බස් ප්‍ර‍මුඛතා මංතීරු සාර්ථක ද?

by Ajith
17-Aug-2017

කොළඹ නගරයේ මාර්ග තදබදය ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රශ්න අතරින් ප්‍ර‍ධානතම එකකි. එය රටේ පරිපාලන, කළමනාකරණ, ආර්ථික, සමාජ, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී අංශ රැසක ඵලදායිතාවට ඍජුවම බලපානවා.

ජනගහණය වැඩි වෙනකොට නිවාස, පාරවල්,  ජනතාවට එදිනෙදා කටයුතු කර ගන්නට අවශ්‍ය කාර්යාල, කඩ-සාප්පු ආදියත් වැඩි වෙනවා. ඒ වගේ ම තවත් වැඩි වෙන දෙයක් තමයි වාහන සංඛ්‍යාව.

2012 ජන සංගණනය අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය ලක්ෂ 23ක් වෙනවා (2,309,809). එය ජන ඝනත්වය වැඩි ම දිස්ත්‍රික්කයයි. එහි වර්ග කිලෝමීටරයක් තුළ සාමාන්‍යයෙන් මිනිසුන් 3438දෙනෙකු ජීවත් වන අධික ජන ඝනත්වයකින් යුත් දිස්ත්‍රික්කයක්.

කොළඹ නගර සීමාවට අයත් වන කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන ජනගහණය 550,000කට වැඩියි. ඊට අමතරව සතියේ වැඩ කරන දිනවලදී ලක්ෂ 15ක් පමණ ජනයා දිනපතා කොළඹට ඇදී එනවා. මේ අනුව වැඩ කරන දිනයක දිවා කාලයේදී කොළඹ නගරය තුළ ජනගහණය ලක්ෂ 20 ඉක්මවනවා. (2012 ජන සංගණනය)

කොළඹ නගරයට පිවිසෙන ස්ථාන තුනකින් දිනකට වාහන ලක්ෂ තුනක් පමණ නගරයට ඇතුළු වෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත මගින් අනුමාන කෙරෙනවා. මේ නගරය තුළ ධාවනය වන වාහනවලට අමතරවයි.

බස්රථ 27,000කට වැඩි සංඛ්‍යාවකින් මගීන් මිලියනයකට වඩා ගමන් කරනවා. පෞද්ගලික වාහන ලක්ෂ තුනකින් පමණ තවත් ලක්ෂ හයක් විතර ගමන් කරනවා. දුම්රියෙන් ගමන් කරන පිරිස 165,000කට වැඩි යයි අනුමාන කරනවා.  

කොළඹට මේ ජන ගඟ ඇදී එන්නේ දිනපතා උදෑසනයි. සවස් වන විට ඒ ජන ගඟ අනෙක් පැත්තට, ඒ කියන්නේ කොළඹින් පිටට ගලා යනවා. කොළඹ වීදි වාහනවලින් පිරී තදබද වන්නේ ඒ වෙලාවන්වලටයි. කිරිබත්ගොඩ, මොරටුව, පිළියන්දල, මහරගම, බත්තරමුල්ල වැනි කොළඹ පරිවාරයේ නගරයක සිට උදෑසන 7 සිට 9 පමණ දක්වා කාලයේදී කොළඹට එන අයට දැවැන්ත මාර්ග තදබලයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ එන සෙනග ආපසු යාම දවල් 1.30ට පාසල් අවසන් වීමත් එක්ක ආරම්භ වෙනවා. සවස 4 සිට 7 පමණ දක්වා කාලය තුළදීත් අධික මාර්ග තදබලයක් දැකිය හැකියි.  

මේ තදබලයන් අතරතුර වාහන ධාවනයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10ක් පමණ වන නිසා මිනිස් පැය නාස්තිය මෙන් ම, අති විශාල ඉන්ධන නාස්තියක් ද සිදු වෙනවා. මහමග රස්තියාදුව අධික වෙහෙසකර කාර්යයක්. එය ශ්‍ර‍ම ඵලදායිතාවටත්, පොදුවේ ජනජීවිතයටත් දැවැන්ත බලපෑමක් කරනවා.

මාර්ග තදබදය නිසා දිනකට රු. බිලියනයක් පමණ ආර්ථිකයට අහිමි වන බව ගණනය කර තිබෙනවා.

කොළඹ මාර්ග තදබදයට විසඳුම් දෙන්නට රජය ගුවන් පාලම් ඉදි කිරීම, එක අතකට පමණක් ධාවනය වන මාර්ග හඳුන්වා දීම වැනි සාර්ථක පියවර ගත්තා. කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාව අවම කිරීම සඳහා කටුබැද්දේ සිට විශේෂ සුඛෝපභෝගී නාගරික බස් සේවයක් හඳුන්වා දුන්නත්, එය අසාර්ථක වුණා.

