Ideas

 We believe in the infinite potential of people. By creating a network of passionate people, we hope to inspire great ideas and find solutions to address burning social issues. 

Beyond The Frame අභිප්‍රේරණ වැඩමුළුව

The Problem

"මට පාඩම් කරන්න බැහැ. කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ. පාඩම් කරන්න වෙලාවක් නැහැ. පොත අතට ගත්තම නින්ද යනවා. පාඩම් කරන්න හිතෙන්නෙ ම විභාගයකට සතියක ට කලින්. පාඩම් කරන්න හිත හදා ගන්න බැහැ. පාඩම් කරන්න හරිහැටි තැනක් නැහැ. ගෙදර හරියට ශබ්ද බද්ද ! ගණිතය කියන්නේ හරි ම අමාරු විෂයයක්. මේ පාරත් ගණිතයට ලකුණු අඩුයි. ට ඉගෙන ගන්න බැහැ; මම හරිම දුර්වලයෙක්;හරිම අවාසනාවන්තයෙක්. මෙවැනි කාටවත් ම නොකියන, කිව්වත් විසදුම් නොලැබෙන, ලැබුණත් තමන් ට නොගැලපෙන දැවැන්ත ප්‍රශ්න රාශියකින් අප ගේ නංගිල මල්ලිලා පෙළෙන අතර මේවා ට සැබෑ විසදුම් නොලැබීම සැබෑ ගැටළුවකි.ආගමික ස්වරූපයේ විසඳුම්වලින් ආත්ම ශක්තිය තවත් හීනකරයි. පවතින අභිප්‍රේරණ වැඩසටහන් වියදම් අධිකය.

THE SOLUTION

අත්දැකීම් අතරින් ම කැලණිය සරසවියේ උපාධියට මනෝවිද්‍යා විෂයය ඉගෙන ගන්නා අතරතුරේ ම මට මෙන් ම මගේ යහළුවන් කිහිපදෙනෙකුට ම හිතුනේ මේ දැණුම ගැටලුව විසඳන්න ප්‍රායෝගික ව යොදා ගන්න බැරි ඇයි කියලා. උපාධියෙන් පස්සේ ජයවර්ධන සරසවිය ට අනුබද්ධ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපදේශනය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරද්දී මේ ආශාව හා බලාපොරොත්තු වැඩි වුණා. වැදගත් ම දේ විභාගයට මුහුණ දෙන අපේ පරපුර ට ඔවුන්ගේ හැකියාව ගැන ඇත්ත විශ්වාසයක් ඇති කිරීමයි. ඒ සඳහා නියාමක වැඩමුළුවක් විදිය ට කොළඹ දී වැඩමුළුවක් සාමාන්‍ය පෙළ ශිෂ්‍ය පිරිසක් ඉලක්ක කර ගෙන පවත්වන්න අපි තීරණය කළෙමු. තෝරා ගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 50කට අඩු සංඛ්‍යාවක් ඉලක්ක කර ගෙන මේ වැඩමුළුව පැවැත්වීම ට අදහස් කළෙමු. මෙම වැඩමුළුවේ දී කාලය කළමනාකරණයකර ගන්නේ කොහොමද, විවේකය ඵලදායි ලෙස ගතකරන්නේ කොහොමද, මතකය වැඩිදියුණු කරගන්නේ කොහොමද යන්න මෙන්ම තමා තුළ ඇති සෑම අසාර්ථකත්වයක්ම සාර්ථකත්වය සඳහා යොමු කරගන්නේ කොහොමද ආදි තේමා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු. සිසු මනස තුළ නව ප්‍රබෝධයක් ඇති වන ආකාරයෙන් සංගීතය, වීඩියෝ දර්ශන, ගීත. කණ්ඩායම් ක්‍රියාකාරකම් දේශන හා සාකච්ඡාවන් සමඟ යොදා ගැනීමට අපේක්ෂා කරමු.

