Ideas

 We believe in the infinite potential of people. By creating a network of passionate people, we hope to inspire great ideas and find solutions to address burning social issues. 

Integrated Rescue Group for Land Slide Disaster Management

The Problem

The disaster situations such as land slide disasters demands immediate rescue of the affected. However on studying the past incidents it was understood that rescue operations could not be launched immediately after an incident due to: 1. Non availability of infrastructure and human detection systems. 2. Risk of repetition of the occurrence such as further earth slips. 3. Inability of detection at night times mostly the earth slips occurred. 4. Reluctance of taking the risk of proceeding into danger, by humans. At this backdrop it is well understood there is a void.

THE SOLUTION

This research endeavors to add an additional dimension by addition of movability and longer range and close vicinity surveillance by utilizing quadcopter, crawling and earth piercing set of robots. All platforms being equipped with detector for thermal signature. The proposed solution keep the humans at bay and could prevent risking human lives, but utterly risking the same of robots. Above all this prevents the requirement of 24x7 based continuous monitoring, thereby provides some physical and psychological freedom to human rescue parties. So, they could be efficiently focused and effectively active for other essential tasks such as first aid at a safer distance from the disaster site, by assigning monitoring to the sensors. All aforesaid sensors are not essential to be wireless except in an extreme requirement, but expected to be wired and powered by the main power. During an extreme situation they will do away from the fixed power mode and to RF mode.

BUDGET

150000

BY Enesh Fernando
36 Votes

සහභාගීත්ව සන්නිවේදනයෙන් ඉදිකිරීම් ආශ්‍රිත අනතුරු වැළකීම

The Problem

ශ්රීම ලංකාව තුළ සංවර්ධන ව්යා පෘතින් රාශියක් මේ වන විට ක්රි.යාත්මක වෙමින් පවති. ඉන් බෝහොමයක් ඉදිකිරීම් ව්යාතපෘතින් වන අතර ඒවා බෝහෝවිට ජනාවාස ආශ්රිිතව සිදුකිරීම නිසා ජන ජීවිත වලට එල්ල වන බාධාවන් වැඩිවේ. තවද විශාල කැනීම් හා ඉදිකිරීම් යන්ත්රර හේතුවෙන් සිදුවන අනතුරු වලින් කුඩා දරුවන් හා ජනතාවට එල්ල වන තර්ජන ද අධික වේ. දැනුවත් භාවයත් අනතුරු වැළැක්වීමේ වැදගත්කමත් පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීම ව්යා පෘතින් සාර්ථකව දියත් කිරීමටත් අනතුරු අවම කිරීමටත් හේතු වනු ඇත.

THE SOLUTION

ගලේවල ප්රතදේශය කේනද්රහ කරගනිමින් සිදු කෙරෙන ජාතික සංවර්ධන ව්යා්පෘතීන් වලට අයත් බල ප්රවදේශ වල ළමා සමාජ ජාලයක් ඇති කිරීම හා ළමුන් සවිබල ගැන්වීම. ඔවුන්ට වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කිරීමට අවශ්යම මූලික පුහුණු ලබා දීම හා එමගින් විවිධ වීඩියෝ වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දීම. ඒ හා සමගාමීව ඉදිකිරීම් භූමි ආශ්රිවතව සිදු විය හැකි අනතුරු හා එවායින් වැළකෙන අන්දම පිළිබඳව ප්රා යෝගික පුහුණු වැඩමුළු පැවැත්වීම. එ් තුළින් පිහිටවනු ලැබූ ළමා සමාජ වලට තමන්ගේ ප්රුදේශ වල සිදුවිය හැකි අනතුරු අවම කරගන්නා ආකාරය පිළිබඳව සැළැස්ම නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දීම. එහි එක් අංගයක් ලෙස දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමටත් ඵලදායී ආකල්පමය වෙනසකට අවශ්යි සන්නිවේදන උපක්රංම ලෙස වීඩියෝ දර්ශන නිර්මාණය කිරීමට පුහුණු කළ දරුවන් හට අවස්ථාව ලබා දීම. එතුළින් අනතුරු වැළැක්වීම සඳහා ළමුන්ගේ දායකත්වය සෘජුවම ලබා ගැනීමට අපේක්ෂා කරන අතර ළමුන් තුළින් වැඩිහිටියත් වෙතත් ළමුන් වෙතත් අනතුරු වැළැක්වීමේ වැදගත්කම පිළිබඳ තොරතුරු සම්ප්රේිෂණය කිරීමට හැකි වනු ඇත. නිර්මාණය කරනු ලබන ළමා සමාජ ආරක්ෂාව පිළිබඳ ළමා සමාජ ලෙස සවිබල ගැන්වීම තුළින් අනතුරු අවම කිරීම සඳහා ළමුන්ගේ සෘජු දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

BUDGET

100000

BY Nalaka Wehalla
5 Votes

අන්තර්කරණයෙන් අභියෝග ජයගමු...