මගීන් විශාල වශයෙන් බස්රථ භාවිතයෙන් ඉවත් වෙමින් සිටින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෑතදී පැවසුවා. බස් හිමියන්ගේ ලාභ අඩු වීමටත්, තරගකාරිත්වය හා ඒ නිසා සිදු වන අක්‍ර‍මිකතා වැඩි වීමටත් එය හේතු වෙනවා.

මෙසේ ඉවත් වන මගීන් මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ, මෝටර් රථ වැනි පෞද්ගලික වාහන වෙත යොමු වීම නිසා මාර්ග තදබදය දවසින් දවස ඉහළ යනවා. ඔවුන් විකල්ප අතුරු මාර්ග භාවිතා කරන නිසා ඒවා ප්‍ර‍ධාන මාර්ගවලට පිවිසෙන තැන්වල පාලනය කිරීම ඉතා දුෂ්කර තදබදයන් ඇති වෙනවා.

මෙම තත්වය හමුවේ, රජය විසින් අගෝස්තු 15දා සිට හඳුන්වා දී තිබෙන බස් ප්‍ර‍මුඛතා මං තීරු නියාමන ව්‍යාපෘතිය ඉතා වැදගත්. කොළඹට පිවිසෙන මගීන්ගෙන් 2/3ක් ම ගමනාගමනයේ යෙදෙන්නේ බස්රථවලින් නිසා ඒවාට ප්‍ර‍මුඛතාව දීම අත්‍යවශ්‍යයි.

මේ පිළිබඳව මෙම ව්‍යාපෘතියේ නියමුවකු වන මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ප්‍රවාහන විශේෂඥ අමල් කුමාරගේ සිළුමිණ පුවත්පතට මෙසේ පැවසුවා. “බස් රථවලට ප්‍රමුඛතාව ලබා දී ගමන් කිරීමට සැලැස්වීම නිසා ‍අනෙකුත් වාහනවලට පෙර ගමනාන්තයට ළගා වීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා බහුතරයක් ජනතාව බස් රථවලින් ගමන් කිරීමට යොමු කිරීමයි මේ ව්‍යාපෘතියේ අපේක්ෂාව වන්නේ. පැයක කාලයක් තුළ බස් රථ 100කින් 5000ක පමණ ජනතාවකට ගමන් කරන්න පුළුවන්. එහෙත් ඒ කාලය තුළ ගමන් ගන්නා සෙසු වාහන 2500ක් 3000ක් අතර ප්‍රමාණයකින් ගමන් කරන්නේ 3000කට ආසන්න ප්‍රමාණයක්. මේ නිසා මාර්ග තදබදය එන්න එන්නම වැඩි වෙනවා.

පසුගිය දින තුනක කාලය තුළ අප මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වාත්, වැල්ලවත්තේ සිට බම්බලපිටිය හන්දිය දක්වාත් ප්‍ර‍මුඛතා මං තීරු නිරීක්ෂණය කළා. විශාල පොලිස් නිලධාරීන් පිරිසක් සේවයේ යොදවා මාර්ග විනය පිළිබඳ දැඩි සෝදිසියකින් කටයුතු කළ නිසා මං තීරු හොඳින් ක්‍රියාත්මක වුණා. බස් ගමනත් වඩා වේගයකින් සිදු වුණා.

මෙම ප්‍ර‍මුඛතා මං තීරුවලට පාසල් කෙසේ බලපානු ඇද්ද යන්න තවම පැහැදිලි නැහැ. හේතුව, දැනට පාසල් නිවාඩු කාලය වීමයි. විශේෂයෙන් ම රාවතාවත්තේ වේල්ස් කුමාර විද්‍යාලය අසලත්, බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය අසලත් පාසල් වේලාවට ඇති වන දැඩි වාහන තදබදය ප්‍ර‍මුඛතා මං තීරුවලට ඍජුවම බලපානවා.

ගාලු පාරේ වැඩිම මාර්ග තදබදයක් ඇති වන්නේ ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා කලාපයේයි. එම කලාපයේ බස් ප්‍ර‍මුඛතා මංතීරු හඳුන්වා දීමට නම් මාර්ගය සංවර්ධනය කළ යුතුව තිබෙනවා.