BUDGET

150000

BY Sudarika
1 Votes

පවුල් සැලසුම සහ ජාතිවාදය

The Problem

ජනගහන වර්ධනය වර්තමානයේ ප‍්‍රධාන ගැට`ඵවක්ව වි පවතිනවා, ජාති ආගම් භේදයකින් තොරව එම ගැට`ඵවට උපත් පාලනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත. ලංකාව තුලද අනිසි ජනගහන වර්ධනය තුල සමාජ, ආර්ථික, සංස්කීතික, දේශපාලනික ගැට`ඵ වලට මුහුණ පෑමට සිදුව ඇත. එහෙත් උපත් පාලන විරෝධය ලංකාව තුළ ජාතිවාදි මුහුණුවරක් ගෙන ඇත. නමුත් උපත් පාලනය සීමා නොකිරීම තුළ මුසුලිම්, සිංහල, දෙමළ, බර්ගර් වේවා මේ සෑම ජන කොට්ඨාශයක්ම එයින් ඇතිවන්නාවු ප‍්‍රතිඵලයන් වලට සමව මුහුණු දීමට සිදුව තිබෙනවා. උපත් පාලනයට මතුව එන විරෝධතා සහ සමාජ, ආර්ථික, සංස්කීතික, දේශපාලනික ගැට`ඵ සමුම්ඛ සාකච්ඡුා මගින් වාර්තා චිත‍්‍රපටයක් මගින් පෙන්වීම

THE SOLUTION

ජාතිවාදය පසුබිම්කරගෙන වෛදයවරු සහ විවිධ සංවිධාන පර්හ්වයන්ගේ අදහස් හා උපත් පාලනය ප්‍රතික්ත්‍ෂ්ප කිරීම තුළ 1 මවට ඇතිවන කායික මානසික සහ ශාරිරික සෞඛ්‍ය ගැට`ඵ 2 අඩු වයසින් විවාහ වීම සහ නිසි පවුල් සැලසුමක් නොමැති වීම සහ ලිංගික අධ්‍යාපනය මද`කම හේතුවෙන් ඇතිවන අර්බුධ 3 නොමේරු දරු උපත් ඇති වීම 4 ගබ්සා වීම දරුවන් අතර නිසි වයස් පරතරයක් නොමැති තත්ත්ව තුළ දරුවන්ට පෝෂණ උණතා ඇතිවීම හා විවිධ රෝගි දරුවන් බිහිවීම 5 පවුල් අර්බුධ හා ආර්ථික ගැටඵ යනාදි තත්ත්වයන් පවුල් සෞඛ්‍ය නිළධාරිනි, වෛද්‍යවරයෙක් සමඟ සම්මුඛ සාකච්ඡා සහ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන හා දත්ත වාර්තා චිත්‍රපයටක් මගින් පෙන්වා උපත් පාලනය හා සබැදි දුර්මත ඉවත් කිරීමත් නිසි පවුල් සැලසුම සමාජ ප්‍රගමනයට ඇති දායකත්වය සමාජගත කිරිම

BUDGET

150000

BY shani
2 Votes

Monkey cafe for Denuwara

The Problem

Due to deforestation in the catchments of Yatinuwara and Udunuwara , monkeys have started invading the home gardens . Some of these monkeys are those troops captured and transported from the Dalada Maligawa premises. These monkeys were released in Pahala Kadugannawa by the Forest Dept. The monkeys are breeding rapidly and are encouraged by dumping of unregulated garbage. There is major damage done to fruit vegetable and coconut cultivation in the area by monkeys. Though it is against the Buddhist principles, some members of the communities have reacted by illegally shooting and electrocuting monkeys.