The Problem

සමාජයේ ජීවත් වන්නන් තම ජීවිතවලට පැමිණෙන අභියෝග වලින් පැන යාමට හෝ සැඟවී සිටීමට උත්සාහ දරන්නේ නම් කිසිදු දිනක එම අභියෝග ජයගත හැකි නොවනු ඇත. පොදුවේ "සමාජයක්‌" යනු එහි ජීවත් වන විවිධ වූ පුද්ගලයන්ගේ එකතුවකි. එනම් දුබලතා සහිත හා දුබලතා රහිත යන සියල්ලන් ගෙන්ම මෙම පුද්ගල එකතුව සමන්විත වේ. එසේම 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මූලික අංගයක්‌ වූයේද මෙම "සැමට අධ්‍යාපනය" යන්න ය. එහෙයින් විශේෂත්වයකින් තොරව සමාජයේ සිටින විවිධතා සහිත සියලුම ළමයින්ටද තම හැකියාවන් උපරිම මට්‌ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය මග පෙන්වාදීම කළ යුතුව ඇත. අන්තර්කරණ අධ්‍යාපනය යනු එවැනි විශේෂ අවශ්‍යතා සහිත ළමයින් හෝ පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ක්‍රමයකි. නමුත් මෙම අන්තර්කරය මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ නිසියාකාරව ක්‍රියාත්මක නොවීම විශේෂ අධ්‍යාපනයේ මන්දගාමී ගමනට හේතුවක් වී ඇත. මේ සදහා , මෙම අධ්‍යාපන ක්‍රමය පිලිබව ගුරුවරුන් සතු දැනුම ප්‍රමාණවත් නොවීම . මේ සම්බන්ධයෙන් දෙමව්පියන් සතු දැනුම ප්‍රමාණවත් නොවීම සහ එහි වැදගත්කම පිලිබඳ ඔවුන් තුළ නිසි අවබෝධයක් නොවීම . අන්තර්කරණ අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම සදහා සුදුසු පාසල් පරිසරයක් නොවීම . වැනි ගැටලු මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම අඩාල කරවයි.

THE SOLUTION

මා යෝජනා කරන්නේ සමාජයේ ආකල්ප වෙනසක් ඇතිකිරීම හරහා විදුහල්පති වරුන් ගුරුවරුන් දෙමාපියන් සහ අනෙකුත් අදාල සියළු බාහිර කණ්ඩායම් මෙම දරුවන් කෙරෙහි දක්වන ඍණාත්මක ආකල්ප සහ මෙම දරුවන් බැහැරකිරීම් නොසලකා හැරීම් වලට බලපාන්නා වු සමාජ සම්මතයන් සහ අදහස් විචාරයට ලක්කිරීම සහ නව එළඹුම් හදුන්වාදීමයි . එමගින් මෙම දරුවන් සදහා හදුන්වා දී ඇති අන්තර්කරණ වැඩපිලිවෙල ප්‍රායෝගික ක්‍රමයක් බවට පත්කිරීමයි. මා ලබාදෙන විසදුම වන්නේ සැම මනුෂ්‍යෙයක්ට හිමි අවස්ථාවන් ගෞරවය ලැබිය යුතුය යන පදනම මත තමන්ගේ විභවයන් හදුනාගෙන එම මානව ගුණාංගයන් වර්ධනය කිරීම සහ ඒවා සමාජ ප්‍රගමණයට දායක කරවීමයි. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය අවකාශ හරහා ෆේස්බුක් ,යූටියුබ් මාධ්‍ය හරහා නිශ්චිත මාතෘකා 4ක් පලමු අදියර හරහා සාකච්ඡා කිරිමයි. 01 -අණ්තර්කරණය / සාමුහිකත්වය 02 - පරිසරය සහ සංවේදනය. 03 - අවශ්‍යතා සහ බෙදාහදාගැනීම. 04 - ස්වාධීනව වැඩකිරිම. මේ කරුණු සාකච්ඡා කිරීමට වීඩියෝ මාධ්‍ය හරහා විනෝදාත්මක සහ ප්‍රසංගාත්මක වැඩසටහනක් සකස් කිරීම. එහි නම - "යාළුමාමා ගේ කතන්දර." වේ . මේවා සමාජ අවකාශය වෙත ගෙනයාම සදහා භාවිතා කරන සමාජ මාධ්‍යන් ලෙස , * යාළු මාමා නම් නව යූ ටියුබ් නාලිකවක් * ෆේස්බුක් පිටුවක් සකස් කිරිමයි .