කොළඹින් බැහැර යන බස් මගීන් වෙනුවෙන් ප්‍ර‍මුඛතා මංතීරු හඳුන්වා දීමක් සිදු වී නැහැ. එයට හේතුව ලෙස රජය විසින් පෙන්වා දෙන්නේ පාසල් අවසන් වන වේලාව හා කාර්යාල අවසන් වන වේලාව අතර ඇති පැය ගණනක පරතරය නිසා මාර්ග තදබදය තුනී වන බවයි. ඒත් ගාලු පාරේ ම, සවස් කාලයේදී ඇති වන මාර්ග තදබදය සුළුපටු එකක් නෙමෙයි. මේ මාර්ග තදබදයට ප්‍ර‍ධාන හේතුව වන්නේ මැරීන් ඩ්‍ර‍යිව්  අවසානයේදී ගාලු පාරට විශාල වාහන සංඛ්‍යාවක් එකතු වීමයි. මැරීන් ඩ්‍ර‍යිව් මොරටුව දක්වා සංවර්ධනය කිරීමට පියවර ගැනීම අතිශය වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි.  

Views:
5353

2017

0 votes
රිය අනතුරුවලින් වැනසෙන තරුණ ජීවිත සුරැකීම
The problem
1. මතුගම, අළුත්ගම හා වැලිපැන්න පොලිස් ස්ථානවලට ගොස් මාර්ග අනතුරු පිළිබඳ තොරතුරු ලබා ගැනීම 2. එ්වා විශ්ලේෂණය කර, අනතුරට පත් වන තරුණ පිරිස, ඔවුන්ගේ වයස් කාණ්ඩ හා මෝටර් සයිකල් අනතුර සිදු වූ ආකාරය, අනතුරට භාජනය වූ මෝටර් සයිකල්වල ස්වභාවය, අනතුරු සිදු වන දවස් ආදිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම 3. මෝටර් සයිකල් අනතුරුවලට හේතු විමසා දැන ගැනීම 4. විශේෂඥ උපදෙස් ලබා ගැනීම 5. තරුණයන් දැනුවත් කිරීමේ වාර්තා වැඩසටහනක් සැලසුම් කිරීම 6. පිටපත ලිවීම (සංඛ්‍යා දත්ත ඇතුළත් කරමින්) 7. දර්ශන පටිගත කිරීම 8. සංස්කරණය 9. රූපවාහිනී පරිස්සමින් ගිහින් එන්න වැඩසටහන වැනි ඒවාට ලබා දීම 10. සමාජ මාධ්‍ය මගින් බෙදා ගැනීම 11. ඩීවීඩී තැටි පාසල්වලට ලබා දීම 12. ඩීවීඩී තැටිය පුළුල් සහභාගිත්වයෙන් දියත්කිරීම
The solution

Budget

125000

by Sujith
0 votes
ත්‍රි රෝද පදවන තරුණයන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම
The problem
ත්‍රීවිල් මිළදී ගැනීමට පෙළඹෙන තරුණයන්ගේ සමාජ හා ආර්ථික පසුබිම සෙවීම.මෙහිදී මතුගම සිට කලුතර දක්වා ඇති ත්‍රිවිල් පාක් වෙත ගොස් ප්‍රශ්නාවලියක් ලබා දෙනු ලැබේ.ත්‍රිවිල් රථ අලෙවි කරන ආයතන වෙත ගොස් ඔවුන්ගෙන් දිනකට අලෙවිවන ත්‍රීවිල් ප්‍රමාණය විමසා එයින් කවර තරුණ ප්‍රතිශතයක් ත්‍රිවිල් මිලදි ගන්නෙදැයි විමර්ෂනය කිරීම.පොලිස් ස්ථාන වෙත ගොස් අපරාධ වැරදිවලට ත්‍රිව්ල් රියදුරන්ගේ දායකත්වය පිළිබදව තොරතුරු ලබා ගැනීම.මේ මත පදනම්ව වීදි නාට්‍යයක් නිර්මාණය කිරීම.එම නාට්‍යතුලින් තරුණයන්ට වෘත්තීය පුහුණුව සදහා ඇති ආයතන පිළිබදව ඉඟි ලබාදීම.මෙහිදී ප්‍රදේශයේ තරුණ සේවා නිළධාරිලෙන් තොරතුරු ලබා ගනු ඇත.නාට්‍ය පිටපත නිරීමානය කරගැනීමට ප්‍රදේශයේ නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයා සම්බන්ද කර ගැනීම.නලු නිලියන් සදහා.පාසැල් හැර ගිය ප්‍රදේශයේ ළමුන් සම්බන්ධ කර ගැනීම.නිස්පාදිත වීදි නාට්‍ය මතුගම සිට කලුතර දක්වා ඇති ත්‍රිවිල් පාක් අසල ප්‍රදර්ශනය කිරීම.

110000

by pramuka