THE SOLUTION

Due to deforestation in the catchments of Yatinuwara and Udunuwara , monkeys have started invading the home gardens . Some of these monkeys are those troops captured and transported from the Dalada Maligawa premises. These monkeys which were to be released close to Mahaweli reservoirs were instead released in Pahala Kadugannawa by the Wildlife Dept. The monkeys are breeding rapidly and are encouraged by dumping of unregulated urban garbage. There is major damage done to fruit vegetable and coconut cultivation in the area by monkeys. Though it is against the Buddhist principles, some members of the communities have reacted by illegally shooting and electrocuting monkeys. Our youth group which is loosely affiliated to NetWwater ( Network of Women Water Professionals) has many young nature lovers who are also worried about the problems faced by small animals. Widespread illicit logging is causing problems in Denuwara catchments. As the catchments are felled the animal invasion of home gardens and urban areas will increase. The damage to home gardens will increase human –monkey conflict and reduce income for families . NetWwater has strong linkages with the Dept of Provincial education, Central Province especially Denuwara Educational Zone where they have supported marginalized schools with providing of Rain Water Harvesting tanks and school sanitation. They have also provided RWH systems for 26 hospitals in Central Province with the support of the Women for Water Partnership, Netherlands. NetWwater is negotiating with the Forest dept for getting permission for in the planting indigenous trees, fruit and spice trees in selected reserves to improve forest cover and expand food supply for small animals . Therefore we plan to collaborate to grow fruit trees in the catchments so that monkeys will be attracted back to the hill sides by a new food supply. We shall permanent tree crops such as jack fruit, soursap, guava and jambu to provide food for small animals. We have already carried out planting a nursery of 500 jak tree saplings which will be available for this particular activity. But more plants will have to be purchased as there is not enough time to grow them. We must collectively give an exposure to conservation for school children so that they become nature lovers. Therefore as hope to use this activity also to give a vision of environmentally sustainable development to school children so that they become inspired to become future custodians of nature. So we will link with the Denuwara Educational Zone of the Dept of Provincial education , Central Province to get assistance for tree planting . We also seek collaboration with the Lions Club Pilimatalawe to carry out an awareness campaign and distribute handbills on the Kadugannawa and Pilimatalawe pola days. We will collaborate with the existing community organizations and youth groups of the NYSC. We are also working in cooperation of the Sri Lanka Water Partnership and under direct supervision of NetWwater who give us technical assistance.

BUDGET

0

BY Lositha
11 Votes

Effective solution for urban household waste problem

The Problem

Poor waste management is one of the biggest problems faced by developing countries like Sri Lanka. When urban areas generate the biggest percentage of the municipal waste, they are the people who suffer most from this poor waste management. Even though the central government and municipals have taken some actions to manage these wastes by establishing new rules, such as collecting wastes only when they are separated, people don’t seem convinced by them. Because of these new rules and less efforts taken by people to separate wastes, it could be found that non separated wastes are dumped in some parts

THE SOLUTION

With the development of science and technology waste is considered as a resource at wrong place. When comparing to most of the developed countries and some developing countries Sri Lanka is still behind the line. People were trained to keep a mixed waste bag in front of their house for municipal workers to come and collect them. But with enforcement of new laws to separate wastes most of the people find it is much difficult than what they are used to. Therefore they dump the collected mixed waste illegally and this causes severe environmental problems. Waste can be categorized in to two. Bio degradable and non-bio degradable waste. Non-biodegradable wastes have the most severe impacts on the environment and 3R concept is the best way to reduce these impacts. Currently there are many organizations that recycle non-biodegradable wastes. But this recycling is only possible when they are properly separated. House is a place where every type of waste is generated. Therefore household waste must be properly separated. So our solution motivates people to separate the waste at its generating point and have some financial benefits from their wastes. Bio gas is a very popular renewable source of energy used in the world. This can be generated from the biodegradable organic wastes especially from food wastes. This produced bio gas contains some other gases other than the fuel which causes bad smell. We are designing a household bio gas unit which can be used for cooking purpose in urban areas. It can convert the food waste into fuel which doesn’t have this bad smell. This unit will have only minimal maintenance and will be a hybrid unit that can use both LPG and Bio gas. People can use LPG when bio gas is not being produced. There will be no wastes from this unit even the remaining sludge can be used as a fertilizer for home gardening. This will be a liquid organic fertilizer which has a very high productivity. People can reduce the money spent for cooking and could have some good quality organic fertilizer as the by product. We are confident that this will be a very worth concept and design that the society can get benefits from

BUDGET

150000

BY rifak
1 Votes

ශ්‍රව්‍යාබාධිත පාසල් දරුවන්ගේ සාක්ෂරතාවය වර්ධනය පිණිස සංඥා භාෂාමය ව්‍යාකරණ ඉගෙනුම් පොතක් සම්පාදනය කිරීම

The Problem

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සාමාන්‍ය පාසල් විෂය නිර්දේශයට අනුකූලව විධිමත් අධ්‍යාපනය ලබාදීමට හැකියාව ඇති ගුරුවරු සිටින්නේ 10 දෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් නිසා 99.9% ක් වූ සමස්ත ශ්‍රව්‍යාබාධිත සිසු දරුවන් 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය ආදි විභාගයන් සමත් වන්නේ අතේ ඇති ඇගිළි ගණකටත් අඩු ගණනකිනි. මෙම තත්වය 1912 සිට මේ දක්වාම සමස්ථ ශ්‍රව්‍යාබාධිත අධ්‍යාපන විභාග ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී අප හට පසක් වූ ප්‍රධානතම ගැටළුවකි.

