෝස්තු 30 - කොළඹ (ඉංග්‍රීසි මාධ්‍යය)
ස්ථානය ඉක්මණින් දැනුම් දෙනු ලැබේ. ගාස්තුවක් අය කරනු නොලැබේ. වැඩමුළු කාලය පැය තුනකි. තේ හා දිවා ආහාර සපයනු ලැබේ. ලැප්ටොප්, ටැබ් හෝ ස්මාට් දුරකථන රැගෙන එන්න. වයිෆයි සම්බන්ධකම් ද සපයනු ලැබේ. ප්‍රමාද වළක්වා ගැනීමට ඔබගේ ම අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිතා කරන්න. ඉඩකඩ සීමිතයි.
මෙතැනින් ලියාපදිංචි වන්න.
(ඉහත ඡායාරූපයේ ඉන්නේ ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද මෙවැනි තරගයකින් ජයගෙන ගමට පාලමක් තැනීමට මූලිකත්වය ගත් තරුණියන් තිදෙනෙක්. ඔවුන්ගේ කතාව මෙතැනින් කියවන්න.)