BUDGET

100000

BY Lakmee nilanka.
1 Votes

තරුණයන්ට මෘදු කුසලතා ගැන පුහුණුවක් සමග ඉංග්‍රීසි දැනුම ලබා දීම

The Problem

මෘදු කුසලතා සහ ඉංග්‍රීසි භාෂා දැනුම නැතිකම නිසා තරුණයන්ට රැකියා ලබා ගැනීම ප්‍ර‍ශ්නයක් වී ඇති බව කියනු ලැබේ. මේ මෘදු කුසලතා මොනවාද කියා අන්තර්ජාලයේ සිංහලෙන් ලිපියක්වත් නැත. ඒවා මොනවාද යන්න තරුණයන්ට හදුන්වා දෙනු ඇත. ඒ අතරවාරයේ ඉංග්‍රීසි භාෂාවේ මූලික ව්‍යාකරණ හදුන්වා දී ඔවුන් වැඩිදුර ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු කරනු ලැබේ.

THE SOLUTION

ග්‍රාමීය තරුණයන්ට පහත සදහන් මෘදු කුසලතා හදුන්වා දීම සදහා ක්‍රියා කිරීම. මේ සදහා දැනුමැති ගුරුවරුන්ගේ සහාය ලබා ගැනේ. ඔවුන් සමග එකතු වී විෂය නිර්දේශයක් හදනු ඇත. Communication Skills Making Decisions Self Motivation Leadership Skills Team-Working Skills Creativity and Problem Solving Skills Time Management and ability to work under pressure මෙම එක් එක් මාතෘකාව සාකච්ඡා කිරීම සදහා පැය දෙක බැගින් වෙන් කරනු ලැබේ. සතියට එක් දිනක් වරුවක් පැවැත්වෙන මෙම වැඩසටහනේ ඉතිරි පැය දෙක ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගැන්වීම සදහා යොදනු ලැබේ. අවසාන දවසේ සිසුන්ට තම අදහස් හා අනාගත සැලසුම් සාකච්ඡා කිරීමට වෙන් කරනු ලැබේ.

BUDGET

100000

BY Kavishan Madusankha
2 Votes

අඩු වයස් විවාහ හා ළමා මාතෘත්වය

The Problem

මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසය තුළ අඩු වයස් විවාහ සහ ළමා ගැබ් ගැනීම් ඇති වීම

THE SOLUTION

මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසය තුළ සිදු වන අඩු වයස් විවාහ සහ අඩු වයස් ගැබ් ගැනීම් වළක්වා ගැනීම පිළිබඳ පාසල් ප්‍ර‍ජාව දැනුවත් කිරීම. මේ සඳහා මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසය තුළ ඇති පාසල්වල සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන හා විද්‍යා ගුරුවරුන් කැඳවා ශ්‍රී ලංකා පොලිසියේ හසලක ශාඛාවේ කාන්තා කාර්යාංශ නිලධාරිනියන් හා අධ්‍යාපන දෙපාර්කමේන්තුවේ මිනිපේ කොට්ඨාසයේ නිලධාරීන් සහ මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසයේ කාන්තා කටයුතු සම්බන්ධ නිලධාරින් කැඳවා පාසල් ගුරුවරුන්ට පාසල් විෂය නිර්දේශයේ ඇති මෙම මාතෘකා සම්බන්ධ කරුණු ළමුන් වෙත සන්නිවේදනය කළ යුතු බව හා කළ යුතු ආකාරය පිළිබඳ වැඩමුළු පැවැත්වීම. පාසල්වල ළමුන්ට අඩු වයස් විවාහ හා අඩු වයස් ගැබ් ගැනීම්වල ඇති අවදානම් තත්වය පිළිබඳ දැනුවත් කිරීම හා ඒ සම්බන්ධ වීඩියෝ පට පෙන්වීම. අඩු වයස් විවාහ හා ගැබ් ගැනීම් නිසා සමාජයේදී මුහුණ දීමට සිදු වන ගැටලු හා එයින් පීඩනයට පත් වන ආකාරය පිළිබඳ ළමුන් දැනුවත් කිරීම හා පාසල්වල පවත්වන දෙමාපිය රැස්වීම්වලදී ළමුන් හා දෙමාපියන් අතර මිත්‍ර‍ත්වය පිළිබඳවත්, ළමුන්ගේ අදහස් පිළිබඳවත් විමසා දැන ගැනීමත්, ළමුන්ගේ ගැටලුවලදී දෙමාපියන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම. (රටේ අනාගත ළමා පරපුරේ සුරක්ෂිතතාව පිළිබඳ වගකිව යුතු පාර්ශ්වයන් දැනුවත් කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.)