THE SOLUTION

මේ සදහා විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපාධාරී ශ්‍රව්‍යාබාධිත ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල භාෂා සංවර්ධන පිළිබද විශේෂඥයන් හා එක්ව විධිමත් පර්යේෂණ මාලාවක් සිදුකල යුතුය. විශේෂයෙන්ම භාෂාව සංවර්ධනය කිරීමෙහිදී සිංහල භාෂාවට අදාල විභක්ති, නිපාත පද, නාම පද, ක්‍රියා පද ආදී සියල්ලටම විධිමත් ලෙස සංඥා භාෂා ඉදිරිපත්කිරීම් පර්යේෂණාත්මකව නිර්මාණය කොට අංග සම්පූර්ණ පොතක් හා ඩී.වී.ඩී තැටියක් වශයෙන් සංයුක්ත කොට ජාතික අධ්‍යාපන දෙපාර්මේන්තුව හරහා සමස්ථ ශ්‍රව්‍යාබාධිට්ත පාසල් සිසු දරුවන් වෙත බෙදාදීමයි.

BUDGET

97845

BY Ahanna
0 Votes

Capacity Building of Health & Physical Education Teachers to Ensure Effective Delivery of Lessons on Sex Education.

The Problem

Despite of the lessons included on sex education in the “Health and Physical Education” curriculum for the government school students, there is still a debate if students gain adequate knowledge about sex and reproductive health. It is understood that there are issues regarding the delivery of such lessons as well as issues regarding interaction between teachers and students proving that the knowledge which is available in the text books too is not properly transferred. This makes children with curiosity finding improper ways and means of seeking knowledge and exposure to sex education while making themselves vulnerable in many ways.

THE SOLUTION

It should be emphasized that the suggested knowledge in the text book should be appropriately selected, broaden accordingly and should be delivered with confidence followed by better teacher- student interaction. It is understood that there is a communication gap between students and teachers which is not bridged due to some failures in the process of communication. A randomly selected sample of 50 teachers who teach “Health and Physical Education” will be selected from Kandy district for the proposed project as beneficiaries.. A mini survey will be conducted to find out their current knowledge, attitudes and practices of teaching the subject matters related to sex education. A communication approach will be developed accordingly to address the issues identified from the survey as well as to activate healthy and effective two way communication between teachers and students in the teaching and learning process. The project will basically include capacity building of teachers to encourage effective delivery of lessons related to sex education. This would hopefully result in teachers delivering lessons related to sex education confidently maintaining a good rapport with students. Furthermore the project will focus on required knowledge to be transferred to the students depending on current social background and would support teachers to find and realize ways to transfer necessary knowledge successfully. This may include knowledge which is not included in the syllabus but still be useful to the students to protect themselves from the threats and to understand and react wisely to the things happening around them. This would help to minimize students being vulnerable to different kind of abuses due to lack of knowledge and understanding. Students who follow masters in Development Communication will support the project as resource persons. Moreover the support of a lecturer from a university and a psychiatric counselor will be gained to make the project more successful.

BUDGET

110000

BY lasni
8 Votes

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දකිමු.

The Problem

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා එ හා සම්බන්ද නීතිමය පසුබිම පිලිබඳ ඇති අවම දැනුවත්භාවය

THE SOLUTION

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් දුෂ්කර පාසල් 10 ක 8 ශ්‍රේණියෙන් ඉහල ළමුන් ඉලක්ක කරගෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිලිබඳ අධ්‍යාපනික නාට්‍යානුසාරයෙන් ළමුන් දැනුවත් කිරීම. මෙහිදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද, එහි ප්‍රති විපාක හා එ සඳහා ඇති නීතිමය පසුබිම පිලිබඳව ළමුන්ගේ දැනුම හා ආකල්පමය වෙනස් කමක් ඇති කිරීම ප්‍රධාන අරමුණ වේ. නාට්‍යය පෙන්වීමට පෙර හා පසු ළමුන්ගේ දැනුම හා ආකල්පමය වෙනස ප්‍රශ්නාවලියක් ආධාරයෙන් පරීක්ෂා කිරීම මඟින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා එ සම්බන්ධ හේතු පිළිබඳව ළමුන්ගේ දැනුවත්භාවය පිලිබඳ නිගමනයකට පැමිණීම අනෙක් අරමුණ වේ.

BUDGET

75000

BY Samudi
0 Votes

පොලිෂ් නැති “කඩ්ඩ” තවමත් ඇණයක්ද?

The Problem

2015 වර්ෂයේ (සාමාන්‍ය පෙළ) විභාගයේ ඉංග්‍රීසි ප්‍රතිඵල විශ්ලේෂණයේදී බහුතරයක්‌ ඉංග්‍රීසි අසමත් වී ඇත. * ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි සංඛ්‍යාව - 272576 * අසමත් සංඛ්‍යාව - 148834 * අසමත් ප්‍රතිශතය - 54.60% * සමත් ප්‍රතිශතය - 45.40% සමත් වූවන්ගෙන් බහුතරය නගරවල හා ජනප්‍රිය පාසල්වල දරුවන් ය. පාසල් හා පෞද්ගලික ඉංග්‍රීසි ගුරු භවතුන්ගේ පිහිටෙන් සමත් වී ඇති මෙම ප්‍රමාණය සුළුවෙන් සිතිය යුතු නොවේ. තාක්‍ෂණ මෙවලම් බහුල යුගයක, රජය අවශ්‍ය යටිතල පහසකම් සපයා තිබියදීත් මෙතරම් ප්‍රමාණයක්‌ අසමත්වීම විමසා බැලිය යුතුය.නමුත් ඉංග්‍රීසි භාෂාව අදවනවිට තරුණයන්ට විශාල අභියෝගයක් බවට පත්වී ඇත. ඉංග්‍රීසි ඉගනීම පාසලේ සිට පෞද්ගලික ආයතනය දක්වා දිවයන්නක්ද වේ. නමුත් පාසල් අධ්‍යාපනය තුලද ඉංග්‍රීසි අධ්‍යාපනය පාසල් පෙළපොතට පමණක් සීමා වී ඇත. එබැවින් ප්‍රමාණවත් අධ්‍යාපනයක් පාසල තුලින් ලබා ගත හැකිද යන්න විවාදපන්න කාරණයක්ය. පෞද්ගලික ඉංග්‍රීසි පංතිවලට වැටකඩොලු නැත. ඔහුගේ ඉගැන්වීම් කටයුතු අධීක්‍ෂණය කරන්නට කවුරුවත් නැත. සුදුසුකම් ලත් ගුරුවරයෙක්‌ යන්න විමසා නොබලයි. තම පංතියට ළමුන් බිලි බා ගැනීමට විවිධ ක්‍රමෝපායන් යොදයි. නොමිලේ ලිපි ද්‍රව්‍ය ලබා දේ. නොමිලේ ශබ්දකෝෂ ලබා දේ. ශිෂ්‍යත්ව ප්‍රදානයන් ද ලබාදෙන බව පවසයි. වර්ණවත් දැවැන්ත පෝස්‌ටර් ඉදිකෙරෙයි. මාස 3 න්, මාස 6 න් ඉංග්‍රීසි උගන්වන බව දන්වමින් වර්ණවත් අත් පත්‍රිකා බෙදා දෙයි. මේ සියල්ල වානිජ පරමාර්ථ ඇතිව පැවැත්වෙන ආයතන බව බොහෝ දෙමාපියෝ නොදනිති. ඉංග්‍රීසි භාෂාව වැනි විෂයකට අමතර පංතියකට යැමේ වරදක්‌ නොපෙනේ. නමුත් මෙම පෞද්ගලික ආයතන පිළිබඳවද විශ්වාසය තැබිය නොහැකිය. වර්තමාන සමාජයතුළ ඉංග්‍රීසි අධ්‍යාපනය යනු වැඩි වශයෙන් මුදල් ඉපයිය හැකි වෙළදාමක් බවට පමනක් පත්වී තිබීම නිසා මූලික අරමුණින් එම ආයතනද වියුක්ත වී ඇත. අවසානයේ ඉංග්‍රීසි ඉගැනීම සඳහා තැනින් තැනට යාමෙන් තමා තුල පැවතී දැනුමත් නැතිකර ගනිමින් මුදල් සහ කාලයද නැතිකර ගැනීම පමණක් සිදුවේ.