BUDGET

75000

BY Chamini Lakmali
0 Votes

අධ්‍යාපනය අවසන් කළ තරුණයන්ට නිසි මාර්ගෝපදේශනයක්

The Problem

බහුතර ග්‍රාමීය තරුණ පිරිස නිසි වෘත්තීය මගපෙන්වීමක් නොමැති වීම නිසා ඵලදායී නොවන ක්‍රියාකාරකම්වලට යොමු වීම නිසා සමාජ ප්‍ර‍ශ්න රාශියක් ඇති වීම

THE SOLUTION

1. වෘත්තීය මාර්ගෝපදේශනය ලබා ගැනීමට ග්‍රාමීයව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම. උදා: පන්සල්, ප්‍ර‍ජා ශාලා වැනි තැනක 2. විවිධ ක්ෂේත්‍ර‍ ඔස්සේ තමන්ට සුදුසු වෘත්තීය අවස්ථා සොයා ගැනීමට ප්‍ර‍භවයන්, සම්පත් භාවිතා කරවීම. උදා: අයදුම්පත්, විස්තර 3. යම්කිසි වෘත්තීය ක්ෂේත්‍ර‍යකට අදාළ විස්තර ලබා ගැනීමට පහසු ස්ථානයක් ගම්බදව පිහිටුවීම. 4. ග්‍රාමීය කාන්තාවන්ට ස්වයං රැකියා. උදා: ආහාර නිෂ්පාදන, ඇඳුම් නිෂ්පාදනවලට අවශ්‍ය දැනුම ලබා ගැනීමට අවශ්‍ය පොත්පත්, සඟරා, මානව සම්පත් ලබා ගැනීම පහසු කිරීම 5. ඉහත කී කරුණු නිසා නිසි මගපෙන්වීමක් ලැබීම හේතු කොටගෙන තරුණයන් නිකරුණේ ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදීම, එදිනෙදා කුලී වැඩවල යෙදීම, සොරකම්වල යෙදීම ආදිය වැළැක්වීමෙන් සමාජයට සිදු වන හානිය වැළැක්වීම (ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ගීත් අන්ජන විජේසේකර සමග එකතුවයි)

BUDGET

90000

BY Kaushalya Doolwala
0 Votes

කාන්තාවන් සවිබල ගැන්වීම

The Problem

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන්ට ඇති ආර්ථික දුෂ්කරතා

THE SOLUTION

මිනිපේ ප්‍රා.ලේ. කොට්ඨාසයේ කාන්තාවන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සඳහා මිනිපේ ප්‍රා.ලේ. කාර්යාලයේ කාන්තා කටයුතු නිලධාරිනියන් හා එක්ව කොට්ඨාසය තුළ 1. ග්‍රාම නිලධාරි වසම්වල ඇති කාන්තා සමිතිවල සාමාජාකාවන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම 2. එක් එක් කාන්තාවන්ට කිරීමට පහසු ස්වයං රැකියා සඳහා පුහුණුව ලබා දීම හා ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීමට ග්‍රාමීය මට්ටමින් ඇති බැංකු සමග සාකච්ඡා කර අවස්ථාව ලබා දීම 3. එම කාර්යයන් කරගෙන යාම සඳහා නිරන්තරයෙන් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම

BUDGET

100000

BY Chamini Lakmali
0 Votes

බහුත්වවාදී සමාජයක ජනවාර්ගික පසමිතුරුතා ඇති වීම කෙරෙහි බලපාන හේතු සමාජ ජාල වෙබ් අඩවි ඇසුරෙන් අධ්‍යයනය කිරීම

The Problem

වර්තමාන සමාජය තුළ සිංහල හා මුස්ලිම් ජනතාව අතර බොහෝ පසමිතුරුතා වර්ධනය වෙමින් පවතී. ඒ සඳහා සමාජ ජාලා වෙබ් අඩවි මගින් ගෙන යනු ලබන ප්‍ර‍චාරණයනන් බලපා ඇත. සාමාන්‍ය සිවිල් ප්‍ර‍ජාව මේ ප්‍ර‍ාරණයන් පිළිබඳ අවබෝධ කර ගනු ලබන්නේ වැරදි දෘෂ්ටිකෝණයක් මගිනි. ජනවර්ග අතර බිය, සැකය මේ හරහා වර්ධනය වේ. මෙවැනි පසමිතුරුතා වර්ධනය වීම අනාගත ජනවාර්ගික ගැටලුවක් දක්වා වර්ධනය විය හැකි ය.

THE SOLUTION

සමාජ ජාල යනු නිදහසේ අදහස් හුවමාරු කර ගත හැකි අන්තර් සම්බන්ධතා ගොඩනගා ගත හැකි අවකාශයක් සපයන තැනකි. නමුත් මෙවැනි පසමිතුරුතා වර්ධනය වන ප්‍ර‍චාරණයක් වැළැක්වීම පිණිස ෆේස්බුක් ෆෑන් පේජ් එකක් නිර්මානය කර, එමගින් නිවැරදි තත්වය අවබෝධ කිරීම හා ඒ හරහා ප්‍රජාව දැනුවත් කිරීම. ඒ වගේම, එවැනි පසමිතුරුතා වර්ධනය වන ප්‍රදේශයක් තෝරාගෙන වැඩමුළුවක් පවත්වා දැනුවත් කිරීම.මෙම ෆේස්බුක් ෆෑන්පේජ් එක හරහා අජවර්ග යනු කවරුන්ද, ජනවර්ග අතර සුහදතාව වර්ණනය කර ගත යුතු ආකාරය පිළිබලද ලිපි ඉදිරිපත් කරයි. එයට අමතරව, රුහුණු විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකක සම්බන්ධ කරගෙන මෙම ජනවාර්ගික සුහදතාව පිළිබඳ කෙටි වීඩියෝවක් නිර්මානය කර ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වේ. මේ පිළිබඳ පර්යේෂණ නිබන්ධනයක් සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය යටතේ කරනු ලැබේ.

BUDGET

99000

BY Chamali Priyadarshani
0 Votes

ෆේස්බුක් හා නව පරපුරේ ගැටලු

The Problem

නූතනයේ ෆේස්බුක් භාවිතය නිවැරදිව සිදු නොකිරීම සමාජ ගැටලු රාශියක් උද්ගත වී ඇත. එහිදී තරුණ පරපුරේ සෑම ශිෂ්‍යයෙකුම පාහේ ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යනු ලබන අතර එමගින් තමාගේ පෞරුෂය අනෙක් අයගේ පෞරුයට මෙන්ම සමාජයේ යහපැවැත්මටද විශාල හානියක් සිදු වේ. එය අද වන විට සමාජ අපරාධ ඉහළ අගයක් ගැනීමට ද හේතු වී ඇත. විශේෂයෙන්ම, ෆේස්බුක් භාවිතය සඳහා සුදුසු ආචාරධර්ම පද්ධතියක් නොමැති වීමේ හිඩැස මෙහිදී කැපී පෙනේ.

THE SOLUTION

මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් ඇසුරින් විසඳුම් ක්‍රියාත්මක කිරීමට අරමුණු කෙරේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ට ෆේස්බුක් භාවිතය සඳහා නිවැරදි දැනුවත්භාවයක් ලබා දීම සඳහා ඔවුන්ට සුදුසු සම්පත් දායකයන් සපයාගෙන දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එහිදී ඒ සඳහා දැනුවත් කිරීමේ පොත් පිංචක්, ලිපි නිර්මානාත්මක ලෙස ප්‍ර‍කාශයට පත් කළ හැකි ය. ඒ සඳහා ආදර්ශයක් සැපයිය හැකි කෙටි චිත්‍ර‍ටයක් ද විකාශනය කළ හැකි ය. මේ සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. (මා දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව විශේෂවේදී සිව්වන වසරේ ශිෂ්‍යාවකි. මෙම විෂය යටතේ පර්යේසණ නිබන්ධනයක් සකස් කරමින් පවතී.)

BUDGET

98500

BY kaluarchchi371@gmail.com
0 Votes