THE SOLUTION

අධ්‍යාපනය යන්න පිළිබඳව විවිධාකාරයේ නිර්වචන රැසකි. අප්‍රිකානු මාසායිමාරා ගෝත්‍රික කියමනක් මෙහිදී සඳහන් කිරීම වටී.එනම් “ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් -ධාන්‍ය වපුරන්න.ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් -ගස් සිටුවන්න.ඔබ සැලසුම් කරන්නේ ජිවිත කාලයටනම් -ජනතාවට අධ්‍යාපනය දෙන්න.” සොබා දහම හෙවත් ප්‍රකෘතිය ඉදිරියේ අසරණ නොවී ජීවත් වීම සඳහා සකලවිධ මිනිස් වර්ගයා විසින් එදා මෙදා තුර සොයා ගන්නා ලද දැනුම, ආකල්ප හා කුසලතාවන්ගේ සමස්ත එකතුව අධ්‍යාපනය නමින් හැඟවිය හැකිය. අද දවසේදී 3 ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්‌වා දෙවැනි භාෂාවක්‌ ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම සියලු රජයේ පාසල්වල සිදු කෙරේ. නූතන තාක්‍ෂණ ලෝකයක ජීවත් වන අපි සියලුදෙනාට ඉංග්‍රීසි දැනුම ඇවසීය. ජාත්‍යන්තර භාෂාවක්‌ ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම යුගයේ අවශ්‍යතාවකි. විශ්වවිද්‍යාලවල බොහෝ පාඨමාලා හැදෑරීමට සිදුවන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ජාත්‍යන්තරය සමඟ ගැටීමට ඉංග්‍රීසිය මෙවලමකි. "කඩුව" යන වචනය ඉංග්‍රීසි භාෂාවට යෙදී ඇත්තේ එබැවිනි. වර්තමානයේ තරුණ අසහනය වර්ධනයට බලපාන ප්‍රදානම හේතුව වන්නේ විරකියාවයි. විරැකියාව සඳහා බලපාන ප්‍රධානතම හේතුව ඉංග්‍රීසි අධ්‍යාපනයයි. වර්තමාන ලෝකය එකම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති අතර එයට ඇතුළු වීමේ යතුර ඉංග්‍රීසි භාෂාවයි. වර්තමානයේ රැකියා වෙළඳ පොලෙහි වැඩි ඉල්ලුමක් ඇත්තේ ඉංග්‍රීසි භාෂා දැනුම ඇති පුද්ගලයන් සඳහාය. උපාධියක් තිබුනද ඉංග්‍රීසි දැනුම නොමැති නම් එහි වටිනාකම නිරායාසයෙන්ම අඩුවී යයි.විරැකියාව වර්ධනය වන්නේ මේ නිසාය. මේ අනුව ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම සහ අවශ්‍යතාවය පැහැදිලිවේ. මෙම අභියෝග ජය ගැනීම සඳහා මා යෝජනා කරන්නේ මෙවන් ක්‍රමයක්ය. වර්තමානයේ තරුණ පරපුර අන්තර්ජාලය හා පවත්වන සම්බන්ධතාවය ඉතාමත් සමීප වේ. ඒ සඳහා දවසේ වැඩි කාලයක්ද යොදවනු ලැබේ. අන්තර්ජාලය තුල ඉංග්‍රීසි ඉගනගැනීම සඳහා විවිධ වෙබ් පිටු පවතින අතර ඒවා විසිරි පවතින බැවින් තරුණයන්ගේ අවධානය ඒ සඳහා යොමු වන්නේ මද වශයෙනි. එම ගැටලුවට මා ලබා දෙන විසදුම වන්නේ “ මේ ආකාරයට විසිරි ඇති ඉංග්‍රීසි පාඩම් ඇතුලත් වෙබ් පිටු ඒකරාශී කරමින් එකම වෙබ් පිටුවක් නිර්මාණය කිරීමයි.” උදාහරණයක් ලෙස ගත්විට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් 12 ඉගන ගැනීම සඳහා link 12 එකම පිටුවක ලැයිස්තු ගත කල හැකිය. මේ නිසා එකම වෙබ් පිටුවක් තුලට පිවිසීම තුලින් තමන්ට අවශ්‍ය ඕනෑම ඉංග්‍රීසි පාඩම් මාලාවක් හැදෑරීමට හැකිය. තවද ඉංග්‍රීසි පාඩම් ඇතුලත් වීඩියෝ ඇතුලත් කිරීමද කල හැකිය. මේ අනුව ඉංග්‍රී සිදැනුම ඇති ගුරුවරුන්ද සහාය කර ගනිමින් ඒ අය සමග සාකච්ජා කර අන්තර්ජාලය හරහා ඉංග්‍රීසි ඉගනගත හැකි මාර්ග ලැයිස්තු ගත කිරීමට අපේක්ෂා කෙරේ.මේ නිසා විවිධ වංචනික කඩ වලට හසු නොවී තමන්ටම තමන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට එකම වෙබ් පිටුවක් හරහා හැකියාව ලැබේ.

BUDGET

85000

BY Lakmee nilanka.
0 Votes

විද්‍යාඥයකු වීමේ ගමන් මගක ඇරඹුම

The Problem

අපේ කණ්ඩායම සමන්විත වන්නේ නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි, නව නිපැයුම් පර්යේෂණායතනයක් හිමි, ජනාධිපති සම්මාන ලැබූ අය පවා සිටින පවුලක කණ්ඩායමකි. නව නිපැයුම් සඳහා අනාගත පරපුර යොමු කර ගැනීමේදී ඔවුන්ට මගපෙන්වීමක්, උපදෙස් හා පසුබිම අවශ්‍යය. ඔවුන්ට මගපෙන්වීම් සහ ක්‍රියාකාරී තත්වයකට නිපැයුම ගෙන ඒම සඳහා workshop සහ තාක්ෂණික පහසුකම් සහ උපදෙස් අවශ්‍යය. මෙහි අරමුණ බුද්ධිමත් ළමයින්ගේ නව නිර්මාන කුසලතා එළිදක්වා, ඔපමට්ටම් කර, ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට උදව් කිරීමයි

THE SOLUTION

මතුගම ප්‍රා.ලේ. කොට්ඨාසයේ පාසල්වල නවයොවුන් ළමයින්ට නව නිපැයුමක් යනු කුමක්ද, අලුත් අදහසක් ගොඩනගා ගන්නේ කෙසේද යන කරුණු හඳුන්වා දෙන්න ඉදිරිපත් කිරීමක් කරනු ලැබේ. ඒ සඳහා අප විසින් සම්මාන දිනාගෙන තිබෙන නිර්මාන හා ඒ සඳහා පසුබිම් වුණ අත්දැකීම් කියා දෙනු ලැබේ. (අපේ නව නිපැයුම්: පේටන්ට් හිමි ස්වයං ශක්ති විදුලි උත්පාදන යන්ත්‍රය, ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා විසඳුම්, රෙදි නොපිච්චෙන විදුලි ඉස්තිරික්කය, ලියකියවිලි ආරක්ෂා කර ගත හැකි කඩදාසි නොපිච්චෙන තීන්ත, ව්‍යාජ මුදල් හඳුනාගත හැකි මුදල් පසුම්බිය, දුරස්ථ පාලක ජංගම ආලෝක සංඥා පුවරුව වැනි) එමගින් තෝරා ගන්නා නව නිපැයුම් අදහස් ඇති නව යොවුන් ළමයින් 25කට ඔවුන්ගේ නව නිපැයුම් අදහස් වර්ධනය කර ගන්නට, නිපැයුම් සැලසුම් කර ගන්නට, ඒවා නිෂ්පාදනය කරන්නට, අත්හදා බලන්නට, වැඩිදියුණු කරන්නට, තරගවලට ඉදිරිපත් කරන්නට, ජාත්‍යන්තර තලය දක්වා යන්නට, බුද්ධිමය දේපල හිමිකම් ලබා ගන්නට ආදියට උදව් කරනු ලැබේ. සමාජයට වැඩදායී ප්‍රායෝගික නව නිපැයුම් කිරීම සඳහා workshop සහ තාක්ෂණික පහසුකම් සහ උපදෙස් ලබා දෙනු ලැබේ.

BUDGET

110000

BY Sandali
1 Votes